• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2023 පොත් සල්පිලේ සාරාංශය මෙන්න I Sri Lanka Latest News

October 13, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පහුගිය දවසක ඉවර වුණා. විශාල වශයෙන් පොත් අලෙවි වුණා වගේම පොත් සම්බන්ධව වෙනදා නැති විදියේ ප්‍රශ්න කිහිපයකුත් ව්‍යාපාරිකයන්ට ඇතිවුණා. ඒකට හේතුව වුණේ පොත් අලෙවිය සම්බන්ධයෙන් තබා තිබුණු බලාපොරොත්තු වෙනදා තරම් ඉටු නොවීම.(Sri Lanka Latest News)

කවුරු කොහොම කිව්වත් ජාත්‍යන්තර පොත් සල්පිලට සාපේක්ෂ වශයෙන් ජනතා සහභාගිත්වය අඩු බව තමයි නිල නොවන ආරංචි මාර්ගවලින් අපට දැනගන්න ලැබුණේ. මේ ආරංචි 100%ක් නිල නොවන ආරංචි නිසා කවුරුත් මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නැහැ. මේ ගණන් හිලව් වැරැදි නම් ඒවා නිවැරැදි කිරීම ඔබ විසින් කරන්න, අපි ඒවා යළිත් නිවැරැදි කරන්නම්.

නිල නොවන ආරංචි මාර්ගවලට අනුව වෙනදා සාමාන්‍යයෙන් ජාත්‍යන්තර පොත් සල්පිලට ජනතා සහභාගිත්වය 150,000ක් පමණ වුණත් මේ වසරේදී ඊට සහභාගි වූ පිරිස 80,000ක් පමණ බවයි දැනගන්න ලැබුණේ. ඒ අනුව පොත් අලෙවියත් විශාල වශයෙන් අඩුවුණු බවත් දැනගන්න ලැබුණා. සමහර පොත් කඩවල අලෙවිය බොහොම පහළ මට්ටමක පැවැති බව තමයි ඇතැමුන් කිව්වේ.

කොහොම නමුත් මේ වතාවේ වෙනදාට වඩා ව්‍යාපාරිකයන් ප්‍රමාණයක් පොත් අලෙවි කුටි මිලදී ගෙන තිබුණා. ඒ වගේම අලුත් ප්‍රකාශකයන් රැසක් පොත් සල්පිලේ තමන්ගෙම අලෙවි කුටියක් වෙන්කරගෙන තිබුණා. ඒ අතරින් මොහාන් රාජ් මඩවල, කැලුම් වැලිගම වගේ අයත් තමන්ටම අලෙවි කුටියක් අරගෙන තමන්ගේ පොත් අලෙවි කළා.Storyflix වගේ ආයතන මේ වසරේදී තමන්ට අලෙවි කුටි වෙන්කර ගත්තා. විශේෂයෙන්ම නව ලේඛක ලේඛිකාවන්ට වැඩි ඉඩක් ලැබුණු පොත් සල්පිලක් විදියට මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හඳුන්වන්න පුළුවන්.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී හැමදාම කතාබහට ලක්වෙන කාරණයක් වෙන්නේ වැඩියෙන්ම අලෙවි වන පොත මොකක්ද කියන එක. සමහර වෙලාවට බොරු වාර්තා ලැබුණත් සමහර වාර්තා ගැන ඇත්තටම හොයා බලද්දී අපට දැනගන්න පුළුවන් වෙනවා පොත් සල්පිලේදී මොනවද වැඩියෙන්ම අලෙවි වුණු පොත් කියලා. වෙනදා තිබුණු තත්ත්වය වුණේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී රාජ්‍ය සම්මානවලටත් වඩා ස්වර්ණ පුස්තක සම්මාන ලැබුණු පොත්වලට වැඩි ඉඩක් ලැබෙන එක.

ඒ වගේම ස්වර්ණ පුස්තක අවසාන පොත් 12 විශේෂයෙන්ම අවධානයට යොමු වෙනවා. ඒ පොත් 12 වැඩියෙන් අලෙවි වෙන එක තමයි සාමාන්‍යයෙන් සිදුවුණේ. නමුත් මේ වතාවේදී ස්වර්ණ පුස්තක පොත් 12න් ඉතිරි පොත් ටික මොනවද කියලාවත් සාමාන්‍ය පාඨකයා දැනගෙන හිටියේ නෑ.

