• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පනස් වසරකට පසු පෙරභවය සොයා ගොස් ලොවම මවිත කළ ලංකිකයා I Sri Lanka Latest News

September 21, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකය පුරා අදටත් පවතින මතයක් වෙන්නේ මිනිසාට මරණයෙන් පසුව නැවතත් ජීවිතයක් තිබෙනවාද කියන කතාව. එහෙම නැත්නම් නැවත ආත්මයක් තිබෙනවාද, නැවත උත්පත්තියක් තිබෙනවාද කියන ප්‍රශ්නය. මේ ගැන කතා කරද්දී තමයි පුනර්භවය කියන සාධකය ඉදිරියට එන්නේ. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ විසින් මේ පුනර්භවය ගැන හෙළිකර තිබුණේ මීට වසර දෙදහස් ගණනකට පෙර.(Sri Lanka Latest News)

නමුත් මේ වෙද්දී විද්‍යාඥයන් ඒ පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකරමින් තිබෙනවා. කොහොම නමුත් පෙර භවය හෙළිකළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින් වර අසන්නට ලැබුණා. මේ කතා එක්ක නැවත භවයක්, නැවත ආත්මයක් තිබෙනවාය යන්න ප්‍රබල වශයෙන් ඔප්පු වෙන අවස්ථා තිබුණා. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවුණා. එම පුනර්භව සාධකයට හේතු වුණේ මීට වසර 50කට පෙර උපත ලද දරුවකු හෙළිකළ සිදුවීමක්. එදා මහත් ආන්දෝලනයක් ඇතිකළ පෙර භවය හෙළිකළ එම දරුවාගේ පර්යේෂණය සඳහා ලෝ පතළ පුනරුත්පත්ති පර්යේෂකයකු වූ ඇමෙරිකාවේ වර්ජිනියා විශ්විවිද්‍යාලයේ මහාචාර්ය Ian Stevenson ද ශ්‍රී ලංකාවට පැමිණියා.

මෙම දරුවා අනාවරණ කළ සියලු තොරතුරු සනාථ වූ අයුරු පුවත්පත් මගින්ද ප්‍රසිද්ධ කළා. පෙර භවය හෙළිකළ එම දරුවා අද දෙදරු පියෙක්. ඔහු එදා අනාවරණ කළ පුනර්භව තොරතුරු විමර්ශනය කිරීමට ඔහුගේ දූ දරුවන් සහ බිරියටද අවශ්‍ය වුණා. ඒ සඳහා ඔවුන් පසුගිය දිනෙක ඔහු පෙර භවයේ ජීවත් සිටි ගමේ පිහිටි නිවෙසට ගොස් එම ඥාතීන්ව හමුවී තිබුණා. පෙර භවය හෙළිකළ එම දරුවා උපත ලබා තිබුණේ දොඩංගොඩ ප්‍රදේශයේ. ඔහු ප්‍රකාශ කළේ පෙර භවයේදී වෙළෙඳ ව්‍යාපාරිකයකු ලෙස ජීවත්ව සිටි බවයි. මියයන විට ඔහු පදිංචිව සිටි ගම් ප්‍රදේශය ඉංගිරිය ලෙස හැඳින්වූ බවද එදා එම දරුවාට මතකයේ තිබුණා.

පෙර ගම් ප්‍රදේශයට යන ගමන් මාර්ගයද නිවැරැදිව හෙළිකළ එම දරුවා, අජිත් නම් වුණා. පෙර භවයේදී ඔහුගේ නම ජයතිස්ස බවත්, මරණය සිදුවූයේ තමා පදවාගෙන ගිය මෝටර් රථය අනතුරට ලක්වීම නිසා බවත් ඔහුට මතකයේ තිබුණා. දරුවන් හය දෙනකුගේ පියකු වූ එම දරුවා පෙර භවයේ නිවෙස ඉදිරිපිට ගේට්ටුවක් සහ බෙලි ගසක් තිබූ බවද පවසනවා. තම මෝටර් රථය අනතුරට පත්වූ අවස්ථාවේ තවත් එක් අයෙක් එම රථයේ සිටි බව ඔහුට හොඳටම මතකයේ තිබුණා. හොරණ සිට ඉංගිරියට ගොස් පාදුක්ක පාරේ යන විට නිවෙස හමුවන බවත් ඔහු මතකයෙන් හෙළිකළා.

