ඉන්ධන මිල ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා අද (13) පැවසීය.Sri Lanka Latest News
ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.
ඉන්ධන බෙදුම්කරුවන්ගේ අළෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමතයකට පත් කර ගැනීම, නව ඉන්ධනහල් ඉදිකිරීමේ කටයුතු සහ ලිහිසි තෙල් අළෙවිය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව අමාත්‍ය කංචන විජේස්කර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.










