• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුම සුනාමිය 2023 වසරේ I Sri Lanka Latest News

September 7, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විද්‍යාඥයන් අනතුරු අඟවයි…

සුනාමියකට කොයි තරම් විනාශයක් සිද්ධ කරන්න පුළුවන්ද කියන කාරණය ලංකාවේ අපි හොඳින්ම අත්දැකීමෙන්ම දන්නවා. අදටත් 2004 වර්ෂයේ ඇතිවුණු සුනාමිය ගැන ලාංකිකයන් විදියට අපට තියෙන්නේ ඉතා අමිහිරි මතකයක්. ජපානය වගේ රටවලට බලපාන සුනාමි තත්ත්වයන්, සුළි කුණාටු සහ භූමි කම්පා නිසා ඇතිවන දරුණු රළ පහර පිළිබඳ මාධ්‍ය වාර්තා ඔබ ඕනෙ තරම් දැකලා ඇති.(Sri Lanka Latest News)

ඒ වගේම තමයි සුනාමි සම්බන්ධව නිර්මාණය වුණු ජනප්‍රිය සිනමා පට වුණත් ඔබ නරඹලා ඇති. හැබැයි ඔබ දන්නවද ලෝක ඉතිහාසයේ ඇතිවිය හැකි දරුණුතම සුනාමිය ඉදිරියේදී ඇතිවිය හැකි බව විද්‍යාවේදීන් සඳහන් කරනවා කියන කාරණය? ඒක ඔබත් මමත් ජීවත්ව ඉන්න කාලයේදී හෝ ඉන් එපිට නුදුරු අනාගතයේදී සිදුවිය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ. හැබැයි අද වෙද්දී දිගින් දිගටම පෘථිවිය මුහුණ දෙන ස්වභාවික ව්‍යසනයන් එක්ක ඔවුන් සඳහන් කරන්නේ ඒ මහා විනාශය බොහොම ඉක්මනින්ම සිදුවෙන්න පුළුවන් කියලා. මොකක්ද මේ සුනාමි අනතුරු ඇඟවීම? ඒක මොන වගේද? ඒකෙන් අපට මොනවා වෙයිද? මේ වගේ කරුණු කාරණා රැසක් අපි අද ඔබට කියනවා.

2004දී අග්නිදිග සහ දකුණු ආසියාතික කලාපයට බලපාන ලද සුනාමි තත්ත්වය පිළිබඳ අදටත් මුළු ලෝකයම කතා කරනවා. විශේෂයෙන්ම ගත්තොත් මේ සුනාමි තත්ත්වයන් ඇතිවීමට කලින් අවට හිටපු පක්ෂීන් කලබල වෙලා මුහුදෙන් ඈතට පියඹා යෑම, මුහුද, වෙරළේ සිට ක්‍රමයෙන් ඈතට ඇදී යෑම වැනි අසාමාන්‍ය පාරිසරික තත්ත්වයන් රැසක් දකින්න ලැබුණා. සාමාන්‍ය මුහුදු රැළක උස මීටර් දශම දෙකක් විතර වෙනවා.

හැබැයි ඒක උපරිමය කරා ළඟා වුණාම මීටර් 2ත් 4ත් අතර අගයක් ගන්න පුළුවන් කියන කරණයත් ඔබ මේ වෙද්දී දන්නවා. හැබැයි 2004 සුනාමි ව්‍යසන අවස්ථාවේදී ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා කලාපයට මීටර් 51ක් තරම් උස රළ පහරක් පැමිණ ඇති බව වාර්තා වෙනවා. හැබැයි සුනාමි රළ වගේ දරුණු රළ පහරවල් කුණාටු සහිත අවස්ථාවලදී මුහුද තුළ නිරන්තරයෙන්ම ඇතිවන බවයි නාවිකයන් කියන්නේ. කිලෝ වේව්ස් නමින් හඳුන්වන ඉතා දරුණු රළ පහර විශේෂයක් පිළිබඳ ඔවුන් ඈත අතීතයේ ඉඳන්ම වාර්තා කර තිබුණා. ඒ වගේම වීඩියෝ පටිගත කිරීම් පවා මේ වෙද්දී ඕනෙ තරම් අන්තර්ජාලයේ දකින්න ලැබෙනවා.

