• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාර චෝදනාවට ගෝඨාව අරන් යන්න හදන මොකක්ද මේ හේග් අධිකරණය I Sri Lanka Latest News

September 17, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැනටමත් රාජ්‍ය නායකයන් රැසකට දඬුවම් දීලා… පුටින්ව අත්අඩංගුවට ගන්නත් නියෝගයක්…

මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුවූ විවිධ ත්‍රස්තවාදී ප්‍රහාර අතරින් පාස්කු බෝම්බ ප්‍රහාරය යනු අතිශය ම්ලේච්ඡ ජන ප්‍රහාරයක් ලෙස සැලකෙයි. දීර්ඝ කාලයක් පුරා මෙරට අසන්නට ලැබුණේ දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද ප්‍රහාරයන්ය. එහෙත් පසුව එම වාර්ගික යුද්ධය නිම වීමෙන් පසුවත් මෙලෙස කිසි කලෙක මෙරටින් අසන්නට නොලැබුණු ඉස්ලාමික අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන අසන්නට ලැබිණි.(Sri Lanka Latest News)

ලෝකයේ රටවල් රැසකදී මේ ආකාරයේ ප්‍රහාරයන් අසන්නට ලැබුණත් ඉස්ලාමික ත්‍රස්තයන් ගැන මෙලෙස අප රටෙන් අසන්නට ලැබුණේ ප්‍රථම වතාවටය. මෙම ඉස්ලාමික ත්‍රස්ත කතාවට පසුගියදා තවත් සුවිශේෂ රහස්‍යමය වගතුගක්ද එකතු වුණේය. එනම් එය යම් විදේශීය පාර්ශ්වයක් විසින් පසුගියදා ප්‍රථම වතාවට හෙළිකරන ලද රහසක් විය. මෙම සුවිශේෂ රහස පසුගියදා හෙළිකරන ලද්දේ මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) සුප්‍රකට චැනල් – 4 රූපවාහිනී නාලිකාව මගිනි.

එංගලන්තයේ චැනල් – 4 රූපවාහිනී ආයතනය යනු ලොව සුප්‍රකට රූපවාහිනී විකාශන සංවිධානයකි. මෙම ආයතනය දැනට වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ ජනතාව අතරද ප්‍රකටත්වයට පත්ව ඇත. එසේ සිදුවී ඇත්තේ එම ආයතනය විසින් පසුගිය කාලයක් පුරා ශ්‍රී ලංකාව අදාළ කරගෙන නිෂ්පාදනය කරන ලද විවිධ රූපවාහිනී වාර්තා චිත්‍රපට සහ වාර්තාමය වැඩසටහන් හේතුවෙනි. ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයෙන් පසුව මෙම අතිශය ආන්දෝලනයක් ඇතිකළ වැඩසටහන් නිෂ්පාදනය කෙරිණි. එහිදී චැනල් – 4 රූපවාහිනී ආයතනය නිපදනවන ලද ‘පාස්කු ප්‍රහාරය’ ආශ්‍රිත කරගත් සුවිශේෂ වැඩසටහනක් මෙයට දින කිහිපයකට ඉහතදී ලොව පුරා විකාශය කෙරිණි.

මෙම වාර්තා වැඩසටහන විනාඩි 45ක පමණ දීර්ඝ කාලයක් පුරා පැවැති අතර, එමගින් මෙතෙක් කිසිදු විටක හෙළි නොවුණු අතිශය ප්‍රබල රහස් කිහිපයක් හෙළිකෙරිණි. එනම් එම වගතුගින් හෙළිවූයේ පාස්කු ප්‍රහාරය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රබලතම දේශපාලන පාර්ශ්වයක්ද සම්බන්ධ බවය. මෙරට දේශපාලනයේ ප්‍රබලයන් වන රාජපක්ෂ පාර්ශ්වය සහ ඔවුන්ට සම්බන්ධ රජයේ පරිපාලනය හා ආරක්ෂක අංශවල නියුතු ප්‍රබලයන් කිහිප දෙනකුමද මෙම ප්‍රහාරය පිටුපස සිටින බව ඉහත චැනල් – 4 වැඩසටහන හරහා ප්‍රකාශ කෙරිණි.

මෙහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාමයද කිහිප තැනකදී ප්‍රකාශයට පත් කෙරිණි. හිටපු ජනාධිපතිවරයා ඉදිරියේදී නැවත මෙරට බලයට ගෙන ඒමට මෙම ප්‍රහාරය සැලැසුම් කළේ යැයිද ප්‍රකාශ විය. එනම් ඔහුට ජනාධිපතිවරයා වීමට අවශ්‍ය වටපිටාව මෙම ප්‍රහාරය හරහා සැකසීම එම ප්‍රහාරයේ පරමාර්ථය යැයි ප්‍රකාශ විය. මෙම රූපවාහිනී වාර්තා වැඩසටහන නිසා ලොව පුරාත්, මෙරට තුළත් මහා ආන්දෝලනයක් ඇතිකළ අතර, එම ගින්න මේ වන විටත් බුර බුරා ඇවිළෙමින් ඇත.

