රිලා ගහණය පාලනය කිරීම සඳහා ගැහැණු රිලා සතුන්ට ලූපයක් දැමිම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත. (Sri Lanka Latest News)
මේ වන විට රිළා ගැහැණු සතුන්ගේ ඩිම්බකෝෂවල ප්‍රමාණයන් ඇතුලු ලිංගික ප්‍රදේශය පිලිබද විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කරයි.
රිළා ගහණය අවම කරගැනීම සදහා ගැහැනු සතුන්ට වඳ සැත්කම් කිරිමට විශාල මුදලක් වැය වන බවත් ඒ සදහා සැලකිය යුතු කාලයක් ගත වෙන බවත් පෙන්වාදෙන මහාචාර්යවරයා රිළා ගැහැණු සතුන් අල්ලා උන්ට ලූපයක් පැළැන්දවීම පහසු හා වියදම් අඩු කටයුත්තක් යැයිද පවසා සිටියි.
රිලවුන් සදහා භාවිත කළ යුතු ලූපය අලුතින් ම නිර්මාණය කළ යුත්තක් බැවින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනයන් ලබාගැනීමට හා නිෂ්පාදනය සඳහා ධානපතියෙකුගේ හෝ පරිත්‍යාගශීලියෙකුගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසුවේය.
රිළවුන්ගෙන් වගාවට සිදුවන හානිය වලක්වා ගැනීම සඳහා ගොවිහු වායු රයිපල්වලින් වෙඩි තැබීම හේතුවෙන් මොළයට ඇසට දරුණු තුවාල සිදුවූ රිළවුන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් සිටින බැවින් රිළා ගහණය පාලනය කරගැනීමෙන් එම සතුන්ගේ ජීවිතවලටද සිදුවන හානිය අවම කරගත හැකිබවද මහාචාර්යවරයා පෙන්වාදේ.
රිළා ගහණය අවම කිරිමට රිලව් රට පැටවීමට වඩා ගැහැණු සතුන්ට ලූපයක් පැළැන්දවීමේ ක්‍රමය යෝග්‍ය බවත් මේ අනුව රිළා ගහණය පාලනය වීමත් සමග ගොවීන්ගේ වගාවන්ට සිදුවන හානියද සැලකිය යුතු මට්ටමින් අඩුකරගත හැකි බවත් මහාචාර්යවරයා පෙන්වාදේ.
lankasara










