• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලිකන්දේ හාමුදුරුවෝ පන්සලට ලැබුණු අටපිරිකර විකුණලා දරුවන්ට කන්න දෙයි… කතරගම කපුවොයි නිලමේලයි දේවාලෙට ලැබුණු පඬුරු‌ ගෙදර අරන් යයි I Sri Lanka Latest News

October 9, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කතරගම දේවාලයේ කපු මහත්වරු ගහගන්නවා. නිලමේවරු ගහගන්නවා. මේක මහ කෝළම් මඩුවක් බවට පත්වෙලා. බැතිමතුන් අරගෙන යන පූජා වට්ටිවල තියෙන පඬුරුවලට, රත්නරන් බඩුවලට කතරගම දෙවියන්ගේ අඩවියේදී මොකද වෙන්නේ කියන එක ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලවල මහා කතාබහක් ඇතිවුණා.(Sri Lanka Latest News)

රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක මහතා එක්තරා යූටියුබ් නාලිකාවකදී දේවාලය තුළ සිදුවන වංචනික ක්‍රියාවන් ගැන දීර්ඝ විස්තරයක් කර තිබුණා. ඔහුගේ එම අදහස් දැක්වීම තරුණ මහලු භේදයකින් තොරව මිලියන ගණනක් නරඹා තිබීමද විශේෂ සිදුවීමක් වුණා.

විහාර දේවාලගම් පනත අනුව නම් ජනතාව දේවාලයට ලබාදෙන මුදල්, රත්තරන් ඇතුළු සියල්ලම ගිණුම්ගත කරලා රුහුණු කතරගම දේවාලයේ තැන්පත් කළ යුතුයි. නමුත් අද වනවිට එය නීතියක් පමණක් බවට පත්වෙලා. මේ ගැන ප්‍රධාන කපු මහතාගෙන් විමසූ විට ඔහු පවසා තිබුණේ මෙවැන්නකි.

‘පූජා වට්ටිවල පඬුරු අපි ගෙදර ගෙනියනවා. රත්නරන් බඩුත් අපි ගෙනියනවා. ඒවා අයිති අපිටයි. පිං පෙට්ටියට දාන පඬුරු ගන්නේ බස්නායක නිලමේ. පූජා වට්ටියට තියෙන හැම මුදලක්ම කපු මහත්වරුගේ සුඛ විහරණය වෙනුවෙන් යොදාගන්නවා. විහාර ආඥා පනත අපට බලපාන්නේ නැහැ. ඒවා බලපාන්නේ බස්නායක නිලමේවරුන්ට. මගේ ප්‍රධානියා විදියට මම බස්නායක නිලමේව පිළිගන්න ලෑස්ති නැහැ. මගේ ප්‍රධානියා කතරගම දෙවියන්. අපේ ආදායම තීරණය වෙන්නේ දේවාලයට එන බැතිමතුන් අනුවයි. පූජා වට්ටියකට නියමිත මුදලක් තීරණය නැහැ.

මුතු මැණික් ආභරණ දාන්න මාලිගාවේ සේපුවක් තියෙනවා. ඒකේ දාන්නේ වටිනා රත්තරන් බඩු. පොඩි රත්තරන් බඩු අපි ගෙදර ගෙනිහිල්ලා දරුවන්ට දෙනවා. ඒවා අපිට කැපයි. මේ සේප්පුවේ යතුර තියෙන්නේ බස්නායක නිලමේ බාරේ. නිලමෙට හොරකම් කරන්නත් පුළුවන්. නිලමෙට ඕනෙ වෙලාවට ඒ සේප්පුව ඇරලා ගන්නත් පුළුවන්. පෙරහැරට දාන මාල හත ඒ සේප්පුවේ තැන්පත් කරලා තියෙන්නේ. අපේ දේවාලේ ඉන්නේ කපු මහත්වරු පස්දෙනයි. ඒ පස්දෙනා මාස 5ක් තේවාව කරනවා. ඉතිරි මාස හත නිලමේ විසින් වෙන්දේසි කරලා මුදල් ලබාගන්නවා. ඒ මුදල්ද එයාගේ පෞද්ගලික වියදම්වලටයි ගන්නේ. නඩු තීන්දුවකින් යතුර මට ලබාදුන්නා….’

පාතාල නායකයකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ බිරිය 2019 වර්ෂයේදී කතරගම දේවාලයට පූජා කළ බව කියැවුණු පවුම් 38ක රන් තැටියක්ද ප්‍රධාන කපුමහතාගේ නිවෙසේ තිබී හමුවූ පුවත පසුගිය සමයේ මාධ්‍යවල පළවුණා. ඒ ගැන පොලිස් පොතෙත් ලියැවිලා තිබෙනවා. කපු මහතා ඒ මේ ගැන පවසා සිටියේ මෙවැන්නකි

‘මේවා අභූත චෝදනා. මම නෙවෙයි රන් තැටිය ගත්තේ සමන් මුණසිංහ නමැති කපු මහතායි අරගත්තේ. මම ඕවාට ගෑවිලා නැහැ. සියලු කපු මහත්වරුත් හොරකම් කරනවා…’

