• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය ඇමැති චානකගේ මාමණ්ඩිය ඝාතනය සුජීගේ නියෝගයක්! රත්ගම පාතාලයේ විදුරගේ හිතවතෙක්! මීට ටික කලකට ඉහතදී CIDයෙන් ප්‍රශ්නත් කර ඇති බව අද දින පුවත්පතක් වාර්තා කරයි! I Sri Lanka Latest News

September 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජ්‍ය ඇමැති චානකගේ මාමණ්ඩිය ඝාතනය සුජීගේ නියෝගයක්! රත්ගම පාතාලයේ විදුරගේ හිතවතෙක්! මීට ටික කලකට ඉහතදී CIDයෙන් ප්‍රශ්නත් කර ඇති බව අද දින පුවත්පතක් වාර්තා කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය (බිරිඳගේ පියා) කෝටිපති ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා ගාල්ල නගර මධ්‍යයේ සිය මෝටර් රථය තුළදී පෙරේදා (23 දා) රාත්‍රි හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයකු වන කොස්ගොඩ සුජීගේ නියෝග මත ඔහුගේ ගෝලබාලයන් විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.Sri Lanka Latest News

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා රත්ගම විදුර නමැති පාතාල නායකයා සමඟ සබඳතා පවත්වා ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. රත්ගම විදුර සහ කොස්ගොඩ සුජී අතර දැඩි වෛරයක් පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ගාල්ල නගර මධ්‍යයේ පිහිටි විශාලතම රෙදිපිළි අලෙවිසලේ හිමිකරු වන ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා පෙරේදා රාත්‍රි සිය ව්‍යාපාරික ස්ථානය වසාදමා නිවස බලා යෑමට සූදානමින් ගාල්ල ඩික්නෝ හන්දියේ පිහිටි වෙළෙඳ සංකීර්ණය ද වසා දමා ගාල්ල එලියට් පාරේ පිහිටි නිවසට යෑමට මෝටර් රථයට ගොඩවී ඇත.

හෙතෙම සිය මෝටර් රථය පදවාගෙන තනිවම නිවස බලා යමින් සිටියදී ගාල්ල බිංගේ කන්ද ප්‍රදේශයේදී යතුරුපැදියකින් පන්නාගෙන ආ පාතාල සාමාජිකයන් දෙදෙනකු මෝටර් රථයේ පිටුපස වීදුරුවලට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත. ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා සිය මෝටර් රථය මාර්ගය අසල නතර කරනවාත් සමඟම යතුරුපැදියෙන් පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනා ඔහුගේ හිසට හා පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 15 ක් පමණ එල්ල කර පලාගොස් තිබේ.

ප්‍රහාරයෙන් පසු නගරවාසින් විසින් ව්‍යාපාරිකයා රෝහල්ගත කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. රත්ගම විදුර නමැති පාතාල නායකයා මේ වන විට ඉතාලියේ සැඟවී සිටින අතර ඔහු දකුණු පළාතේ පාතාල කෙළිකාරයකු බවට පත්ව සිටි පසුගිය දිනවලදී අම්බලන්ගොඩ, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී කොස්ගොඩ සුජීගේ ඥාතීන් සහ ඔහුගේ පාතාල කල්ලියේ සාමාජිකයන් කිහිපදෙනකු විදුරගේ කල්ලියේ සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක්වූහ. එම ප්‍රහාරවවලට එකට එක කිරීමක් ලෙස මෙම ව්‍යාපාරිකයා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි. ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයේ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ ඝාතකයන් හඳුනාගැනීමට පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, ගාල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ගාල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. එස්. ජයවීර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදුකෙරේ.

ඝාතනයට ලක්වූ ලලිත් වසන්ත මහතාගෙන් මීට ටික කලකට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන තිබුණි.

-දිවයින

SendShareShare
Previous Post

හෙද ව්‍යවස්ථාව හොරෙන්ම සංශෝධනය කරලා! සමස්ත ලංකා හෙද සංගමය හෙට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට! I Sri Lanka Latest News

Next Post

ලෝක ළමා දින සතියෙම සජිත් ළමයි එක්ක! 78 වන බස් එක අකුරම්බොඩ කනිටු විදුහලට! 79 වන බස් එක අක්කරෙයිපත්තු රාමක්‍රිෂ්ණ ජාතික විදුහලට! 80 වැනි බස් එක ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයට! ඇරැව්වල විද්‍යාලෝක විදුහලට ස්මාර්ට් පන්ති කාමරයකුත්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News
Exclusive

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

තත්ත්වය භයානකයි! පළමු වතාවට පැය 24ට ඩෙංගු රෝගීන් 1000 පන්නයි! දැනට 28ක් මැරිලා! මරණ ගණන වැඩිවෙන්නත් පුළුවන්! රෝහල් පද්ධතියේ කඩා වැටීමක් අත ළඟ? I Sri Lanka Latest News

පොලිසි සහ බන්ධනාගාර ඇතුළේ සිද්ධ වෙන වැඩ ගැන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ කමිටුව ආණ්ඩුවට රහස්‍ය වාර්තාවක් දෙන්න යයි! I Sri Lanka Latest News
Exclusive

පොලිසි සහ බන්ධනාගාර ඇතුළේ සිද්ධ වෙන වැඩ ගැන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ කමිටුව ආණ්ඩුවට රහස්‍ය වාර්තාවක් දෙන්න යයි! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

බැංකු 13ක ගිණුම් 227ක්! 36ක්ම අකුරක්වත් බැරි කුඩුකාරයන්ගේ නම්වලින්! ඩොලර් මිලියන ගණනක් රටින් පන්නපු ‘සමාගම් හිමිකරු’ අල්ලයි! I Sri Lanka Latest News

Load More
බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News
Exclusive

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. Sri Lanka Latest News මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව...

Read more
පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

තත්ත්වය භයානකයි! පළමු වතාවට පැය 24ට ඩෙංගු රෝගීන් 1000 පන්නයි! දැනට 28ක් මැරිලා! මරණ ගණන වැඩිවෙන්නත් පුළුවන්! රෝහල් පද්ධතියේ කඩා වැටීමක් අත ළඟ? I Sri Lanka Latest News

පොලිසි සහ බන්ධනාගාර ඇතුළේ සිද්ධ වෙන වැඩ ගැන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ කමිටුව ආණ්ඩුවට රහස්‍ය වාර්තාවක් දෙන්න යයි! I Sri Lanka Latest News

පොලිසි සහ බන්ධනාගාර ඇතුළේ සිද්ධ වෙන වැඩ ගැන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ කමිටුව ආණ්ඩුවට රහස්‍ය වාර්තාවක් දෙන්න යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.