• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ වසරේ මාර්ග අනතුරුවලින් දැනටමත් ළමුන් 115ක් මැරිලා! මාර්ග අනතුරු-මරණ-ආබාධිත වීම් පාලනයට ඉහළ පෙළේ කමිටුවක්! ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සමුළුවේදී අනාවරණයක්! PHOTOS I Sri Lanka Latest News

November 2, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
මේ වසරේ මාර්ග අනතුරුවලින් දැනටමත් ළමුන් 115ක් මැරිලා! මාර්ග අනතුරු-මරණ-ආබාධිත වීම් පාලනයට ඉහළ පෙළේ කමිටුවක්! ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සමුළුවේදී අනාවරණයක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.Sri Lanka Latest News

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති “Safe Roads – Safe Children” ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සමුළුව-2023 අමතමිනි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වන විශේෂඥ කමිටුව විසින් මෙය සංවිධානය කර තිබිණි. මාර්ග අනතුරුවලට ලක් වීමෙන් ළමුන්ට මුහුණ දීමට සිදුවන වැළැක්විය හැකි මරණ සහ ජීවිත කාලය පුරාවට ආබාධිත තත්ත්වයට පත් වීම අවම කිරීම මෙවර සමුළුවේ දී මූලික අවධානයට ලක් වූ අතර ඒ වෙනුවෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, නීතිය හා සාමය ආදි ක්ෂේත්‍රයන්හි කාර්යභාරය පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාගල රත්නායක මහතා මෙසේද පැවසීය.

මේ අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනාව ලැබෙන විට මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිතවීම් වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටියා. නමුත් මේ සඳහා ජනාධිපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් හෝ ජනාධිපතිවරයා විසින්ම පත් කරන ලද ඉහළ පෙළේ කමිටුවක් පිළිබඳව ඔබ අපගේ අවධානය යොමු කර තිබෙනවා.
මෙහිදී ගැටලු රැසක් දක්නට ලැබෙනවා. පළමුවැන්න වන්නේ නොසැලකිළිමත්ව රිය පැදවීමයි. අනිත් කරුණ වන්නේ අප භාවිතා කරන ත්‍රීරෝද රථ වැනි ඇතැම් වාහන නිසි ආරක්ෂිත ප්‍රමිතීන්ට නොගැළපීම. නමුත් අප මෙම අභියෝගය ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අපට එක රැයකින් ත්‍රීරෝද රථ තහනම් කරන්න බැහැ. බොහෝ ජනතාවගේ ජීවනෝපාය වි ඇත්තේ ත්‍රිරෝද රැකියාවයි. එසේම බොහෝ පිරිසකගේ ප්‍රවාහන අවශ්‍යතාව ඒ මත රඳා පවතිනවා. එම නිසා රටේ ආර්ථිකය දියුණු මට්ටමට පැමිණෙන තුරු ත්‍රීරෝද රථ වඩාත් ආරක්ෂිත වාහනයක් බවට පත් කිරීමට සැලැස්මක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා.

එසේම මාර්ගවල තත්ත්වය පිළිබඳව ද අප අවධානය යොමු කළයුතුයි. අපේ රටේ මාර්ග පද්ධතිය එතරම් දියුණු තත්ත්වයක නැහැ. දකුණු අධිවේගී මාර්ගය ගත්තොත් අධික වර්ෂාව සමඟ එය ජලයෙන් පිරී යනවා.
ඔබේ වාහනයේ කිසියම් ගැටලුවක් තිබෙනවා නම් හෝ ඔබට වාහනය ධාවනය කරන විට නිදිමතක් දැනෙනවා නම්, ඒ සඳහා විශේෂ වු වාහන නැවැත්වීමේ මංතීරු තිබෙනවා නම් ඔබට ටික වෙලාවක් නැවතී සිට ඔබේ ගැටළුව විසඳාගැනීමට හැකියාවක් තිබෙනවා. එවිට අවදානමක් ඇතිවෙන්නේ නැහැ.
ඒ වගේම අනතුරු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදීත් ප්‍රශ්න මතු වෙනවා. ඔවුන්ට සිටින කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම සහ උපකරණ හා තාක්‍ෂණය නොමැතිකම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. නමුත් මේ සියල්ල නිවැරදි වන තුරු අප බලා සිටියහොත් තවදුරටත් මෙම ප්‍රශ්න සංකීර්ණ වෙනවා.
එසේ නම් අපට මේ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන සැලසුම් තිබිය යුතුයි. මෙම කාර්යය භාර ගනු ලබන කමිටුව විසින් සලකා බැලිය යුතු කරුණු රැසක් තිබෙනවා.
වාහන ආනයනය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළා. අපට වාහන ආනයනය පිළිබඳ විවෘත ප්‍රතිපත්තියක් තිබිය යුතුද, නැතහොත් වාහන ආනයනය සඳහා සෑම වසරකම නිකුත් කරන නිශ්චිත බලපත්‍ර ප්‍රමාණයක් පවතින සිංගප්පූරුවේ තිබෙන ක්‍රමයට සමාන ක්‍රමවේදයකට අප යා යුතුද යන්න එමඟින්‍ සොයා බැලෙනවා.
ඒ වගේම මාර්ගවල ධාවනය වන වාහන ප්‍රමාණය තිරසරව පවත්වාගෙන යාම සඳහා යම් ප්‍රමාණයක් වාහන රටින් පිට කිරීමද සිදු කළ යුතුයි. එවිට සාම්ප්‍රදායික ඩීසල් හෝ පෙට්‍රල් වාහනවලට සාපේක්ෂව විද්‍යුත් වාහන භාවිතා කිරීම පිළිබඳව ද අප සලකා බැලිය යුතුයි. මෙහිදී ඉදිරි ආර්ථික තත්ත්වය සහ මාර්ගවල තත්ත්වය වැනි විවිධ කරුණු පිළිබඳවද අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම මාර්ග අනතුරු යන කාරණය ද මෙහිදී වැදගත් වෙනවා. මේ අනුව අදාළ සැලසුම් සකස් කිරිමේ දී මෙම කමිටුවට මේ සියලුදෙනා සමග සාකච්ඡා කිරීමට සිදු වේවි.
මෙහිදී සියලුදෙනාට පුළුල් කාර්යභාරයක් පැවරෙන අතර ඒ සඳහා සුදුසුම කාලය මෙය බව ද මම විශ්වාස කරනවා.
මේ අනුව මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇතියි.
මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වන විශේෂඥ කමිටුව සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් අප දැනමටත් සූදානම් කර තිබෙන බවද කිවයුතුයි.
ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ මේ වෙනුවෙන් වෙහෙසුණු ඔබ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා.

මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වන විශේෂඥ කමිටුවේ සභාපති
මහාචාර්ය සමත් ධර්මරත්න මහතා
මාර්ග අනතුරු හේතුවෙන් සෑම තත්පර 42කටම වරක් ලෝකයේ කුමන හෝ ස්ථානයක එක් මරණයක් සිදු වනවා. නමුත් ඉහළ ආදායම්ලාභී රටවල මාර්ග අනතුරු හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වන හෝ මරණයට පත් වන සංඛ්‍යාව අනෙක් රටවලට සාපේක්ෂව අඩු බව කිව යුතුයි.
ශ්‍රී ලංකාවේ සිදු වූ මාර්ග අනතුරු හේතුවෙන් 2023 වසරේ මේ දක්වා මිය ගිය ළමුන් සංඛ්‍යාව 115ක් වෙනවා. බොහෝ විට මෙසේ මරණයට පත් වන්නේ හෝ ආබාධිත තත්ත්වයට පත් වන්නේ වයස අවුරුදු 15-44ත් අතර රටේ සංවර්ධනයට උරදෙන ශ‍්‍රම බලකායේ සාමාජිකයන් වන තරුණ පිරිසයි.
සාමාන්‍යයෙන් වසරකට මෙරට පුද්ගලයන් 3000ක් පමණ මාර්ග අනතුරුවලට ලක්ව මරණයට පත්වෙනවා. මෙම තත්ත්වය වසරක් පාසා ඉහළ යන බව පෙනෙන්න තිබෙනවා.
මෙසේ සිදුවන අනතුරු හා සැසඳීමේදී අනාගතයේදී මාර්ග අනතුරුවලින් මිය යන සංඛ්‍යාව මෙන්ම අබාධිත තත්ත්වයට පත්වන සංඛ්‍යාව දහස් ගණනකින් ඉහළ යනු ඇතියි. එමඟින් රටට රුපියල් බිලියන ගණනක් අහිමි වී යනවා.
මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළ යුතු බව අප විශ්වාස කරනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වින්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීහු ද, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු, ප්‍රවාහන ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතයන් සහ ත්‍රිවිධ හමුදා සහ ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුනිසෙෆ්, රතු කුරුස ඇතුළු ජාත්‍යන්තර සංවිධානයන්හි මෙන්ම විදෙස් තානාපති කාර්යාල නියෝජිතයින්ද මෙම අවස්ථාවට සහභාගි විය.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-11-01

SendShareShare
Previous Post

රනිල් කියන්නේ කිසිදු ඉලක්කයක් ජය නොගත් නායකයෙක්! නිවිච්ච පහනක්! රාජපක්ෂලා ඒ බව දන්නා නිසයි ජනාධිපතිකමට රනිල්ව තෝරගත්තේ! ජනාධිපතිවරණය නොතිබ්බොත් රනිල්ට වෙන දේ ගැන අනුර අමෙරිකාවේදී හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉදිරියේදී යළිත් ලේ වැගිරීමක්! ‌මිනිස්සු ආපහු පාරට බහින එක සක්සුදක් සේ පැහැදිලියි! කාටවත් වැඩිකල් දුවන්න ලැබෙන්නේ නෑ! විපක්ෂය එකතු නොවුණොත් මහා විනාශයක්! වික්‍රමසිංහ-රාජපක්ෂලා නැති පොදු විපක්ෂයක් හදන්න දයාසිරි ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.