• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංචාරකයන්ගේ නොමනා වැඩ නිසා විනාශ වෙන සුන්දර හාවාගල කන්ද I Sri Lanka Latest News

September 28, 2023
in Exclusive, Holiday, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාව කියන්නේ සුන්දර ස්ථානවලින් අඩුවක් නැති අපූරු පිහිටීමක් තියෙන ආකර්ෂණීය දූපතක් කිව්වොත් හරියටම හරි. ඔබ දන්නවා මේ පුංචි රට දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනකුගේ ගමනාන්තයක් බවට පත්වෙන්නෙත් මේ තියෙන ආකර්ෂණීය ස්ථාන නිසා.(Sri Lanka Latest News)

එවැනි තවත් සුන්දර ස්ථානයකට මොහොතකට ඔබව එක්කරගෙන යන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. බොහෝ සංචාරකයන් තමන්ගේ සංචාරයන් සඳහා තෝරාගන්නේ සුන්දර වගේම ආකර්ෂණීය ස්ථානයන්. ඒ ආකාරයෙන් දුෂ්කර ගමනාන්තයකින් ළංවෙන්න තියෙන තවත් සුන්දර කඳු මුදුනක් තමයි ‘හාවාගල’ කඳු මුදුන කියන්නේ.

සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ ඉඳන් අඩි 4,500කට වඩා වැඩි උසකින් තමයි මේ කඳු මුදුන පිහිටා තියෙන්නේ. මේ ස්ථානයට ගමන් කරන්න බලාපොරොත්තු වෙන කෙනකුට කොළඹ ඉඳලා හාවාගලට එන්න නම් කොළඹ – බදුල්ල බස් රථයකට නැගලා ගලගම කියන නගරයට එන්න ඕනේ. ඉන් පස්සේ ගලගම නගරයෙන් ලඳුයාය කියන බස් රථයකට නැගලා ගමන ආරම්භ කරන්න ඕනේ.

කොහොම හරි ලඳුයාය බස් රථයේ අවසන් ගමන වන තැන ඔබට හාවාගල කන්ද පටන්ගන්න ගම්මානයට ළඟාවෙන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ හිතුමනාපෙට මේ හාවාගල කඳු මුදුන නගින්න යන්න එපා කියලා. හේතුව තමයි මේ ගමන ඔබ හිතන තරම් ලේසි පහසු එකක් නෙවෙයි. මේක අතිශයින් දුෂ්කර ගමනාන්තයක්. ඒ නිසාම මේ ගැන දන්න කියන කට්ටියගෙන් ගමන යන්න කලින් අහන්න අමතක කරන්න එපා.

මේ කන්ද නැගීම ආරම්භ කරන්න කලින් ඒ අසලින් ගලාබසින ඉතා පිරිසිදු දියපහරවලින් වතුර ටිකක් අරගෙන යන්නත් අමතක කරන්න එපා. අපි මුලින් සඳහන් කළා වගේම හාවාල කඳු මුදුන තරණය කරන එක ඒ තරම් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මේ කන්ද නගින්න ඔබට ලැබෙන්නේ ඉතා සුළු අඩිපාරවල් කිහිපයක් විතරයි. සංචාරය ආරම්භ කළාට පස්සේ ගමනාන්තයේ මැද කොටස වෙද්දී ඉතා අවධානයෙන් තමයි අපි ඉස්සරහට යන්න ඕනේ.

හේතුව තමයි කන්ද මැදදී හමුවෙන කැලෑබද ප්‍රදේශයේදී අතරමං වීමේ හැකියාව බොහොම වැඩියි. සංචාරකයන් බොහෝ දෙනෙක් සතුන්ගේ අඩිපාරවල ගිහිල්ලා මඟ වරදාගත් අවස්ථාත් මේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඉතින් ඔබ ගමන පටන්ගන්න වෙලාවේ ඉඳලා පැය තුනකට විතර පස්සේ ඔබට පුළුවන් හාවාගල කියන මේ සුන්දර කඳු මුදුනට ළඟාවෙන්න. ඔබ කෑම්පින්වලට යන කෙනකු නම්, අනිවාර්යයෙන්ම අධික ශීතලක් බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ අධික ශීතල ළඟාවෙන්න කලින් හවස් වරුවේ කෑම් එක ගහලා ඉවර කරගන්න කියලත් ඔබට මතක් කරනවා.