ඇතැම් කපු මහත්වරු කෝටිපතියෝ. සමහර කපු මහත්වරුන්ට වාහන හතර පහ තියෙනවා. මේ ප්‍රධාන කපු මහතා ‘ද ෆිනෑන්ස්’ සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි හතරක මුදලක්ද අහිමි වී තිබූ බවද ප්‍රකාශ වුණා. මේ මුදල් අපේ රටේ අහිංසක මිනිස්සු පූජාවලට තැබූ මුදල්. දෙවියන් උදෙසා කැප කළ එම මුදල් තම තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා නම් ඒ අයට යහපතක් සිදු නොවන බවයි අපේ විශ්වාසය.

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාට ඇති ධනය ගැන ඔහු ප්‍රකාශ කළේ මෙවැන්නකි.
‘මට මාසේ අන්තිමට දේවාලයෙන් පඩියක් ලැබෙනවා. මට තිස්සමහරාමයේ කුඹුරු තියෙනවා. කුලියට දීපු හෝටලයක් තියෙනවා….’

ඇත්තෙන්ම ඔහු මේවා උපයා ගන්නට ඇත්තේ අහිංසක මිනිසුන්ගේ පඬුරුවලින් නොවේද? ඔවුන් ඒ මුදල්වලින් සුරසැප විඳිනවා. ඔවුන්ට ලැබෙන මුදල්වල ප්‍රමාණය කොපමණක්ද යන වග ඔවුන්වත් හරිහැටි දන්නේ නැහැ.

බොහෝ දෙනකු පවසා සිටින්නේ කපු මහත්වරුන්ගේ ආදායම කෝටි හතරයි පහයි, පෙරහැර දිනවලදී කෝටි හතයි අටයි කියාය. මේ දෙවියන්ගේ අඩවිය දූෂණය කළේ කවුද? ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා චෝදනා කරන්නේ කලින් කලට පත්වන නිලමේවරුන්ට සහ කපු මහත්වරුන්ටය. එය සැබෑම සත්‍යයක් බව වැටහුණේ මේ ප්‍රධාන කපු මහතාගේ හෙළිකිරීමෙන් පසුවය.

අපේ රටේ ප්‍රධාන දේවාලයක කපු මහත්වරු මේ විදියේ වංචාවන් සිදුකරද්දී ඊට හාත්පසින්ම වෙනස් සත් ක්‍රියාවක් සිදුකරන්නට පොළොන්නරුව අලුත්වැව වැලිකන්ද ශ්‍රී සීලාලංකාර මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය පිටිපන කවීශ්වර ස්වාමින්වහන්සේ කටයුතු කර තිබුණා. උන්වහන්සේ පසුගිය ලෝක ළමා දිනය පැවැත්වුණු ඔක්තෝබර් පළමු වැනිදා ගමේ අහිංසක දරුවන්ගේ කුසගිනි නිවා, ඔවුන්ට තෑගි බෝගත් ලබාදී දීමට කටයුතු කර තිබුණේ රටේම පන්සල් දේවාලවලට ආදර්ශයක් දෙමිනි. උන්වහන්සේ එම සත්ක්‍රියාව සඳහා අවශ්‍ය මුදල් සපයා ගෙන තිබුණේ වසරක් පුරා විහාරස්ථානයට ලැබුණු පිරිකර සියල්ල අලෙවි කිරීමෙනි.

මේ රටේ බෞද්ධයන් දානේ ගෙදරකට බණ ගෙදරකට පිරිකරක් පූජා කරන්නේ එයින් ලැබෙන ආනිසංස කියා නිමකළ නොහැකි නිසයි. සමහරුන් අටපිරිකරක් පූජා කරන්නේ හරි අමාරුවෙන්. මොකද අද වෙද්දී අටපිරිකරක් මිලදී ගන්න විශාල මුදලක් වැයවෙනවා. කෙනෙක් අටපිරිකරක් පූජා කළොත් ඉන් ලැබෙන ආනිසංස මෙතෙකැයි කියා නිම කරන්න බැරි බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.

දුප්පත් දායකයන් පූජා කරන අටපිරිකර සහ සෙසු පිරිකර අලෙවි කරන ව්‍යාපාර සිදුකරන ඇතැම් ස්වාමින්වහන්සේලා ගැනද අපට අහන්න ලැබෙනවා. ඒත් ලෝක ළමා දිනය දා වැලිකන්ද ශ්‍රී සීලාලංකාර මහා විහාරයෙන් අපට අහන්න ලැබුණේ වෙනස්ම කතාවක්.

වසර පුරාම ලැබුණු පිරිකර එකතුකරලා ඒවා අලෙවි කරලා ලබාගත්ත මුදලින් විහාරාධිපති කවීශ්වර හිමියන් පොළොන්නරුව වැලිකන්ද අලුත්වැව ගම්මානයේ අහිංසක දරුවන්ගේ හිත් සතුටු කළේ හැමෝටම ආදර්ශයක් වන ලෙසයි. උන්වහන්සේ එම මුදලින් ගම්මානයේ වෙසෙන අහිංසක දරුවන් 200කට වැඩි පිරිසකට දිවා ආහාරය සහ තෑගි පරිත්‍යාග කළා.

