මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් වී ආණ්ඩුවට එක්ව ඇමැති ධූරයක් ලබා ගත් නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පසු ඒ වෙනුවට පාර්ලිමේන්තුවට පැමිණි අලි සහීර් මවුලානා අද දින පැවැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව සිටීම විශේෂත්වයක් විය.Sri Lanka Latest News
මෙම රැස්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.
එහිදී අලි සහීර් මවුලානා මහතා ඉදිරියේදී සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂ සන්ධානය සමග එක්ව දේශපාලන කටයුතු සිදුකිරීමට සූදානම් බවද සදහන් කොට ඇති බව දැනගන්නට ඇත.














