පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වෙනුවෙන් ලබන වසරේ සිට රුපියල් මිලියනයක රක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන හැට ඉක්මවන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. Sri Lanka Latest News
වාර්ෂික අයවැය මගින් එම ප්‍රතිපාදන ලබා දෙන අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරයි.
මන්ත්‍රිවරුන්ගේ වයස් සීමා වෙනස්වීම මත අය කරනු ලබන වාරික වටිනාකම වෙනස් වීම, සමාජ ආරක්ෂණ බද්දේ සහ එකතු කළ අගය මත බද්දෙහි සිදුවූ සංශෝධන මත බදු මුදල වෙනස් වීම හේතුවෙන් රක්ෂණ මුදල රුපියල් මිලියන හැට ඉක්ම වූ බව අගමැතිවරයා පෙන්වා දී ඇත. -අරුණ










