මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට එකතු වූ රුපියල් ලක්ෂ 51ක දෛනික ආදායම නගර සභා ගිණුමට බැර නොකර පවුලේ විවාහ මංගල කටයුත්තක් සඳහා යොදාගත් බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. (Sri Lanka Latest News)
මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතාගේ මූලිකත්වයෙන් එහි මූලික විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව එම සේවිකාවගේ වැඩ තහනම් කිරීම සඳහා වූ නිර්දේශය පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව එය පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව එම වැඩ තහනම් කිරීම නිර්දේශ කොට තිබේ.
පසුගිය කාලය තුළ මහනුවර මහ නගර සභාව තුළ සිදුවී ඇති වංචා හා දූෂණ සැලකිල්ලට ගනිමින් නගර සභාවේ ගිණුම් අංශය වෙත සිදුකරන සියලු ගෙවීම් කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව හරහා නගර සභා ගිණුමට බැර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ජනතාවට ලබාදී ඇති බව නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පැවසීය.
lankadeepa