දිනක් තම මෝටර් රථය පදවාගෙන යන විට අනතුරට පත්වූ අයුරු එදා එම දරුවා පැවසුවේ ‘කාර් එක ඇන්දේ හැපුණා’ යනුවෙන්. ඒ වන විට රථයේ කිසිවකු සිටියේදැයි ඔහුගෙන් විමසූ විට එක් අයකු සිටි බව පැවසුවද ඒ කවුරුන්ද යන්න හෙළිකළේ නැහැ. අජිත් එදා හෙළිකළ තොරතුරු පටිගත කිරීමටද ලක්කිරීමෙන් පසු ඔහුගේ පෙර භවය සෙවීමේ පර්යේෂණ ආරම්භ කෙරුණා. ඒ අනුව ඉංගිරිය ප්‍රදේශයේදී රිය අනතුරට ලක්ව මරණයට පත්වූ ජයතිස්ස නම් අයකු පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණා. මේ සඳහා ඉංගිරියට ගොස් පරීක්ෂා කිරීමේදී ජයතිස්ස ජීවත්ව සිටි නිවෙස සොයාගැනීමට හැකි වුණා.

එදා එම නිවෙසට යන විට ජයතිස්ස මහතාගේ මල්ලි එහි සිටියා. ඒ වන විට ජයතිස්සගේ බිරිය සහ දූදරුවෝ පදිංචිව සිටියේ වෙනත් නිවෙසකයි. අජිත් කළ ප්‍රකාශ පටිගත වී තිබූ අයුරින්ම ඔහුගේ සොහොයුරාට අසන්නට සැලැස්සුවා. එයට සවන් දී සිටි ඔහු අජිත් ප්‍රකාශ කරනුයේ තම මියගිය සොහොයුරාගේ ජීවන තොරතරුැ බව සනාථ කළා. අජිත් පැවැසූ පරිදි ජයතිස්ස මරණයට පත්ව තිබුණේ ඔහු පදවාගෙන ගිය මෝටර් රථය ඉංගිරිය පාලමේ ඇන්දේ ගැටී සිදුවූ රිය අනතුරකින්.

එදා එම අවස්ථාවේ ජයතිස්සගේ ව්‍යාපාරවල සේවිකාවක් වූ රූමත් තරුණියක්ද මෝටර් රථයේ ගමන් කර තිබූ අතර, ඇයද මරණයට පත්වුණා. මෙම කරුණු විමර්ශනය කිරීම සඳහා මහාචාර්ය Ian Stevenson 1976 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ අජිත්ගේ පුනර්භව සාධක පිළිබඳ පූර්ණ පර්යේෂණයක් පැවැත්වූවා. ඒ පර්යේෂණය සිදුකරනු ලැබුවේ හොරණ තානායමේදී. එහිදී අජිත් හඳුනන, කිසිදා නොදුටු පුද්ගලයන් කිහිප දෙනකු වගේම ජයතිස්ස ඇසුරු කළ පුද්ගලයන් පිරිසක්ද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළා.

ඒ සඳහා ජයතිස්ස මහතාගේ වැඩිමහල් පුත්‍රයාද වුණා. එදා පාසල් ශිෂ්‍යයකුව සිටි ඔහු දුටු සැණින් අජිත් පැවැසුවේ ඉංගිරියේදී දැකලා තියෙනවා යනුවෙනි. මෙම හඳුනාගැනීමේ පෙරට්ටුවේදී ජයතිස්ස ඇසුරු කළ පුද්ගලයන්වද ඒ අතර අජිත්ට ඉදිරිපත් කෙරුණා. එමගින් අදහස් කළේ ජයතිස්ස ඇසුරු කළ අය නිවැරැදිව හඳුනාගැනීමට හැකිද යන්න නිරීක්ෂණය කිරීමයි.

එහිදී ජයතිස්ස නිතර ඇසුරු කළ භික්ෂුන්වහන්සේ නමක් ඔහු ඉදිරියට පැමිණි විට එම භික්ෂුන්වහන්සේගේ නමින්ම උන්වහන්සේ හඳුනාගන්නේ පුදුමාකාර අයුරින්. එක් අසල්වාසී අයකු දුටු විගස අජිත් ප්‍රකාශ කළේ ඒ ගෙදර හරියට මල් තියෙනවා යනුවෙනි. එම පුද්ගලයාගේ නිවෙසේ මල් වැවීම ඉතා සරුවට සිදුකළ බව ඔහු අප සමග පැවැසුවා. අජිත් හෙළිකළ තොරතුරු ජයතිස්සගේ ජීවන තොරතුරුවලට 100%ක්ම සත්‍ය බව තහවුරු වුණා. ජයතිස්ස මහතා ගමන්ගන් මෝටර් රථය පාලමෙන් පහළට වැටී සිදුවූ දරුණු අනතුරෙන් ඔහුගේ මරණය සිදුවී තිබුණා.

