කප්පම් ලබා නොදීමේ සිද්ධියක් මුල් කරගෙන කඳාන පියෝ මාවතේ පිහිටි නිවසකට පසුගිය අගෝස්තු මස 04 වැනි දින, ටී-56 වර්ගයේ අවියකින් වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් 43 හැවිරිදි පුද්ගලයෙක් සහ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් හා අවි ආයුධ සඟවා තබා අපරාධයට එක් වූ 32 හැවිරිදි කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඳාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. (Sri Lanka Latest News)
කාන්තාව ගම්පහ උඩුගම්පල වතුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින තැනැත්තියකි. 43න් හැවිරිදි පුද්ගලයා කඳාන පොලිස් වසමේ අංක ලන්සියාහේන, දොම්පෙ පදංචිකරුවෙකි.
මෙම පුද්ගලයා සමග 7.62X39mm වර්ගයේ ජීව 56 ක් හා 7.62X54mm වර්ගයේ ජීව උණ්ඩ 01ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෙඩි තැබීමට සම්බන්ධ වූ වෙඩික්කරු පොලිසිය සමග කළ පොරබැදීමක දී වෙඩි පහරට ලක්ව මීට සති කීපයකට පෙර මියගියේය.
lankasara










