පසුගිය දා චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩ සටහන මගින්, ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාරය සහ ලසන්ත ඝාතනය සම්බන්ධයෙන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව ප්‍රබල චෝදනාවක් ඉදිරිපත් වී තිබුණද, ඔහුට එරෙහිව, කිසිදු විනය පියවරක් නොගැනීමට පොහොට්ටු පක්ෂය තීරණය කොට ඇත.Sri Lanka Latest News
ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා බරපතළ බවත්, එබැවින්, පිල්ලෙයාන්ට එරෙහිව විනය පියවර ගැනීමට පක්ෂය අපේක්ෂා කරන්නේ දැයි, පොහොට්ටු පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතාගෙන් මෝර්නිං පුවත්පත විමසා ඇති අතර, එහිදී, පක්ෂයට කිසිසේත්ම එවැනි අදහසක් නැති බව මහලේකම් වරයා එහිදී පවසා තිබේ.
පිල්ලෙයාන් මහතා පොහොට්ටු පක්ෂයේ සාමාජිකයෙකු නොවන නිසා, ඔහුට එරෙහිව කොහොමත් විනය පියවර ගැනීමේ හැකියාවක් පක්ෂයට නැති බවසන මහලේකම් සාගර කාරියවසම්, මේ වන විටත්, පිල්ලෙයාන් මහතා ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙන බවද පවසයි.