මේ කිලෝ වේව් ජල පහරක් මීටර් 30කට වඩා වැඩි උසකින් යුක්තයි. ඒවා විශාල නෞකාවන් වුණත් විනාශ කිරීමට තරම් භයානක වෙනවා. යූ.එස්.එස්. රමපෝ නම් ඇමෙරිකානු නෞකාව 1933 අවුරුද්දේ පෙබරවාරි මාසේ 07 වැනිදා මීටර් 34ක් පමණ උස දරුණු රළ පහරකට මුහුණ දුන්නා. කොහොම නමුත් නෞකාව පාලනය කරගැනීමට එහි නාවිකයන්ට හැකි වී තිබුණේ හාස්කමකින් වගේ. මේ විදියට සාගරයේ ඇතිවන තවත් දරුණු රළ පහර විශේෂයක් තමයි Square waves කියලා කියන්නේ. හතරැස් හැඩයට ඇතිවන මේ රළ පහර සාගර කැලඹුමක පෙරනිමිත්තක් විදියටයි සාගර විද්‍යාඥයන් හඳුන්වන්නේ. මීටර් 3ක් තරම් උස මේ රළ පහර ඇතිවෙද්දී මුහුද චෙස් බෝඩ් එකක් විදියට දිස් වීමක් සිදුවෙනවා.

මුහුදේ ඇතිවන දරුණු රළ පහර හොඳින්ම නිරීක්ෂණය කිරීමට හැකි වුණේ 1995 අවුරුද්දේ. උතුරු නෝර්වේජියානු මුහුදේ සවිකර තිබෙන ඩේ‍රප්නා ප්ලැට්ෆෝර්ම් නමින් හඳුන්වන ගෑස් සැපයුම් පද්ධතියට 1995 අවුරුද්දේ ජනවාරි පළමුවැනිදා මීටර් 25.6ක දරුණු රළ පහරක් කඩාවැදුණා. මුහුදේ ඇතිවන එවැනි රළ පහර වගේ සුනාමි පිළිබඳ මේ වෙද්දී විද්‍යාඥයන් හොඳින් අධ්‍යයනය කරලා තියෙනවා.

විශේෂයෙන්ම නිතරම සුනාමි රළ පහර ඇතිවන ප්‍රදේශවල සුනාමි අනතුරු ඇඟවීම් සිදුකරන උපකරණ පවා මේ වෙද්දී සවිකරලා ඉවරයි. භූමි කම්පාවලින් සිදුවෙන සුනාමි අනතුරුවලට අමතරව විශාල ග්‍රහක කඩාවැටීම් මගිනුත් සුනාමි තත්ත්වයන් ඇතිවෙලා තියෙනවා.

ඩයිනෝසරයන් වඳවී යෑමට මූලික වුණෙත් එවැනි විශාල ග්‍රහකයක් කඩාවැටීමෙන් ඇතිවුණු සුනාමි තත්ත්වයක් ඇතුළු ස්වභාවික ආපදාවන් කියලයි සැලකෙන්නේ. පෘථිවියේ වර්තමාන ගොඩබිම් ප්‍රදේශවලින් සාගරයෙන් හමුවන පාෂාණ කොටස් හමුවීමෙන් සමහර ප්‍රදේශ දරුණු සුනාමි තත්ත්වයන්ට ඈත අතීතයේදී මුහුණ දී ඇති බව සනාථ වෙනවා. විශේෂයෙන්ම දකුණු ඇමෙරිකාවේ චිලී රාජ්‍යය ආශ්‍රිත කලාපය ලෝක ඉතිහාසය පුරාම එවැනි සුනාමි සහ භූමි කම්පා ඇතිවූ ප්‍රදේශයක් බවට මේ වෙද්දී හඳුනාගෙන අවසන්. භූමි කම්පා හැරුණාම නායයෑම්වලින්, ගිනිකඳුවල බලපෑමෙන් මෙන්ම අයිස් කඳු කඩාවැටීමෙනුත් දරුණු සුනාමි රළ පහරක් ඇතිවීමට ඉඩ තිබෙනවා.

