• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැයට කිලෝමීටර් 150කට වැඩි වේගයකින් බෝලේ විසිකරලා කෝලිට සීයෙ ඒවා ගහන්න උදව් කරපු-ලංකාව කිසිම වැඩක් නොගත්තත් ඉන්දියාව උපරිමයෙන් වැඩ ගත්තු කව්ද මේ ලංකාවේ ‘බව්වා’! I Sri Lanka Latest News

November 6, 2023
in Exclusive
Reading Time: 14 mins read
A A
පැයට කිලෝමීටර් 150කට වැඩි වේගයකින් බෝලේ විසිකරලා කෝලිට සීයෙ ඒවා ගහන්න උදව් කරපු-ලංකාව කිසිම වැඩක් නොගත්තත් ඉන්දියාව උපරිමයෙන් වැඩ ගත්තු කව්ද මේ ලංකාවේ ‘බව්වා’! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව සමග එක්දින තරගාවලියේ අවසන් තරගයෙන් පසු සුපිරි ක්‍රීඩක විරාට් කෝලි හරි අමුතු කතාවක් කිව්වා.Sri Lanka Latest News

ඒ තමයි තමන්ගෙ ක්‍රිකට් දිවියේ වත්මන් සාර්ථකත්වයට හේතු පුද්ගලයින් තිදෙනෙක් ගැන.

ඒ අතර කියවුණු නමක් තමයි නුවන් සෙනෙවිරත්න.

එහෙම කිව්වට නම් ගොඩක් අය දන්නෙ නෑ.

හැබැයි “බව්වා” කිව්වම මේ වෙනකොට ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම නොදන්න කෙනෙක් නැති තරම්.

ලෝකෙම කතා වෙන ශ්‍රී ලංකාවට අගයක් නැති වුණු කවුද මේ බව්වා.

මේ කතාව මේ දවස් වල හැමෝම හොයන ඒ වගේම කතා වෙන බව්වා ගැන.

නුවන් සෙනෙවිරත්නගෙ පාසල් කාලය එතරම් සුන්දර එකක් වුණේ නැහැ.

මේ නිසාම පාසලෙන් අස්වුනාට පස්සෙ නුවන් මැද පෙරදිගට යනවා රස්සාවක් කරන්න.

ඒකත් හිතුව තරං සාර්ථක නොවුන නිසා ඔහුට සිද්ධ වෙනවා ආපහු ලංකාවට එන්න.

ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණ කැමත්ත නිසාම නුවන්ට අවස්තාව හිමිවෙනවා CCC ක්‍රිකට් සමාජයේ දෙවන පෙල කණ්ඩායමට ක්‍රීඩා කරන්න.

අවසානයේ නුවන් පලමු පෙල තරග දෙකක් ක්‍රීඩා කලත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඉදිරියට යන්න තරං ඔහු වාසනාවන්ත වුණේ නෑ.

මේ නිසා ජීවත් වෙන්න යලිත් සටනක් දෙන්න නුවන්ට සිද්ධ වුණා.

කාර්‍යාල වෑන් රථ රියදුරෙකු ලෙස කටයුතු කල ඔහු සෑම දිනකම සේවකයින් උදේට කොළඹට ප්‍රවාහනය කරලා හවසට යලිත් ඔවුන්ව සිය නිවෙස් වලට ඇරලවලා තියෙනවා.

නුවන් තමන්ගෙ වෑන් රථය හවස් වෙනකල් පාක් කරන් ඉදලා තියෙන්නෙ කොළඹ NCC ක්‍රීඩාංගණය අසල හොඳ හෙවනක් තියෙන ගහක් යට.

නිකං කම්මැලි කමට ඉන්නකොට නුවන් කරපු වැඩක් තමයි NCC ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරපු ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙ පුහුණුවීම් දෙස බලා උන්නු එක.

ඒ වෙනකොට A කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වෙලා හිටියෙ මනෝජ් අබේවික්‍රම.

ක්‍රිකට් වලට තිබ්බ ආසාව නිසාම නුවන් මොකද කලේ හෙමින් හෙමින් මනෝජ් එක්ක හිතවත්කමක් ගොඩනගා ගත්තා.

ඒ විතරක් නෙවෙයි පන්දු රැකීමේ අභ්‍යාස වලදි මනෝජ්ට උදව්කරන්නත් පටන් ගත්තා.

වැඩිකල් නොගොස් නුවන්ගෙ හැකියාව ගැන හැමෝම කතා වෙන්න පටන් ගත්තා.

නුවන් එහෙමත් නැත්නම් බව්වා කලේ පිතිකරුවන්ට පහරදීම සදහා පන්දුව වීසිකරපු එක.

ඒකට බව්වාගේ වමත ඉතාමත් ශක්තිමත් වූ අතර ඔහු විසි කල පන්දුවක වේගය 145kmph-150kmph අතර අගයක් ගත්තා.

කොහොමින් කොහොම හරි බව්වා ගැන දැනගත්ත ක්‍රිකට් බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බදවා ගත්තා.