මෙලෙස පාස්කු ප්‍රහාරයේ අලුත්ම පිටු පෙරළෙමින් තිබෙන විටදී තවත් අලුත්ම, උණුසුම් පුවතක්ද පසුගියදා ආරංචි වන්නට විය. එයින් කියැවුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යම් පාර්ශ්ව ප්‍රකාශ කරන ආකාරයට පාස්කු ප්‍රහාරයට කිසියම් ආකාරයකින් සම්බන්ධයක් තිබෙනවා නම්, ඔහුට එරෙහිව යම් පියවරක් ගතයුතු බවයි. මේ අනුව එම මුල් චෝදනාව ගෙන එන්නේ චැනල් – 4 නාලිකාවයි.

මෙම චෝදනාවන්ට අදාළව ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණයක් සිදුකෙරෙනවාට අමතරව ජාත්‍යන්තර මට්ටමින්ද පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගැනීම මෙම උණුසුම් පුවත විය. ජාත්‍යන්තර මට්ටමින් යම් පියවර ගැනීම යනු ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. එනම් මෙහිදී පරීක්ෂණයන්ට අමතරව ඉහළ මට්ටමේ නීතිමය පියවර ගැනීම්ද සිදුවෙයි. යම් හෙයකින් විවිධ පාර්ශ්ව මගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පියවර ගන්නේ නම් එම නීතිමය ක්‍රියාවලිය යොමුවිය යුත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙතය. එම සුවිශේෂ ආයතනය කුමක්දැයි අපි පසුව සොයා බලමු.

ඉහත ප්‍රකාශ කළ පරිදි අලුත්ම පුවතින් වාර්තා වූයේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන්ගේ පවුල් මගින් මෙම නීතිමය පියවර ගැනීමට කටයුතු සංවිධාන කරන බවය. එනම් මෙම ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයෙන් විදේශීය පවුල් 42ක පිරිස් ජීවිතක්ෂයට පත්විය. එනම් මරණයට පත්වූ එම පුද්ගලයන් 42න් එක් සුවිශේෂ පවුලකට අයත් සාමාජිකයන් තිදෙනකුද විය. එනම් ඩෙන්මාර්ක් රාජ්‍යයේ අංක එකට සිටින මහා ධනකුවේරයා වූ බිලියනපති ඇන්ඩර්ස් හොල්ක් පොවුල්සන්ගේ (Anders Holch Povlsen) පවුලේ තරුණ දරුවන් තිදෙනකුම මෙම ප්‍රහාරයෙන් මරණයට පත්වීමය. එම පවුල ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටියහ.

මේ ආකාරයට මෙම ඩෙන්මාර්ක් බිලියනපතියාගේ පවුල සහ අනෙක් මියගිය විදේශිකයන්ගේ පවුල් මේ වන විට සලකා බලමින් සිටින බව කියැවෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවරීමටය. විදේශීය මාධ්‍ය කිහිපයක් මේ තත්ත්වය ගැන යම් පුවත් වාර්තා කර තිබුණත් මෙතෙක් ඒ ගැන ස්ථිර තීරණයක් ගැනීම ගැන ස්ථාවර වාර්තා පළවී නොමැත. පාස්කු ප්‍රහාරයේ අලුත්ම පිටු අතරින් මෙම ගිනි ජාලාව තවම ඇරැඹුණා පමණකි. ඉදිරියේදී එම තත්ත්වය අනිවාර්යයෙන්ම විශාල අර්බුදයකට පෙරළීමට බොහෝ ඉඩකඩ ඇත.

Sri Lanka Latest News

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Criminal Court) යනු කුමක්දැයි සොයා බලමු. මෙම සුවිශේෂ අධිකරණය පිහිටා තිබෙන්නේ නෙදර්ලන්තයේ හේග් (Hague, Netherlands) නුවරය. එය යුරෝපයේ රටක් වෙයි. මෙම මහාධිකරණය ලෝකයේ තිබෙන එකම සහ ප්‍රධානතම ජාත්‍යන්තර අධිකරණය වෙයි. මෙය අන්තර් රාජ්‍ය සංවිධානයක් සහ ජාත්‍යන්තර නීති විනිශ්චය සභාවකි.

