ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ මුදල් මේ රටේ වියදම් කිරීම සඳහා ක්‍රමවේද සකස් කළ යුතු බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.Sri Lanka Latest News
මේ වන විට විදෙස් මත්පැන් මිල අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා ඒ සඳහා විකල්ප ඇති කළ යුතු බවයි, ඇය පෙන්වා දෙන්නේ.
රුසියාවේ වොඩ්කා ජපානයේ සකේ මෙන් ලංකාවේ දේශීය මත්පැන් වන කසිප්පු ප්‍රවර්ධනය කළ යුතු බව පවසන ඩයනා ගමගේ, මේ වන විටත් කසිප්පු නිෂ්පාදනය 500%කින් ඉහළ ගොස් ඇතැයි පවසයි.
නිසි ප්‍රමිතියකට කසිප්පු පෙරා අපනයනය කළ හැකි නම් එමගින් අති විශාල ඩොලර් ප්‍රමාණයක් උපයාගත හැකි බව ඩයනා ගමගේ අවධාරණය කරයි.