මෙම පුනර්භව පර්යේෂණයේදී එම කරුණු සනාථ කිරීම සඳහා මහාචාර්ය Stevenson විසින් ජයතිස්සගේ මරණය සිදුවූ ආකාරය සටහන් වී ඇති මරණ සහතිකය පවා විමර්ශනයට ලක් කළා. එම මරණ සහතිකයේ සඳහන් වූයේ ‘මරණයට හේතුව මෝටර් රථය ඇළකට වැටීමෙන් රියැදුරු අන්ත්‍රා වෙලා’ යනුවෙනි. ඒ වන විට ජයතිස්ස මහතා 49 හැවිරිදි වියේ පසුවූ බවද එහි සටහන්ව තිබුණා. අජිත් තම පෙර භවය පිළිබඳ තොරතුරු හෙළිකිරීම සහ ඒ සඳහා සිදුකළ පූර්ණ පරීක්ෂණයේදී එදා ඔහු අනතුරට පත්වූ අවස්ථාවේ ප්‍රකාශයට පත්වූ පුවත්පත් වාර්තාද නිරීක්ෂණය කරනු ලැබුවා.

එක් පුවත්පතක් ඔහුගේ අනතුර වාර්තා කර තිබුණේ ‘වෙළෙඳ ව්‍යාපාරික හා රූපරාජිනියක් අනතුරින් නසී’ යනුවෙනි. ‘ඉංගිරියේ ජයතිස්ස දොඩංගොඩ ඉපදිලා’ යනුවෙන් ප්‍රධාන සිරිස්තලය යටතේ එය පළවුණා. මෙම සිදුවීමට සම්බන්ධ අජිත් දැන් විවාහකයෙක්. දරුවන් දෙදෙනකුගේ පියෙක් වන ඔහු පසු දිනෙක යළිත් පෙර භව ප්‍රදේශයට යෑමටත්, ඔහුට අනතුර සිදුවූ ස්ථානයට නිරීක්ෂණය කිරීමටත් අවශ්‍ය බව ප්‍රකාශ කළා. තම පෙර භව මතකය තව කොතෙක් දුරට මතකයේ රැඳී තිබේද යන්න නිරීක්ෂණය කිරීම ඔහුගේ අදහස වුණා.

පසුගියදා අජිත් ඔහුගේ පෙර භවයේ දූදරුවන් සහ බිරිය සිටින නිවෙසටද ගියා. එම දූ දරුවෝ සියලු දෙනා දැන් විවාහකයි. ජයතිස්ස මහත්මිය හවුවීමටද අජිත්ට අවස්ථාව ලැබුණා. එහිදී ඔවුන් විසින් අජිත්ව ඉමහත් ආදරයෙන් පිළිගැනීම අජිත්ට මහත් ප්‍රීතියක් වුණා. තම පෙර භව මතක සටහන් යළි සිහිපත් වන බව අජිත් එහිදී ප්‍රකාශ කළා. ජයතිස්ස මහතාගේ දූදරුවන් කිහිප දෙනෙක්ම එහිදී හමුවූ අතර, ඔවුන් මගින්ද අජිත් සෙනෙහස ලැබීම පුනර්භව පර්යේෂණවලදී දක්නට ලැබෙන දුෂ්කර අවස්ථාවක් වුණා. ඔවුන්ගෙන් සමුගත් අජිත් ඊළඟට ගියේ ඔහු අනතුරට ලක්වූ පාලම නිරීක්ෂණය කිරීමටයි.

එම පාලමේ ඇන්ද වෙත පය තැබූ අජිත්, එහිදී දැඩි කල්පනාවක නිගමග්නව සිටියා. ‘පෙර භව සිදුවීම් මට නැවත සිහිවෙනවා’ යැයි ඔහු එහිදී ප්‍රකාශ කළා. අනතුරුව අජිත් පෙර භවයේ ඔහුගේ සිරුර භූමිදානය සිදුකළ සොහොන වෙතද ගියා. ජයතිස්ස මහතාගේ දූදරුවන් විසින් එහි ඉදිකර ඇති සොහොන් කොත වෙත ගිය අජිත්, දැඩි කල්පනාකාරී බවකින් ඒ දෙස බලා සිටියා.