මෑත කාලයේ ඇතිවුණු විශාලතම සුනාමි රළ පහර ලෙස 1958 අවුරුද්දේ ඇලස්කාවට කඩාවැදුණු සුනාමිය වාර්තා පොත්වල සඳහන් වෙලා තිබෙනවා. භූමි කම්පාවකින් පසුව ඇතිවුණු විශාල අයිස් කඳු නායයෑමකින් හටගත් මේ සුනාමිය අඩි 1720ක තරම් අතිදැවැන්ත සුනාමි රළ පහරක් නිර්මාණය කරන්න හේතු වුණා. හරියටම කිව්වොත් එය අයිෆල් කුලුන වගේ දෙගුණක් උස් වූ රළ පහරක්. හැබැයි වාසනාවකට වගේ මේ අනතුරෙන් මියගිහින් තිබුණේ පුද්ගලයන් පස්දෙනකු පමණයි. ඇලස්කාව ඇතුළේ අඩු ජනගහනයක් වාසය කිරීමයි ඒකට හේතු වුණේ.

මේ විදියට ස්වභාවික විපත් නිසා දරුණු රළ පහරක් ඇතිවෙලා පෘථිවි භූමියෙන් කොටසක් විනාශ වී යෑමට ඉඩ ප්‍රස්ථාවක් තිබුණට භූ විද්‍යාඥයන් කියන්නේ ඒ වගේ දරුණු අනතුරක් මෑතකදී වෙන එකක් නෑ කියලා. මේක හරියටම තහවුරු කළ හැකි මතයක් නොවුණත් ඔවුන් එවැන්නක් පිළිබඳ අදහස් දක්වන්නේ යම් පරීක්ෂණයකින් පසුව කියන කාරණයත් අපට සඳහන් කළ හැකියි. හැබැයි මේ සියල්ල මැද්දේ ඔවුන්ගේ මතවාදයන් බිඳවැටෙන විදියේ ප්‍රකාශයක් පහුගිය මාස කිහිපය තුළදී රුසියාවෙන් වාර්තා වුණා.

සුනාමිය ස්වභාවික සංසිද්ධියක් කියන කාරණය අපි දැන සිටින මතය වුණාට, කෘත්‍රිමව දරුණු ගණයේ සුනාමි තත්ත්වයක් ඇතිකළ හැකි න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය කිරීමටයි රුසියාව කටයුතු කරමින් ඉන්නේ. රුසියානුවන් සතුව මේ වගේ දරුණු ගණයේ න්‍යෂ්ටික අවි ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. රුසියාව ඒ පිළිබඳ පසුගිය කාලය පුරාම අදහස් දක්වා තිබුණේ නැහැ. 2015 වසරේ රුසියාවෙන් පිටවූ රහස්‍ය වාර්තාවක් සම්බන්ධව වාර්තා නිකුත් කරනු ලැබූ බටහිරට හිතැති විදෙස් මාධ්‍ය චෝදනා කරලා තිබුණේ රුසියාව ලෝක න්‍යෂ්ටික සම්මුතීන් උල්ංඝනය කරමින් භයානක න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරනවා කියලා.

මේ චෝදනා කාලයත් එක්ක වැළලී ගියත්, 2018 වසරේදී නැවත වරක් එය කරළියට පැමිණියා. මේ අවස්ථාවේදී රුසියාව මහ සයුර කැලඹිය හැකි යම් භයානක න්‍යෂ්ටික අවියක් අත්හදා බලා ඇති බවයි වාර්තාවල සඳහන් වුණේ. කොහොම නමුත් 2022 වසරේ මැයි මාසේ පළමුවැනිදා රුසියාවේ වැඩිම දෙනෙක් නරඹන රූපවාහිනී නාලිකාව වන චැනල් වන් නාලිකාව හරහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයකු වන දිමිත්‍රි කෙසේලෝ සඳහන් කළ ප්‍රකාශයකින් මුළු බටහිර ලෝකයම කැලඹීමට පත්වුණා.

