තමා විසින් සිය බිරිඳව ඝාතනය කළ බවට පොලිසියට දැනුම්දීමෙන් පසු කළ ශ්‍රී ලාංකිකයෙක්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට සිංගප්පුරු පොලිසිය අද (11) පියවර ගත් බව චැනල් නිව්ස් ඒසියා වෙබ් අඩවිය (CNA) වාර්තා කරයි. (Sri Lanka Latest News)
එශාන් තාරක කෝට්ටගේ නමැති 30 හැවිරිදි පුද්ගලයා සිය බිරිඳ කැටොන්ග් චතුරස්‍රයේ හොලිඩේ ඉන් ඒක්ස්ප්‍රස් (Holiday Inn Express) හෝටලයේදී ඝාතනය කර ඇති බව ඒම ප්‍රවෘත්ති වෙබ් අඩවිය කියා සිටියි.
මෙසේ මියගොස් ඇත්තේ 32 හැවිරිදා දියවින්නගේ සෙව්වන්දි මධුකා කුමාරි නැමැති කාන්තාවකි. සැප්තැම්බර් 9 වැනි දින පෙරවරු 10.45 සිට පස්වරු 4.42 දක්වා කාලය අදාළ හෝටයේදී මරණය සිදුකර ඇති බවට තරුණයා චෝදනාවට ලක්ව සිටියි.
විත්තිකරු නීතීඥවරයෙකු සම්බන්ධ කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට කතාකරන ලෙස ඉල්ලා සිටි අතර, ඔහුට නීතීඥවරයෙකු ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි නමුත් මේ අවස්ථාවේදී කිසිවෙකු සමඟ සන්නිවේදනය කළ නොහැකි බව දන්වා ඇත.
පොලිසියට අනුව, විත්තිකරු සෙනසුරාදා සවස 5.05 ට පමණ මැරීන් පෙරඩ් අසල්වැසි පොලිස් මධ්‍යස්ථානයට ගොස් හෝටලයේදී තම බිරිඳ ඝාතනය කළ බව පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත. පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැමිණෙන විට 32 හැවිරිදි කාන්තාව හෝටල් කාමරයක කැපුම් තුවාලයක් සහිතව නිසලව වැටී සිටියදී සොයාගෙන ඇත. ඇය එම ස්ථානයේදීම මියගොස් සිටි බව පැවසේ.
සිද්ධියට යොදාගත් බවට සැක කෙරෙන පිහියක් හෝටල් කාමරයක තිබී සොයාගෙන තිබේ.
lankasara










