බොහෝ කතාබහට ලක්වූ චීන භූ භෞතික හා භූ කම්පන විද්‍යාත්මක පර්යේෂණ Shi Yan 6 නෞකාව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) විද්‍යාඥයින් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධ දෙදින සමීක්ෂණයක් හෙට (30) දින ආරම්භ කිරීමට නියමිතය. Sri Lanka Latest News
රුහුණු විශ්වවිද්‍යාලයට අනුබද්ධ නියෝජිත කණ්ඩායමක්ද ඊට සම්බන්ධ වීමට නියමිත බව දැනගන්නට ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශයට (MFA) අනුව, ශ්‍රී ලාංකික විද්‍යාඥයින් කණ්ඩායමක් සමඟ ඔක්තෝම්බර් 30 සහ 31 යන දිනවල දිවයිනේ ‘බටහිර මුහුද’ මැන බැලීම සඳහා Shi Yan 6 නෞකාවට රජය විසින් ඊයේ (28) අවසර ලබා දී ඇත.










