පසුගිය සතියේ සජිත් ප්‍රේමදාස මහතාගේ ‘සමගි ජන බලවේගය’ සමග මහමැතිවරණයට තරග වැදීම සදහා ඇතුල්කෝට්ටේ පිහිටි එහි පක්ෂ කාර්යාලයට පැමිණ ඊට සහාය පළ කළ ගම්පහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වී තිබේ.

ඒ අනුව පසුගිය සතියේ නැවත වතාවක් වික්‍රමසිංහ මහතා සමග එක්වී ඇති කාවින්ද ජයවර්ධන මහතා අලියා ලකුණ යටතේ ගමිපහින් තරග වැදීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇත.
කෙසේවෙතත් ඉකුත් 12 වැනි දින ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට පැමිණි ජයවර්ධන මහතා එම පාර්ශ්වය සමග එකතුවීමට එකගතාව පළ කර සිටි අතර ගම්පහ දිස්ත්‍රික්කය පුරාම ප්‍රේමදාස මහතා සමග එක්ව සිටින පෝස්ටර්ද ගැසීමට කටයුතු කළේය.