රාජ්‍ය සම්මාන, විද්‍යොදය සම්මාන, ගොඩගේ සම්මාන ඇතුළු සම්මාන අතරින් රාජ්‍ය සම්මාන සහ ස්වර්ණ පුස්තක සම්මාන දිනපු නෝබට් අයගමගේගේ පොත සාමාන්‍යයෙන් අලෙවි වුණත් ඒ අලෙවිය වෙනදා තරම් නොතිබුණු බව නිල නොවන ආරංචි මාර්ග ඔස්සේ අපි දැනගත්තා. ඒ අනුව ‘කුර හඬෙකි වියැකෙන’ කෘතියට යම් විශාල අලෙවියක් තිබුණා. විශාල ආකර්ෂණයක් තිබුණා.

නමුත් සමහර අලෙවි කුටිවල මේ පොතෙන් එක පිටපතක්වත් අලෙවි නොවුණු අවස්ථා තිබුණු බව ඔබ විශ්වාස කරයිද දන්නෙ නෑ. නමුත් මේ වතාවේදී අලුතෙන් පිටවෙච්ච කර්තෘ ප්‍රකාශනයක් වුණු Forget Me Not කියන කෘතියට අසීමිත පාඨක අවධානයක් යොමුවී තිබුණු බව තමයි අපට දැනගන්න ලැබුණේ.

මේ පොතේ පිටපත් 5000කට වඩා අලෙවි වුණු බව නිල නොවන ආරංචි මාර්ග මගින් අපට දැනගන්න ලැබුණා. චතුරි දමයන්ති ඇතුළු නව ලේඛිකාවන් තමයි මේ පොත එළිදක්වලා තිබුණේ. මේ පොත විශාල වශයෙන් තරුණ තරුණියන් අතර ප්‍රසිද්ධ වුණු පොතක් බවට පත්වුණා. මේ තරුණ තරුණියන් අතර පොත් ප්‍රසිද්ධ වීම සහ තරුණ තරුණියන් විසින් පොත් මිලදී ගැනීම නව ප්‍රවණතාවක් විදියට අපට මේ අවුරුද්දෙදී දැකබලා ගන්න ලැබුණා.

නවකතාවලට වැඩි ඇල්මක් දැක්වූයේ වෙනදා නම් සාමාන්‍යයෙන් වැඩිහිටි ප්‍රජාව විදියට තමයි අපි දැනගෙන හිටියේ. නමුත් මේ වතාවේදී ඒක වෙනස් වුණා. ඒ නිසා Forget Me Not කියන කෘතිය විශාල වශයෙන් අලෙවි වෙන්න පටන් අරගත්තා.

ඒ වගේම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තිබුණු ‘K’ ශාලාව පාඨක අවධානයක් දිනාගත් කුටියක් බවට පත්වුණා. එතැනදී K Book බිසෝ, අහස් වැනි සමාගම්වලට මෙහි ඉඩ වෙන්වෙලා තිබුණා. අහස් වගේ ප්‍රකාශන සමාගම්වල වෙළෙඳ කුටි පිහිටා තිබුණේ K ශාලාවේ. K ශාලාවට වැඩි පාඨක අවධානයක් යොමුවීමත් එක්ක අපට තවත් පැහැදිලි වෙච්ච කාරණයක් තමයි බොහෝ දෙනෙක් වර්තමාන ෆේස්බුක් ලේඛක ලේඛිකාවන් කෙරෙහි ඇල්මක් දක්වන්න පටන් අරගෙන තිබීම.

ෆේස්බුක් හරහා පොත් ලියන නව ප්‍රවණතාවක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන් දවසකට දෙකකට සැරයක් විතර වචන 2000ක පමණ කොටසක් ලියලා ඒවා ෆේස්බුක් හරහා කියවන්න යොමුකරනවා. ඒ විදියේ ලේඛක ලේඛිකාවන්ගේ පොත්වලට විශාල අලෙවියක් තිබුණු බවත් අපට දැනගන්න ලැබුණා. සමහර පොත්වල ප්‍රථම මුද්‍රණය මේ ජාත්‍යන්තර පොත් සල්පිල තුළදී ඉවර වෙන ආකාරයක් අපි දැක්කා.

