මුලතිව්,මල්ලාවි ප්‍රදේශයේ වසාදමා තිබු නිවසක තිබි පුද්ගල මළ සිරුරක් ඊයේ (23) සොයාගත් බව මල්ලාවි පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
පොලිසිය පැවසූවේ 28 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස වසාදමා තිබු නිවසක තිබි සොයාගත් බවයි.
වසා දමා තිබු නිවස අසළ නිවැසියන් සිදුකළ දැනුම්දීමක් මත මළ සිරුර සොයාගත් බවද පොලිසිය සඳහන් කළහ.
ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවට මුලිකව නිරීක්ෂණය වන අතර, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් මල්ලාවි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
newscenter










