දැනට කල්දමා ඇති මහමැතිවරණය මැයි මස අවසන් සෙනසුරුදා (30) පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ඒ වනවිට දැනට කොරෝනා වයිරසය හේතුවෙන් රට තුළ පැන නැගී ඇති හදිසි තත්ත්වය පාලනය කරගත හැකිවනු ඇති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මතය වී ඇත.
අප ඉකුත් සතියේ මෙවැනිම විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ආණ්ඩුව නාමයෝජනා ලබා ගත් වහා මහමැතිවරණය කල්දැමීමට කටයුතු සැලසුම් කර ඇති බවකි.
අප කී පරිදිම ඊයේ (19) දිනයේදී මැතිවරණ කොමිසම මැතිවරණය කල්දැමීමට පියවර ගත්තේය.










