එක්සත් ජාතික පක්ෂයේ තමන්ට හිතවත් හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග අද (18) දහවල් සිරිකොත පක්ෂ මූලස්ථානයේ විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන් අනතුරුව විශේෂ තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.
අද දහවල් 11ට පැවැති මෙම සාකච්ජාවේදී වික්‍රමසිංහ මහතා ඔවුන්ගෙන් විමසා ඇත්තේ තමන් මෙවර මැතිවරණයේදී තමන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ යුතුද, එසේත් නැතිනම් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුද යන්නය.
එහිදී බහුතරයක් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ පක්ෂ නායකයකු වශයෙන් තරග කොට පාර්ලිමේන්තු පැමිණීම වඩාත් සුදුසු යැයි කියාය.
ඒ අනුව කොළඹින් තරග වැදීමට වික්‍රමසිංහ මහතා තීන්දු කොට ඇති බවද දැනගන්නට ඇත.