බොහෝ දෙනෙක් අභියෝග සහ දුෂ්කරතා මධ්‍යයේ මේ හාවාගල කඳු මුදුනට නගින්නේ විවිධාකාර අරමුණු එක්ක. බොහෝ දෙනෙක් සඳහන් කරන ආකාරයට හාවාගල කඳු මුදුනට උදෑසන හිරු උදාවෙන දර්ශනය බොහෝ අපූරුවට දර්ශනය වෙනවා. හරියට ශ්‍රීපාදස්ථානයට ගියාම අපි ඉර සේවය දකිනවා වගේම දර්ශනයක් මේ හාවාගල කඳු මුදුනේදීත් අපට බලාගන්න පුළුවන්.

හාවාගල කඳු මුදුන ඉදිරිපිටින් බෙලිහුල්ඔය නිම්නයෙන් කඩාහැලෙන සුන්දර ගලගම ඇල්ල දැකබලාගන්නත් ඔබට හැකියාව තියෙනවා. ඊට අමතරව හෝට්න් තැන්න, ලෝකාන්තය, නන්පේරියල් වතුයාය, සප්තකන්‍යා කඳුවැටිය ආදී දර්ශන බොහොමයක් ඔබට මේ කඳුවැටියේ ඉඳන් බලාගන්න පුළුවන්. කොහොම වුණත් මේ හැම දෙයක්ම බලාගන්න ඔබට මේ කන්දේ මීදුම අවසන් වෙනතුරු ඉන්න වෙනවා. ඒ වගේම තමයි හාවාගල කඳු මුදුන තරණයෙන් පස්සේ කන්ද බැහැගෙන එනකොට විඩාව නිවාගන්න ඔබට අපූරු ස්ථානයක් මුණගැහෙනවා. ඒ තමයි ලඳුයාය ගම්මානය මැදින් ගලාගෙන එන බෙලිහුල්ඔය.

බෙලිහුල්ඔයේ ජලය අදහාගත නොහැකි තරම් අධික ශීතලකින් යුක්තයි. හරිම පිරිසිදුයි. නැවුම් වතුර ටිකක් බොන්න නම් ඒ ආශීර්වාදය විඳින්නම ඕනේ. ඒ නිසාම හාවාගල කඳු තරණයෙන් පස්සේ බහුතරයක් දෙනා මේ ස්ථානයට ළඟා වෙන්නත් අමතක කරන්නේ නෑ.

හාවාගල කඳු මුදුන හෙක්ටයාර 186ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත මෝසම් වනාන්තර වර්ගයට අයත් පරිසර කලාපයක්. අවුරුද්දේ වැඩි කාලයක් මේ ප්‍රදේශය ඉතා තෙත් සහිත භූමියක් විදියට තමයි පවතින්නේ. බොහෝ දෙනෙක් සංචාරය කිරීමට මේ ප්‍රදේශය තෝරාගන්නේ ජනවාරි සිට පෙබරවාරි දක්වා වන කාලසීමාවේදී. මේ කන්දේ ඉතිහාසය ගැන කතා කළොත් ලංකා ඉතිහාසයේ ඉතා සුවිශේෂ කාලපරිච්ඡේදයක් වන රාවණා යුගය දක්වාම දිවෙන ඉතිහාසයක් තමයි මේ කන්දට තියෙන්නේ.

බොහෝ දෙනෙක් සඳහන් කරන ආකාරයට රාවණා රජුගේ මිහිදන් කළ දේහය මේ ස්ථානයේ තිබෙනවා. ඉතින් ජනප්‍රවාදත් එක්ක හාවාගල කන්ද ප්‍රදේශය තරණය කරන්න යන්න හිතාගෙන ඉන්න ඕනෙම කෙනෙක්ට මේ සුන්දරත්වය විඳගෙන ඉතිහාසය ගැනත් දැනගෙන එන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි මේ සියල්ලම පසෙකින් තිබ්බොත් මේ වෙනකොට නම් හාවාගල පරිසරය වගේම විශේෂයෙන්ම හාවාගල ජල මූලාශ්‍රවලට ඉතා නරක කාලයක් තමයි උදාවෙලා තියෙන්නේ.

අපේම මිනිසුන්ගේ, සංචාරකයන් යැයි කියාගන්නා බොහෝ දෙනකුගේ අකටයුතුකම් නිසා මේ ප්‍රදේශය එන්න එන්නම විනාශ මුඛයට ඇදවැටෙමින් පවතිනවා. කොහොම වුණත් සොබාදහමට ආදරය කරන අපේ වගකීම වෙන්නේ මෙවැනි සුන්දර ස්ථානයන් අපේ පණ මෙන් රැකගැනීමයි.

Naifm යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

සංගීත සංදර්ශනවල මෙහෙම නටන එවුන් අපේ රට ඇතුළේ ඉන්නවා කියලා දැක්කෙ අදමයි! මුන්ට මොනා වෙලාද කියලා දෙයියො තමයි දන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

හැම අවුරුද්දකට වතාවක් හොල්මන් කරන කවුද මේ තිලීපන් I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.