කිළිනොච්චිය පෙරියපරන්තන් ප්‍රදේශයේ එකම පාසලක එකම පන්තියේ ඉගෙණුම ලබමින් සිටි 17 හවිරිදි තරුණියන් දෙදෙනෙකු ඊයේ (17) එකම ස්ථානයකදී ගෙළ වැලලාගෙන මියගොස් තිබේ. (Sri Lanka Latest News)
මෙසේ මියගොස් ඇත්තේ සුරේෂ් කුමාර් තනිගයි (17) සහ ලෝකේෂ්වරන් තමළිනි (17) නැමති තරුණියන් දෙදෙනාය.
ඔවුන් ගෙළ වැළලාගෙන ඇත්තේ තමලිනීගේ නිවසේ මුළුතැන්ගේ පිහිටි බාල්කයකය.
මේ දෙදෙනා සියදිවි හානි කරගනීමට පෙර ඔවුන් විසින් ලියන ලද බවට සැකකෙරෙන ලිපියක්ද ඔවුන්ගේ මළ සිරුරු අසල තිබී පොලීසියට හමුවී ඇත.
එම ලිපියේ සඳහන්ව ඇත්තේ ඔවුන්ගේ මරණවලට කිසිවෙකු වගකිවයුතු නැති බවත් ඔවුන්ට තවදුරටත් ජීවත් වීමෙන් පලක් නොමැති නිසා මේ අන්දමට සියදිවි හානිකර ගන්නා බවත්ය.
මේ දෙදෙනාම අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිපල එන තෙක් උසස් පෙළ සඳහා උපකාරක පන්ති යමින් සිටි ශිෂ්‍යාවන් දෙදෙනෙකි.
මියගිය අයගේ මළ සිරුරු පරීක්ෂණ කටයුතු සදහා කිළිනොච්චිය දිසා රෝහල වෙත පොලීසිය විසින් රැගෙන ගොස් ඇත.

lankasara










