අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පසුගිය 26 වැනිදා ඇතුළු වූ සොරු කණ්ඩායමක් කාර්‍යාලය බිඳ එහි මුදල් ඇතුළු උපකරණ සොරාගෙන තිබේ.Sri Lanka Latest News
සොරුන්, කාර්‍යාලයේ ගණකාධිකාරි (සරප්) අංශයේ ජනෙල් කඩා එම අංශයට ඇතුළු වී සේප්පුව විවෘත කර එහි තිබූ මුදල් රැගෙන ගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි.
සේප්පුව විවෘත්ත කර ඇත්තේ, එහි යතුර භාවිත කරමින් වන අතර, එය කෙසේ සිදු වුණි ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව වාර්තා වේ.
රැගෙන ගොස් ඇති මුදල් ප්‍රමාණය තවමත් ගණනය කර නොමැති අතර, එය රුපියල් ලක්ෂ 12ක් හෝ 15ක් විය හැකි බවට අනුමාන කරන බව ද කාර්යාල නිලධාරිහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.










