පූජාපිටිය ප්‍රදේශයේ විවෘත කරන ලද නව මත්පැන් අලෙවි හලකට එරෙහිව පැවැති ගිහි පැවිදි විරෝධතාවක් හේතුවෙන් දැඩි උණුසුම් සහගත තත්ත්වයක් උද්ගත වීය. Sri Lanka Latest News
මේ මස 22 දින උදෑසන සිට දහවල් දක්වා මත්පැන් අලෙවි හල ඉදිරිපිට විරෝධය පැවති අතර මේ සඳහා ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවල භික්ෂූන් වහන්සේ මෙන්ම අන්‍යාගමික පූජ්‍ය,පූජක වහන්සේද එක්ව සිටියහ.
ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ ජනතාවට ජීවන බර දරාගැනීමට නොහැකි අවස්ථාවේ මත්පැන් අලෙවිහල් විවෘත කිරීමෙන් ආර්ථිකය තවතවත් කඩාවැටීමට ලක්වී ප්‍රදේශයේ දැඩි ආරාවුල් මෙන්ම ජන ජීවිතයද අවුල් සහගත තත්වයක් උද්ගතවන බවය.
විරෝධතාවය සඳහා දහම් පාසල් නියෝජනය කරමින් දරු දැරියන් පවා එක්ව සිටි අතර විරෝධතාවයට එක්ව සිටි පිරිසක් පූජාපිටිය මහනුවර මාර්ගය වසා දැමීමට උත්සාහ කළද පොලිස් නිලධාරීන් එක්ව එම උත්සාහය ව්‍යර්ථ කළහ.
ප්‍රදේශවාසීහු සඳහන් කළේ මත්පැන් අලෙවිහල වසා දමන තුරු මෙම විරෝධතා පවත්වන බවය.