ඒ වගේම අලුතෙන් පිටවුණු නවකතා කිහිපයකුත් තිබුණා. ඒවායේ අලෙවියත් යම් සාධනීය මට්ටමක තිබුණු බවත් දැනගන්න ලැබෙනවා. නිල වශයෙන් ගත්තම මේ වතාවේදී වෙනදාට වඩා පොත් අලෙවියේ යම් අඩුවක් තිබෙන බව අපට පිළිගන්න වෙන කාරණයක්. කොහොම නමුත් මේ වසරේදී අලුත් පොත් 1,100කට වඩා වැඩි ප්‍රමාණයක් මුද්‍රණය වෙලා තියෙන බව අපට දැනගන්න ලැබෙනවා. ජාතික පුස්තකාල දත්ත අනුව තමයි මේ පිළිබඳ තොරතුරු අපට ආරංචි වෙන්නේ.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය නිකුත් කරන අයි.එස්.බී.එන්. අංකය හරහා වෙනදාට වඩා විශාල මුදලක් උපයා ගැනීමට ලැබුණු බව සඳහන් වෙලා තිබෙනවා. මෙය නිල නොලත් ආරංචි. ලක්ෂ 6කට ආසන්න මුදලක් ඔවුන් විසින් උපයාගෙන ඇති බවට නිල නොලත් ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබුණා. නිල නොලත් ආරංචි බොහෝ වෙලාවට සත්‍ය බව අපි විශ්වාස කරනවා.

කොහොම නමුත් මේ සියල්ලෙන්ම අපට පැහැදිලි වෙන කාරණය වෙන්නේ මේ අවුරුද්ද වැඩියෙන්ම පොත් ලියැවුණු වසර විදියට. වැඩියෙන්ම පොත් ලියැවුණු වසර, වැඩියෙන්ම පොත් කියවන වසර වේවිද යන්න සම්බන්ධව ප්‍රශ්නයක් නැගෙනවා. ඒකට හේතුව වෙන්නේ මෙවර ජාත්‍යන්තර පොත් සල්පිල් භූමිය වෙනදා තරම්ම ජනතාවගෙන් පිරී නොතිබූ බව ඇතැමුන් කියන නිසා. ඒ වගේම බොහෝ පොත් කඩවල හිමිකරුවන් කියන්නේ තමන්ගේ පොත් ඒ තරම් විකිණුනේ නෑ කියලා. ඒකට එක විදියකට බලපානවා පොත් සල්පිල පැවැති කාලය පුරාම අධික වර්ෂාවක් පැවැතීම.

සාමාන්‍යයෙන් බී.එම්.අයි.සී.එච්. එකට වැස්ස හරස් වෙන අවස්ථා අපි අදක ඊයෙක නෙවෙයි දැක්කේ. ගෙදරින් එළියට බහින්න බැරි තරමටම වැස්ස තද වුණාම මිනිස්සු බුක් ෆොයා නොයන එක ඉතාම සාධාරණරයි. එහෙම නැත්නම් බුක් ෆෙයා කියලා කියන්නේ අසාර්ථක ප්‍රයත්නයක් නෙවෙයි. කොරෝනා වසංගතය නිමාවී යළි පැමිණේවි යැයි පෙනි පෙනී තිබුණු යුගයේදීත් මිනිස්සු බුක් ෆෙයා එකට ආවා. යම් ප්‍රතිශතයක අඩුවීමක් තිබුණත් මිනිස්සු බුක් ෆෙයා එකට ආවා. මේ වතාවේ බුක් ෆෙයා එකට මිනිස්සු නොඑන්නේ, ජාත්‍යන්තර පොත් සල්පිලේ අසාර්ථකකමක් නිසා නොවන බව පැහැදිලි කරනගන්න ඕනේ.

මොකද ඒකට හේතුව මෙවර පොත් ප්‍රකාශකයෝ මේ වැඩේ ඉතා සාර්ථකව කරලා තිබුණා. කවුරු කොහොම කිව්වත් මොන අඩුපාඩු මොන ප්‍රශ්න තිබුණා කිව්වත් හැබෑම කාරණාව වෙන්නේ මේ තමයි ලංකාවේ පොත් වසන්තය කියන එක. මේක නොතිබුණා නම් ලංකාවේ සාහිත්‍යය, පොත් මේ තරම් මිනිස්සු අතර ප්‍රචලිත නොවෙන්න තිබුණාය කියන එක ලියුම්කරුට හිතෙනවා. ඒක නිසා එහි නිසි ගෞරවය එහි සංවිධායකයන්ට ලබාදිය යුතුයි.

