පොහොට්ටුවේ පොලොන්නරු දිස්ත්‍රික්කයේ නාමයෝජනා බාරදීමේ අවස්ථාවේදී ‘ටිපෙක්ස්’ කිරීමේ බියක් මතුවීම හේතුකොටෙගෙන කොළඹින් නියෝජිතයන් පිරිසක් යැවීමට සිදුව තිබූ පුවතක් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ සිටින පොහොට්ටු ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ පොලොන්නරු නාමයෝජනා ලයිස්තුවේ තමන්ගේ නම ටිපෙක්ස් කිරීමේ අවදානමක් මතුව ඇතැයි කියාය.
ඒ අනුව වහාම පොහොට්ටුවේ ප්‍රධානීන් පක්ෂ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා හට හෙලිකොප්ටරයක් ලබා දී පොලොන්නරුවට යැවීමට කටයුතු කර ඇති බවත්, පසුව නාමයෝජනා බාරදීමට කටයුතු කර ඇති බවත් දැනගන්නට තිබේ.










