ආණ්ඩුව තුන්වැනි වතාවටත් විදුලි බිල ඉහළ දැමීමට සැලසුම් සකස් කරමින් සිටින බව සජබ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා මේ බව සදහන් කළේ මෙම පුවත වාර්තා වීමත් සමග විදුලි බිල රැගෙන ප්රදේශවාසීන් රැසක් මරික්කාර් මහතා හමුවීමට පැමිණීමෙන් අනතුරුවය.
එහිදී ඔවුන් මන්ත්රීවරයාට පෙන්වා දී තිබුණේ පවතින අසීරු තත්ත්වය හමුවේ නැවත වතාවක් විදුලි බිල ඉහළ දැමුවහොත් කිසිසේත්ම ජීවත් විය නොහැකි බවකි.
ඔවුන්ගේ දුක්ගැනවිලිවලට පිළිතුරු දුන් මන්ත්රීවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුව යළිත් වතාවක් විදුලි බිල ඉහළ නැංවීමට සූදානම් වුවහොත් මරාගෙන මැරෙන්නට හෝ ජනතාව සමග පාරට බසින බවකි.










