අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබේ.Sri Lanka Latest News
පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුව ඇතැයි 119 අංකයට පණිවුඩයක් ලැබුණු බවය.
ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් වෙඩිතබා පළාගොස් ඇතැයි අනාවරණය වී තිබේ.
එහිදී සිද්ධියෙන් තුවාල ලැබු සිව්දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 27ක් හා 36ක් වන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
සිද්ධියෙන් තුවාල ලැබු තුවාලකරුවන් වයස අවුරුදු 42 ක් හා 43ක් වන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.
වෙඩිතැබීම සඳහා පැමිණි සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










