• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ වෙනස් කරන බව අපි IMF එකට දැනුම් දුන්නා! සුපිරි පොහොසතුන්ට සහන දීලා EPF එකට කළ බලපෑම ගැනත් කිව්වා! 78 වැනි බස් රථය අකුරම්බොඩ ළමයින්ට පිරිනමමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 26, 2023
in Exclusive
Reading Time: 19 mins read
A A
IMF ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ වෙනස් කරන බව අපි IMF එකට දැනුම් දුන්නා! සුපිරි පොහොසතුන්ට සහන දීලා EPF එකට කළ බලපෑම ගැනත් කිව්වා! 78 වැනි බස් රථය අකුරම්බොඩ ළමයින්ට පිරිනමමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමා ඇතුළු සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන් කණ්ඩායමකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට ලැබුණු අවස්ථාවක දී වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම සමගි ජන බලවේග රජයක් යටතේ වැඩ කරන ජනතාවට හා පොදු ජනතාවට ගැලපෙන ලෙස වෙනස් කරන බවත් වත්මන් රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සුපිරි පොහොසතුන්ට හා බැංකුකරුවන්ට සහන ලබා දෙමින් වැඩ කරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදලට සිදු කළ බලපෑම සම්බන්ධයෙන් ද පැහැදිලි කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ රට වර්තමානයේ ඇති තත්ත්වයෙන් ගොඩ ගත හැක්කේ කියුබාවෙන් හෝ අනෙකුත් උග්‍ර සමාජවාදී රටවලින් සහාය ලබා ගෙන නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, යුරෝපා හවුල, එක්සත් රාජධානිය, ඉන්දියා, චීනය වැනි රටවල් සමඟ අපේ රටට හිතැති ජනතාවට බලපෑමක් නොවන ගිවිසුම් මඟින් බවත් එහි දී වත්මන් රජය අනුගමනය කළ තමන්ට හිතවත් කෝටිපතියන්ට සහන ලබා දෙන ගිවිසුම්වලට නොයා ජනතාවගේ පැත්තෙන් වාසියක් වන ගිවිසුම්වලට එළැඹෙන බවත් ඒ සදහා සමගි ජන බලවේගයට පුළුල් දැක්මක් හා අරමුණක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දඹුල්ල අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට අද (26) එක්වෙමිනි. ඒ සක්වල බස් රථ වැඩසටහන යටතේ ලබා දුන් 78 වැනි බස් රථයයි. ඒ බස් රථයත් සමග රුපියල් මිලියන 379.2 ක බස් රථ, පාසල් 33කට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යට⁣තේ රුපියල් ලක් 290ක.සුහුරු පන්ති කාමර උපකරණ සහ හුස්ම වැඩසටහන යටතේ රජයෙ රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ සහ ඖෂධ ලබා දී තිබේ.

එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ අයි. එම්. එෆ්. එකත් සමග ගිවිසුම් ඇති කර ගන්නේ ටයිකෝට් ඇදන් රජ මැදුරුවල සුරසැප විඳින පාලකයන්ගේ හා සුපිරි පොහොසතුන්ගේ වුවමනාවට නොව ලක්ෂ 220ක් වූ ජනතාවගේ වුවමනා පිළිබඳ අවධානය යොමු කරමින් බව යි.

එසේම වත්මන් රජයේ මන්ත්‍රීවරුන් ජනතාව ඇවිස්සෙන ආකාරයේ කතා කියමින් යන බවත් පසුගිය දිනක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු කමිටුවක දී ගියපාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් පිච්චුවා සේ මෙවර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ මහබැංකු අධිපතිවරයාගේ නිවෙස් පුලුස්සා දැමිය යුතු බවට වන වෛරී සහගත ප්‍රකාශයක් සිදු කර ඇති බවත් ජනතාවගේ ඡන්දයෙන් පැමිණි මන්ත්‍රිවරයකු එවැනි ප්‍රකාශයක් කිරීම අනුමත කළ නොහැකි බවත් ඊළඟ සභාවාරයේ දී ඔහු අනිවාරයෙන් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මැතිවරණය සඳහා අවශ්‍ය රුපියල් බිලියන 10ක මුදලක් ලබා දීමට නොහැකි නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් මහබැංකු අධිපතිවරයාත් ඉලක්ක කර ගෙන එවැනි ප්‍රකාශ සිදු කිරීම අනුමත කළ නොහැකි බවත් එම නිලධාරින්ගේ වගකීම් පැහැර හරින්නේ නම් ඔවුන්ව අධිකරණය හමුවට ගෙන යාම නීත්‍යානුකූල ක්‍රමය බැවින් එය අනුගමනය කළ යුතු බවත් සමගි ජන බලවේගය හා තමා කිසිදු අවස්ථාවක ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බැවින් එම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට තරයේ විරුද්ධ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

තවද මෙරට අධ්‍යාපන ගැන අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙරට නිදහස් අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනයෙන් නොව පූර්ව ළමා විය සංවර්ධනයේ සිට ආරම්භ කළ යුතු බවත් සමගි ජන බලවේග රජයක් යටතේ පූර්ව ළමා විය සංවර්ධනයේ සිටම නිදහස් අධ්‍යාපනය ලබා දෙන බව යි. එසේම අධ්‍යාපනයේ ඇති බෙදීම නැති කර ඇති හැකි පාසල් බවට ගමේත් නගරයේත් පාසල් පත් කරන බවත් සෑම පාසලකම පරිගණක, තොරතුර තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර ඇති කර නව ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් කරා මෙරට අධ්‍යාපනය ගෙන යන බවත් පැවසීය.

SendShareShare
Previous Post

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරියට වැඩ කරනවද බලන්න විශේෂ ඒකකයක් පිහිටුවීමට මහින්දානන්දගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

Next Post

පිළිකා රෝගීන් අමාරුවේ! මඩකලපු රෝහලේත් ලීනියර් යන්ත්‍රය කැඩිලා! I Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.