මේ වතාවේ පොත්වල මිල ඉතා ඉහළ යෑම අපට දකින්න ලැබුණු විශේෂ කාරණයක්. වැඩිම මිල සහිත සිංහල සාහිත්‍ය කෘතියක් විදියට රු. 3,750ක මිලක් සඳහන් වෙච්ච පොතක් පවා මේ වතාවේදී අපට ජාත්‍යන්තර පොත් සල්පිලේදී දකින්න ලැබුණා. ඊට අමතරව සාමාන්‍ය පොතක මිල වුණේ රුපියල් 1000 සහ 2000 අතර මිලක්. සාමාන්‍ය නවකතාවක මිල රුපියල් 1,800ක් ලෙස සඳහන් වුණා.

ඒ අතර තවත් නවකතා කොටසක් තිබුණා රුපියල් 1,100 – 1,300 අතර මිල වෙච්ච. නමුත් සාමාන්‍ය මිල රුපියල් 1,500ට අඩු වැඩි මිලක් ලෙසයි සඳහන් වෙලා තිබුණේ. ඒ විදියට ගත්තම පොත් 10ක මිල රුපියල් 15,000ක් විතර වෙන බව තමයි අපට පේන්න තිබුණේ. ඒ නිසා රුපියල් 15,000කට පොත් 10ක් මිලදී ගැනීම ලේසි පහසු වැඩක් නෙවෙයි. නමුත් අපි දැක්කා ගොඩක් අය පොත් මිලදී අරගෙන තිබුණා. මේ වතාවේ නම් ඒක ටිකක් අපහසු කාර්යයක් වුණා සාමාන්‍ය ජනතාවට.

කොහොම නමුත් පොත් ටේ‍රන්ඩ් එක උඩු යටිකුරු කරපු පොත් සල්පිලක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒකෙ ගෞරවය චරිතා ප්‍රවර්ධි සහ චතුරි දමයන්ති ඇතුළු නව පරපුරේ ලේඛක ලේඛිකාවන්ට හිමිවෙනවා. ඔවුන් කරපු නිර්මාණ ජනතාව විසින් ආදරෙන් වැලඳගත්තා. ඒ වැලඳගැනීම සුබ ලකුණක් ලෙස භාරගන්නවා මිසක එයට වෛර කිරීම හෝ ඒ ගැන විවේචන ඉදිරිපත් කිරීම කළ යුත්තක් නෙවෙයි. අපි දැක්කා ජනක ඉනිමංකඩ වගේ ප්‍රබලතම ප්‍රකාශකයන් පවා මේ තත්ත්වය වර්ණනා කරලා තිබුණා. ඒ වගේම අපි දැක්කා චන්දි කොඩිකාර මේ ගැන යමක් සඳහන් කරලා තියෙනවා.

ඒ නිසා මේවා සාහිත්‍යයක් විදියට අපි සතුටින් භාරගත යුතු කාරණා. ලේඛකයන් නිර්මාණකරුවන් මේවා ඉදිරියට පත්වාගෙන යෑමත්, තමන්ගේ ක්‍රම සොයාගැනීමත් සිදුකළ යුතුයි. රැලි නිර්මාණය වීමට වඩා වැදගත් වෙන්නේ ඒ රැලි අස්සේ තමන්ගේම ක්‍රම හොයාගන්න එක කියලා මේ වතාවේ අපට පේන්න තියෙන කාරණයක්. මේ වතාවේ ඉතාම වැදගත් වෙන තවත් කරුණක් තමයි සාහිත්‍ය සම්මාන අභියෝගයට ලක්කරන්න ප්‍රකාශකයෝ සමහර වෙලාවට ලේඛකයෝ කටයුතු කරමින් හිටියත්, පාඨකයන් සම්මානය අභියෝගයට ලක් කළ ප්‍රථම අවස්ථාව විදියට මේ වතාව හඳුනාගත හැකියි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජයික් හිල්ටන් හෝටලයේ ආර්ථික අභියෝග ජයගැනීම ගැන වැඩමුලුවක්! සංවිධානය වෘත්තීයවේදීන්ගේ ජාතික කවුන්සිලයෙන්! සජිත්ගෙන් විශේෂ දේශනයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

පාරෙ තොටේ මිනිස්සු මැරෙන්නෙ මොකක්ද මේ වෙලා තියෙන්නේ? I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.