බොහෝ ආර්ථික දුෂ්කරතා පවතින මේ දිනවල ඈත ගම්මානවල දරුවන්ට හරි හමන් ආහාර වේලක් ලබාගන්න හැකියාවක් නෑ. බොහෝ දරුවන් දවසට වේලක් දෙකක් සිටින්නේ කුසගින්නේ. එවැනි පසුබිමක කවීශ්වර හිමියන් කරපු මේ සත්කාරය ඒ අසරණ දරුවන්ට මහා ශක්තියක් වුණා. එසේම ගම්මානයේ වැඩිහිටියන් වෙනුවෙන්ද දිවා ආහාරය ලබාදීමට උන්වහන්සේ කටයුතු කර තිබුණා. ඒ සියලු කටයුතු වෙනුවෙන් ගමේ තරුණ පිරිසගේ සහාද උන්වහන්සේ වෙත ලැබී තිබුණු බව සඳහන් වුණා.

බොහෝ අය හිතන්නේ අටපිරිකරක් පූජා කළේ නැත්නම් දානයක් සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා. නමුත් අපි අටපිරිකරක් පූජා කළත් එහි ඇති සියලු පූජා භාණ්ඩ උන්වහන්සේලා ප්‍රයෝජනයට ගන්නේ නැහැ. අපේ අම්මලා තාත්තලා මේ පිරිකර හිස මුදුනේ තියාගෙන ගිහින් පූජා කළාට බොහෝ ස්වාමින් වහන්සේලා ඒවා ප්‍රයෝජනයට ගන්නේ නැහැ. ඊට හේතුව වර්තමානයේ අලෙවියට තබා ඇති අටපිරිකරවල ප්‍රමිතිය ඉතා පහළ මට්ටමක පැවැතීමයි. අතීතයේ අටපිරිකර ඉහළ ප්‍රමිතියෙන් සැකසුවත් වර්තමානයේ එය ව්‍යාපාරයක් බවට පත්කරගෙන තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලේ කෙනෙක් මහණ වෙනවා නම් ඔහුට පවසන්නේ පාත්‍ර සිවුරු සොයාගෙන එන ලෙසයි. නමුත් අද අටපිරිකර කූට වෙළෙඳුන්ගේ ව්‍යාපාරයක් බවට පත්වෙලා. ඔවුන් ආටෝප දාලා විශාල මුදලකට ඒවා අලෙවි කරනු ලබනවා. එයින් භික්ෂුවට යහපතකුත් නැහැ දෙන මනුස්සයාට යහපතකුත් ලැබෙන්නේ නැහැ.

අපිට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ සසරේ පෙර පිනක් නිසයි. කෙනෙක් මසුරුකමින් ධනය රැස් නොකළ යුතුයි. සැප ලබන්න නම් තව තව පින්කම් කළ යුතුයි. දානය කියන්නේ ආත්ම ගණනක් සංසාරේ ආනිසංස ලැබෙන පිනක්. කෙනෙක් හිතනවා නම් අපි ලෙඩවෙන්නේ නැහැ, පව් කළාට අපිට ඒවා පල දෙන්නේ නැහැ කියලා, ඒ තරම් අඥානකමක් මේ ලෝකේ තවත් නැහැ.

අපේ මරණය කවදා කොයි මොහොතේ අප කරා එනවාද කියලා අපි දන්නේ නැහැ. ජීවිතයේ ස්වභාවය මරණයයි. අපි විසිකරන ඉඳුල් වතුර ටිකෙන් හරි සතකුගේ කුසක් පිරේවා කියලා හැම තිස්සේම හිතන්න. ඒ නිසා අනෙකාගේ යහපත වෙනුවෙන් යමක් කරන්න. යමක් දන් දෙන්න. අපි දරාගෙන ඉන්නේ කුණු කයක්. මේ ශරීරය ලෙඩ රෝගවලින් පිරුණු ගොදුරක් කියලා හිතලා ජීවත්වෙන්න. හැම මොහොතේම කාට හෝ යහපතක් කරන්න පුරුදු වෙන්න. පින කියන්නේ අපට නිවන කරා යන්න උපකාරී වන දෙයක්. ඒ නිසා නොපමාව පින් රැස් කරගන්න.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ඊයෙ පන්සලේ..! අද කෝවිලේ…! මහින්ද හදිසියේම මෙහෙම පන්සල්-කෝවිල් යන හේතුව මොකද්ද? මහින්දම දීපු උත්තරේ මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

වෙඩි හුවමාරුවක්! ඝාතනයකට අවශ්‍යව සිටි හිටපු කොමාන්ඩෝ සෙබළෙක් STF වෙඩිල්ලකින් මරුට! I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.