සැලසුම් සහගතව අපහාස කිරීමේ චේතනාවෙන්ම මඩ ප්‍රහාර දියත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ට සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට එරෙහිව රුපියල් කෝටි 1000 බැගින් වූ අපහාස වන්දි ලබා ගැනීමේ නඩුවක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක කොළඹ දිසා අධිකරණය ඉදිරියේ ගොනු කරනු ලැබීය.Sri Lanka Latest News
සිකුරාදා (13) අනුර දිසානායක වෙනුවෙන් උපුල් කුමරප්පෙරුම, ඩුවිනි ගොඩගම සහ ටෙරීෂා වෙදආරච්චි යන නීතිඥයින් පෙනී සිටිති. කිසිදු පදනමකින් තොරව ද්වේෂසහගතව සහ අපහාස කිරීම සඳහාම සිතාමතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ අංක DMR/02065/2023 යටතේ මෙම නඩුව පවරා තිබේ. එසේම කරුණු සොයා බැලීමකින් තොරව චූදිතයන්ගේ ප්‍රකාශ විසුරුවා හැරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයක්ද එම පෙත්සමෙන් වග උත්තර කරුවන් කර ඇත.










