දැනට පනවා ඇති ඇඳිරි නීතිය අගහරුවාදා පෙරවරු 6 තෙක් බලපැවැත්වුණද හෙට (23) අලුයම 4 සිට සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත.
රට පුරා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ජනතාව වෙත ලබා දීම මෙහි අරමුණ වී ඇති බව දැනගන්නට තිබේ.
මීට අමතරව හෙට දිනයේ අලුයම හතරේ සිට ආර්ථික මධ්‍යස්ථාන වෙත සියලුම ලොරි රථ ඇතුළු කිරීමට අවසර ලබා දීමටත්, ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීමටත් ආණ්ඩුව පියවර ගෙන ඇත.
එමෙන්ම අස්වනු නෙළීමට සිටින ගොවි ජනතාවට සහ වගා කිරීමට සූදානමින් සිටින ගොවි ජනතාවට ඇදිරි නීතිය බාධාවක් කොට නොගෙන තම කටයුතු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කිරීමටද ආණ්ඩුව අවසර ලබා දී ඇත.