දැනට ලෝකයේ රටවල් 123ක් මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබා සිටියි. මේ වන විටත් ශ්‍රී ලංකාව මෙහි සාමාජිකත්වය ලබාගෙන නැත. එහෙත් පසුගිය 2023 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කොන්සල්වරයකු පත්කරනු ලැබුවේය. ඔහු ශ්‍රී ලාංකිකයකු වන අතර, ශ්‍රී ලංකාවට අදාළ සිදුවීම්වලදී පෙනී සිටීම ඔහුගේ කාර්යභාරය වෙයි. ජාත්‍යන්තර අපරාධ අධිකරණය මුලින්ම පිහිටුවා ඇත්තේ මෙයට හරියටම වසර 25කට පෙර, එනම් 1998 වසරේදීය. එදින සිට මේ දක්වා එය සක්‍රීයව ක්‍රියාත්මකව පවතී.

ජාත්‍යන්තර ජන සංහාරය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, යුද අපරාධ, ආක්‍රමණශීලී අපරාධ සහ වෙනත් ජාත්‍යන්තර ප්‍රමිතියකින් පිළිගැනෙන අපරාධ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමේ අධිකරණ බලය ඇති පළමු සහ එකම ස්ථිර ජාත්‍යන්තර අධිකරණය වන්නේ මෙම ජාත්‍යන්තර අපරාධ අධිකරණයයි. ප්‍රධානතම වශයෙන් මෙම අධිකරණය තුළ නඩු විනිශ්චය කරනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් සහ ප්‍රංශ භාෂාවෙනි. එයට අමතරව තවත් භාෂා 06ක්ද භාවිත වෙයි.

මෙම නීති සංවිධානයට ප්‍රධාන සභාපතිවරයකු සහ උපසභාපතිවරුන් දෙදෙනකු අයත් වන අතර, ප්‍රධාන විනිසුරුවන් 07 දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක්ද අයත් වෙයි. වර්තමානයේ මෙම අපරාධ අධිකරණයේ ප්‍රධාන සභාපති ධුරය දරන්නේ පෝලන්ත ජාතිකයකු වන පියෝටර් හොෆ්මාන්ස්කි (Piotr Hofmański) නමැති ප්‍රධාන විනිසුරුවරයෙකි. ඔහු මෙම ආයතනයේ 2015 වසරේ සිට විනිසුරුවරයකු ලෙස කටයුතු කරනු ලැබූ අතර, 2021 මාර්තු මාසයේදී මෙම සභාපති ධුරයට පත්විය. ඔහු එලෙස එම ප්‍රධාන තනතුරට පත්වුවද ඔහු තවද මෙම අපරාධ අධිකරණය තුළ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කරයි.

ජාත්‍යන්තර අසාධාරණයන්ට එරෙහිව ඉතා තදබල තීන්දු ගන්නා ඔහු, පසුගිය 2023 මාර්තු මාසයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කළ විනිසුරු මඬුල්ලේද ප්‍රධානියා විය. ඔහුගේ පසුගිය වසර 08ක සේවා කාලයේදී ලොව රටවල් රැසක ප්‍රබල පුද්ගලයන්ට එරෙහිව නියෝගයන් පැනවීමට මූලික වී ඇත. දැනට 67 වැනි වියෙහි පසුවන ඔහු ජාත්‍යන්තර නීති විශාරදයකු වන අතර, 2001 වසරේ සිට ජාත්‍යන්තර අපරාධ පිළිබඳ කටයුතු සිදුකරයි.

මේ ආකාරයට පසුගිය වසර ගණනාවක් පුරා ලෝකයේ විවිධ ප්‍රබල රාජ්‍ය නායකයන් මෙන්ම හමුදා බලතල ඇති නායකයන් විශාල ප්‍රමාණයකට මෙලෙස වරෙන්තු නියෝග සහ දඬුවම් මෙම ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ලබාදී ඇත. එසේම ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දුන් ත්‍රස්ත නායකයන්ට සහ අනෙකුත් සම්බන්ධ විවිධ පුද්ගලයන්ට එරෙහිවද දඬුවම් ලබාදී ඇත.

1998 වසරේදී මෙම අධිකරණය ලොව ඇරැඹියද එමගින් මෙලෙස දඬුවම් ලබාදීම ආරම්භ කර ඇත්තේ 2006 වසරේ සිටය. ඊට පෙර සිට අපරාධ නඩු විභාග කෙරුණද දඬුවම් ලබාදීමක් එතරම් සිදු නොකෙරුණි. එනම් චූදිතයන්ට එරෙහිව යම් තහංචි සහ සම්බාධක පමණක් පැනවීම සිදුකෙරුණි. එහෙත් පසුකාලීනව තීරණය කෙරුණේ මෙවැනි රාජ්‍ය නායකයන් සහ අනෙකුත් හමුදාමය බලතල තිබෙන විවිධ බලගතු පුද්ගලයන් සිදුකරනු ලබන අපරාධවලට අදාළව දඬුවම් පැනවිය යුතු බවය.