ඔහුගේ වෘත්තීය ගමන ආරම්භ වන්නෙ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ කාර්‍ය මණ්ඩල සාමාජිකයෙක් විදියට.

2016 වසරේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී බව්වා ශ්‍රී ලංකා පුහුණු කාර්‍ය මණ්ඩලය සමගින් එකතු වෙනවා.

ඒ සහාය පන්දු රැකීමේ පුහුණුකරු ලෙස.

එම සංචාරයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් නිරීක්ෂණය කලේ එංගලන්ත කණ්ඩායම සිය පුහුණු සැසි වලදී Sidearm මැෂින් එක වැඩිපුර භාවිත කරන බවයි.

මෙම උපකරණය මගින් පිතිකරණ පුහුණුවීම් වලදී පන්දුවේ වේගය ,දෝලනය ,නිරවද්‍යතාව,ඉපිලීම වැනිදේ ඉතාමත්ම නිවැරදිව සිදුවන බවත් ඔහුට පෙනී ගියා.

මේ සදහා සුදුසුම පුද්ගලයා නුවන්. සෙනෙවිරත්න හෙවත් බව්වා බව ෆෝඩ්ගේ නිගමනය වුණා.

අවසානයේදී බව්වා Throw Down Specialist කෙනෙක් විදියට එහෙමත් නැත්නම් පන්දුව විසිකිරීමේ විශේෂ හැකියාවක් ඇති අයෙක් විදියට ක්‍රීඩකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වුණා.

බව්වා පැය ගණන් කිසිම වෙහෙසක් බල්න්නෙ නැතුව ක්‍රීඩකයින්ට පිතිකරණ පුහුණුව සදහා පන්දුව විසී කලා.

හැබයි බහුතරයක් ක්‍රීඩකයින් බව්වා වීසිකරන පන්දු වලට මුහුණදෙන්න එතරම් කැමැත්තක් දැක්වුයේ නැහැ.

ඒකට හේතුව තමයි ඒ වෙනකොට ඔහු 150kmph වලට වඩා වැඩි වේගයකින් බෝලෙ විසි කිරීම.

මේ වෙනකොට ඒ වේගය කියවා ගන්න බැරිවුණු බොහෝ ක්‍රීඩකයින්ට සිද්ධ වුනේ තමන්ගෙ ඇගේ තැන් තැන් වල වැදුණු බව්වා වීසි කල පන්දුවට දෙස් දෙවොල් දෙන්න.

වැඩිහරියක් ක්‍රීඩකයින් මේ නිසාම බව්වාගෙ පුහුණු සැසි මගහරින්න පටන් ගත්තා.

ඒත් සංගක්කාර,මහේල,චන්දිමාල්,මැතිව්ස් වගේ ක්‍රීඩකයින් නම් බව්වාගෙන පැය ගණන් වැඩ ගත්තා.

හැබයි බව්වාත් කිසිම මහන්සියක් නැතුව තමන්ගෙ ජොබ් එක හරියටම කලා.

කොහොම නමුත් 2017 වසර අග භාගයේදී බව්වා එවක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධන පුහුණුකරු රොමේෂ් කලුවිතාරණ සමග මත ගැටුමක් ඇතිකර ගන්නවා.

ඒක ගොඩක් දුරදිග ගෙනිච්ච කලුවිතාරණ අවසානයේ බව්වා නොහොත් නුවන් සෙනෙවිරත්නට තමන්ගෙ රස්සාව පවා අහිමිවන තැනට පත් කරවනවා.

ඒකට සමහරක් ක්‍රීඩකයිනුත් උල්පන්දම් දුන්නෙ ඔහුගෙ පුහුණු සැසි ඒ වනවිට ඔවුන්ට හිසරදයක්ව පැවති නිසාවෙන්.

ඒ වෙනකොට නුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හරිහමන් වැටුපක්වත් ගෙව්වෙ නෑ.

මේ වෙනකොට බව්වගෙ මේ විස්මිත හැකියාව ගැන අසල්වැසි ඉන්දියාව ඇහැ ගහගෙනයි හිටියෙ.

2018 වසරෙ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරපු සංජේ බංගා දවසක් නුවන්ට කෝල් එකක් අරන් අහනවා කැමතිද ඉන්දීය කණ්ඩායමත් එක්ක එකතු වෙන්න කියලා.

ඒ විතරක් නෙවෙයි අහක දාන්න බැරි හොද ඔෆර් එකකුත් දෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දුන්න වගේ දස ගුණයකටත් වඩා වැඩි පඩියක් එක්ක සියලු පහසුකම් එක්ක ඉන්දියාවේ නවාතැන් පහසුකම්.

ඒ වෙනකොට තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වුණු කෙනෙහිලිකම් ගැන බව්වා හොදටම කලකිරිලා හිටියෙ.

මේ නිසාම බව්වා තීරණය කරනවා තමන්ව වටින්නෙ නැති තමන්ට වටිනාකමක් දෙන්න අසමත් අකමැති මිනිස්සු අතහැරල තමන්ට වටිනාකමක් දෙන්න හදන මිනිස්සු ලගට යන්න.

