යාපනයේ කෝපායි පොලිස් වසමේ හෝටලයක් තුළ සැක සහිත ලෙස මියගොස් සිටි 12 හැවිරිදි දැරියකගේ මළසිරුරක් සහ අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව එහි වැටී සිටි කාන්තාවක පොලිසිය මගින් ඊයේ (12 දා) දහවල් සොයාගෙන තිබේ. (Sri Lanka Latest News)
කෝපායි පොලිසිය මගින් මෙම කාන්තාව ඒ අවස්ථාවේම රෝහල්ගත කර ඇත. මියගිය දැරිය සහ කාන්තාව එකම පවුලේ අය බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම කාන්තාව අවුරුදු 44 ක පමණ වයසේ පසුවන බව පොලිසිය කියයි.
කෝපායි පොලිසිය පවසන ආකාරයට මෙම දෙදෙනා ත්‍රිකුණාමලේ සිට ඉකුත් 9 වැනිදා කෝපායි ප්‍රදේශයට පැමිණ ඇත.
මෙම හෝටලය ආසන්නයේ පෞද්ගලික රෝහලක් පිහිටා තිබෙන අතර එම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට විවිධ ප්‍රදේශවලින් පැමිණෙන පිරිස් කෝපායි හෝටල්වල නතරවීම සාමාන්‍ය සිරිතක් වී තිබේ.
ඊයේ දහවල් මෙම හෝටලය දෙසින් දුඟඳක් පැතිරෙන බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර පොලිසිය හෝටල් කාමරයේ දොර කඩා බලන අවස්ථාවේ දැරියගේ මළසිරුර සහ අසාධ්‍ය තත්ත්වයෙන් වැටීසිටි කාන්තාව දැක ඇත.
පොලිස් විමර්ශනවලදී මේ දෙදෙනාගෙන් එක් අයකු ලියූ ලිපියක් ද සොයාගෙන ඇති අතර සියදිවි හානිකර ගැනීමක් ද කියා පොලිසිය සැක කරයි.
divaina