මේ අනුව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ප්‍රථමයෙන්ම දඬුවම් පමුණුවනු ලැබුවේ අප්‍රිකානු කොන්ගෝ රාජ්‍යයේ දේශපාලනික මෙන්ම හමුදාමය නායකයකු වන තෝමල් ලුබන්ගා වෙතය. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරෙන්තු මත අත්අඩංගුවට ගෙන නඩු අසා ඔහුට වසර 14ක සිර දඬුවමක් නියම කරන ලදී. මෙලෙස දඬුවම් ලබාදීම ආරම්භ වූ පසු එම අපරාධ අධිකරණයට අනුබද්ධිතව විශේෂ බන්ධනාගාරයක්ද නෙදර්ලන්තය තුළම පිහිටුවනු ලැබීය. ඒ අනුව එහි විශේෂත්වය වන්නේ මෙසේ චූදිතයන් වෙනත් කිසිදු රටක බන්ධනාගාරයකට නොයවා එරට තුළම සිරගත කර තිබීමය. ඉහත ප්‍රථම වරට දඬුවම් ලබාදුන් කොන්ගෝ රාජ්‍යයේ හමුදා පාලකයා ඉතා කෲර ලෙස යුද අපරාධ සිදුකළ පුද්ගලයෙකි.

මේ ආකාරයට 2006 වසරේ සිට මේ දක්වා එනම් වසර 17ක කාලයක් පුරා ලොව විවිධ රටවල චූදිත පුද්ගලයන් රැසකට එරෙහිව නඩු විභාග කර විවිධාකාරයේ දඬුවම් පමුණුවා ඇත. මෙම පුද්ගලයන් සියල්ලකගේම තොරතුරු මෙහි ලියා තබන්නට ඉඩක් නැත. මෙම පිරිස අතරට රාජ්‍ය නායකයන් යම් ප්‍රමාණයක් පමණක් අයත් වුවත් බහුතරයක් දෙනා හමුදා බලතල භාවිත කරන ලද උසස් හමුදා පාලකයන්ය. ඔවුන් බොහෝ විට තම රටවල් තුළදී යුද අපරාධයන් සහ ම්ලේච්ඡ ජන සංහාරයන් මෙහෙයවූ පාලකයන්ය.

පසුගිය කාලයේ සහ දැනටද මෙරට පාලනයටද සම්බන්ධවී සිටින ප්‍රකට දේශපාලන පාර්ශ්වයකටද මේ ආකාරයේ අපරාධ චෝදනා රාශියක් ඇත්තේය. පොදු සමාජය ඒ තත්ත්වය හොඳින් දනියි. මේ ආකාරයට මේ වන විට ඉහත ආකාරයේ බලගතු පුද්ගලයන් 15 දෙනෙක් පමණ ඉහත බන්ධනාගාරයෙහි සිර දඬුවම් විඳින බව පැවැසෙයි. මෙම සුවිශේෂ බන්ධනාගාරය පිහිටුවා ඇත්තේ නෙදර්ලන්තයේ ඇති එක් ප්‍රධානතම බන්ධනාගාරයක් හා අනුබද්ධව, එම සංකීර්ණය තුළමය. මේ අනුව මෙම පිරිස් මේ වන විට වසර 02 සිට වසර 15 දක්වා කාලයක් දක්වා සිර දඬුවම්වලට ලක්ව සිටිති. නෙදර්ලන්තය තුළ මරණ දඬුවම ක්‍රියාත්මක නොවන හෙයින් එසේ කිසි විටෙකවත් මෙම චූදිතයන්ට මරණ දඬුවමක් හිමි නොවෙයි.

සුඩානයේ හිටපු ජනාධිපති ඔමාර් අල් බෂීර් (Omar al-Bashir), කොංගෝ රාජ්‍යයේ උප ජනාධිපති ජින් පෙරී බෙම්බා (Jean-Pierre Bemba), ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆි (Muammar Gaddafi), අයිවර් කෝස්ටි රාජ්‍යයේ හිටපු ජනාධිපති ලෝරෙන්ට් ගැබැග්බෝ (Laurent Gbagbo), කෙන්යාවේ හිටපු ජනාධිපති උහුරු කෙන්යාටා (Uhuru Kenyatta), මෙලෙස අධිචෝදනා ලබා දඬුවම් හිමිවූ රාජ්‍ය නායකයන්ගෙන් කිහිප දෙනෙකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කියුබා සංචාරය අවසන් කළ රනිල් කෙළින්ම අමෙරිකාවට! I Sri Lanka Latest News

Next Post

රනිල්-බයිඩන් හමුව අන්තිම මොහොතේ කැන්සල් වෙයි! රාජ්‍ය රහස් EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.