ඒ අනුව ඔහු 2018 වසරෙදි ප්‍රබල ඉන්දීය කන්ඩායමේ පුහුණු කාර්‍ය මණ්ඩල සාමාජිකයෙක් විදියට වැඩ පටන් ගන්නවා.

එතනදිත් බව්වට සිද්ද වුනේ ලෝක පූජිත ඉන්දීය පිතිකරුවන් රැසකට පන්දුව විසි කරන්න.

ඒ අතර විරාට් කෝල්,මහේන්ද්‍ර සිං දෝනි,රෝහිත් ශර්මා,කේ.එල්.‍රාහුල්,චේතේශ්වර් පුජාරා,සුරේශ් රෙයිනා,රවීන්ද්‍ර ජඩේජා වගේ ක්‍රීඩකයිනුත් හිටියා.

එක දවසක් පුහුණු සැසියක් අතර තුර බව්වා විසි කල පන්දුවක වේගය කියවා ගන්න බැරි වුණ නිසා ඒ පන්දුව විරාට් කෝලිගෙ ඉල ඇට ප්‍රදේශයේ වදිනවා.

ඒ වෙනකොට ඒ විසි කිරීමේ වේගය සටහන් වෙලා තිබුණෙ පැයට කිලෝමීටර් 150කට ආසන්න අගයක.

ඒ වෙලාවෙ බව්වා කෝලි ලගට ගිහින් සමාවෙන්න කිව්වත් කෝලි කියල තියෙන්නෙ නෑ..නෑ..එකට කමක් නෑ තවත් හයියෙන් බෝලෙ විසි කරන්න කියලා.

කාලයක් තිබුණා ප්‍රබල ඉන්දීය පිතිකරුවන් වමත් වේග පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වෙච්ච.

මචෙල් ස්ටාක්,මුස්ටෆිසුර් රෙහෙමාන්,ට්‍රෙන්ට් බෝල්ට්,වහාබ් රියාස් ඒ අතරින් ප්‍රධාන වුණා.

ඒ වමත් භීතිකාවෙන් ඉන්දීය පිතිකරුවන් ගලවා ගත්තෙ ශ්‍රී ලංකාවෙ නුවන් සෙනෙවිරත්න හෙවත් බව්වා.

ඒකයි විරාට් කෝලිගෙ සාර්ථකත්වය පිටුපස ඉන්න කෙනෙක් විදියට ලංකාවෙ බව්වව හදුන්වලා දෙන්නෙ.

දැන් අවුරුදු 5කට ආසන්න කාලයක් නුවන් ඉන්දීය පිතිකරුවන්ට බෝලෙ වීසි කරනවා.

සමහරක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වගේ ඉන්දීය පිතිකරුවන් ඔහුගේ වේගය ගැන පැමිණිලි කරන්න යන්නෙ නෑ.

ඔවුන් කරන්නෙ දවසින් දවස වැඩිවෙන බව්වගෙ වේගයට හුරුවෙන එක.

ඒකනේ මොන තරං වේගයකින් එන බෝලෙකට වුනත් ඉන්දීය පිතිකරුවන් හතරෙ ඒවා හයේ ඒවා ගහන්නෙ.

ලංකාවෙ සම්පත් ලංකාවට වටින්නෙ නැති වුනාට ඒවා වෙන රටවල මිනිස්සුන්ට වටිනවා.

අනිත් දේ තමයි හැකියාවක් කැපවීමක් තියන මිනිස්සුන්ට හරිහමන් වටිනාකමක් දෙන්නත් වෙන රටවල මිනිස්සු දන්නවා.

ඒකට හොඳම උදාහරණයක් තමයි නුවන් සෙනෙවිරත්න හෙවත් බව්වා.

මේ එක කතාවක් විතරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෞද්ගලික කෝන්තර නිසා ක්‍රිකට් ක්‍රීඩාවට අහිමි වුණ මානව සම්පත්
බොහොමයක් තියෙනවා.

ඉඩක් ලැබුණම ඒවත් ලියන්නම්.

උපුටාගැනිමකි

SendShareShare
Previous Post

ගෝඨාගේ ආණ්ඩුව සීනි බද්ද අඩු කරලා බිලියන ගාණක ගැහිල්ලක් ගැහුවා! මේ ආණ්ඩුව සීනි බද්ද වැඩි ‌කරලා එක රැයින් කෝටි 100ක ගැහිල්ලක් ගහලා! නොනවතින රැල්ලෙන් ලංකාපුර දරුවන්ට 44 වැනි ස්මාර්ට් පන්ති කාමරය පරිත්‍යාග කරමින් අලුත්ම සීනි වංචාව විපක්ෂනායක රටට හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ඇමැති රොෂාන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරන වැඩේ ජනාධිපති දැනගෙන ඉඳලා නෑ! සාමාජිකයන් කව්ද කියලා දන්නෙත් නෑ! අද හවස කැබිනට් එකේදි වැඩේ ඇදෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.