එම සොහොන කොත මත ජයතිස්සගේ ඡායාරූපයක්ද පැහැදිලිව දකින්නට තිබෙනවා. පෙර භවයේ සිරුර භූමිදානය කළ ස්ථානය සොයා ගිය පුනර්භව සාධක අතර වසර 50ක පමණ අතීතයක් ඇති පෙර භවයට සම්බන්ධ සොහොන වෙත පෙර භවයේ හෙළිකළ පුද්ගලයා ගිය පළමු අවස්ථාව මෙය වුණා. එයට ප්‍රධාන කරුණක් වුණේ අජිත්ගේ බිරිය සහ දරුවන් දෙදෙනාම එය දැකගැනීමට අවශ්‍ය බව දන්වා සිටීමයි. තම පියා පෙර භවය හෙළිකළ පුද්ගලයකු බව ඔවුන් පවසන්නේ මහත් ගෞරවයෙන්.

ඊට පසුව පෙර භවයේ නිවෙස වෙත ගිය අජිත් ප්‍රකාශ කළේ ‘දැන් පරිසරය හරියට වෙනස් වෙලා. ඒත් ගේ අඳුනාගන්න මට පුළුවන්’ යනුවෙන්. ‘මේ ගෙදර හදපු අවුරුද්ද 1930’ යැයිද අජිත් ප්‍රකාශ කර තිබුණා. එවිට ‘එය බලන්න ඕනෑ’ යැයි නිවෙසේ පදිංචිකරුවන් පැවැසූ අතර, අජිත් එය තහවුරු කෙරෙන සටහනක් පෙන්වා තිබුණා. එය අතිශය වැදගත් කරුණක් වුණා. ‘මට හොඳට තාම මතකයි. 1930 වර්ෂයේ නිවෙස තිබුණා. එය මට සිහි වූයේ දැන් මෙතැනට පැමිණි විටයි’ යනුවෙන් ඉමහත් සතුටින් ඔහු පැවැසුවා.

පෙර භවය හෙළිකළ දරුවන් සහ ඔවුන්ගේ පෙර භව ඥාතීන් හමුවීමේ සිදුවීම් අතර, පෙර භව ඥාතීන් ඇසුරු කරන සිදුවීම් වාර්තා වී ඇත්තේ ඉතා ස්වල්පයක් පමණයි. එවැනි පවුල් හයක් පමණ ශ්‍රී ලංකාවේ පර්යේෂණවලට යොදාගෙන තිබුණා. ඉන් ප්‍රධාන සාධකයක් ලෙස අජිත්ගේ පුනර්භව සිදුවීම හැඳින්වීමට පුළුවන්. අජිත්ගේ පුනර්භව සාධකයේ තවත් සුවිශේෂ ලක්ෂණයක් දකින්නට ලැබෙනවා.

ඒ, ජයතිස්ස මහතා මියයන විට සුප්‍රකට වෙළෙඳ ව්‍යාපාරිකයකුව සිටීමයි. පෙර භවය හෙළිකළ අජිත්ද අද ඒ අයුරින්ම වෙළෙඳ ව්‍යාපාරිකයකු බවට පත්ව සිටීමද විශේෂ සිදුවීමකි. අජිත්ගේ පුනර්භව තොරතුරු විමර්ශන කිරීම සඳහා ඔහුගේ බිරිය සහ දරුවන් දෙදෙනාද ඉදිරිපත් වීම තවත් විශේෂත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. රජයේ දෙපාර්තමේන්තුවක නිලධාරිනියක වන අජිත්ගේ බිරියද තම සැමියාගේ පෙර භව මතක සටහන් පිළිබඳ දැඩි විශ්වාසයකින් ඔහුගේ පෙර භව ඥාතීන් ඇසුරු කිරීමටත් දක්වන්නේ ඉමහත් ආශාවක්.

පෙර භවය ගැන ඉතා සුවිශේෂ හෙළිදරව්වක් අජිත්ගේ පුනර්භව මතක සටහන් සමග ඉදිරියට පැමිණ තිබෙනවා. ඒත් එක්ක නැවතත් අපට සිතන්නට වෙනවා වසර 2500කටත් ඉහත කාලයේදී බුදුරජාණන්වහන්සේ පුනර්භවය ගැන පැවැසූ කතාව අද විද්‍යාව විසින් ඔප්පු කරමින් තිබෙන බව.

Amuthu යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

කුකුළා බැස්සා! Sri Lanka Latest News

Next Post

විපක්ෂනායක සජිත්ගෙන් හෙට පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් හෙළිනොවුණු අතිවිශේෂ හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News
Exclusive

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.