ඔහු සඳහන් කර තිබුණේ රුසියාව සහ යුක්රේනය අතර ඇති වූ යුද ගැටුම් හමුවේ රුසියාවට සම්බාධක පැනවීමට උත්සාහ ගන්නා එංගලන්තය එක රැයකින් විශාල සුනාමියකින් ගිල්විය හැකි න්‍යෂ්ටික අවියක් ඔවුන් සතුව ඇති බවයි. ඔහුගේ මේ ප්‍රකාශය බටහිර මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්වුණු අතර, න්‍යෂ්ටික සුනාමියක් පිළිබඳ ප්‍රථම වරට බටහිර විද්වතුන් බිය පළ කළේ මේ සිදුවීමත් සමගයි.

මේ න්‍යෂ්ටික සුනාමිය කියන්නේ මොකක්ද කියන එක ගැන දැනගන්න ඔබටත් කුතුහලයක් ඇති. රුසියානුවන් මේ වෙද්දී නිෂ්පාදනය කරලා තියෙනවා අන්ඩර් වෝටර් න්‍යුක්ලියර් ඩ්‍රෝන් එකක්. මේක ඇමෙරිකාව හඳුන්වන්නේ කැන්යොන් කියන නමින්. මේක මිසයිලයක හැඩය ගත්ත ඩ්‍රෝන් එකක් ලෙසත් සැලකෙනවා. මීටර් 20ක් දිග මේ ඩ්‍රෝන් එකට කිලෝමීටර් 10,000ක් දුර ගමන් කිරීමටත්, පීඩනය දරාගෙන සාගයර ගැඹුරට කිලෝමීටර් 1000ක් ගමන් කිරීමටත් හැකියාව තිබෙනවා.

මේ ඩ්‍රෝන එක රැගෙන යන න්‍යෂ්ටික බෝම්බය මෙගා ට්‍රොන් දෙකක පමණ න්‍යෂ්ටික ද්‍රව්‍යවලින් යුක්තයි. එය හිරෝෂිමා බෝම්බය වගේ සිය ගුණයක් විශාලයි. ඒ වගේම ඇමෙරිකා එක්සත් ජනපදය නිර්මාණය කළ ලෝකයේ මෙතෙක් පැවැති විශාලතම න්‍යෂ්ටික බෝම්බය වන ඩී.16 බෝම්බය වගේ 15 ගුණයක් විශාලයි. මේ බෝම්බය එංගලන්තය ආසන්න මුහුදු කලාපයේදී රුසියානුවන් පුහුරුවා හැරියහොත් ඒ හරහා දරුණු සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකියි.

මේ පිපිරුම මගින් මුහුදු රළ විශාල උසකට රැගෙන යන අතර, මීටර් 500ක් තරම් අති දැවැන්ත මුහුදු රළක් හෙවත් සුනාමි තත්ත්වයක් ඇතිවීමටත් එය හේතු වෙනවා. මේ මුහුදු රළ මගින් මුළු එංගලන්තයම විනාඩි කිහිපයකින් ජලයෙන් යටකිරීමේ හැකියාව තිබෙනවා. රුසියාව බටහිරට අනතුරු ඇඟවීම් සිදුකරලා තියෙන්නේ මෙවැනි විනාශයක් පිළිබඳවයි. මේ තරම් විශාල විනාශයක් සිදුකළ හැකි දරුණු න්‍යෂ්ටික බෝම්බ 25ක් පමණ ඔවුන් නිර්මාණය කොට ඇති බවටත් විදෙස් මාධ්‍ය කරුණු වාර්තා කර තිබෙනවා.

මේ වාර්තාත් සමග මෙතෙක් ස්වභාවික ව්‍යසනයන් ගැන පමණක් අවධානය යොමුකරමින් සිටි විද්‍යාඥයන් වෙනත් මානයකින් හිතන එකත් මේ වෙද්දී අරඹලා තිබෙනවා. ඔවුන් දැන් සඳහන් කරන්නේ ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ දරුණුතම රළ පහරට ඉතාම ඉක්මනින් මානව සංහතියටම මුහුණ දීමට සිදුවන බවයි. රුසියාව සහ බටහිර අතර හොඳ හිත දවසින් දවස පලුදු වීම දවසින් දවස සිදුවෙමින් පවතිද්දී එහි අවසන් ප්‍රතිඵලය විදියට රුසියාව මේ වගේ දරුණු ගණයේ න්‍යෂ්ටික ප්‍රහාරයක් කරා යොමු වුණොත්, ලෝකයේ බොහෝ රටවලට සුනාමි අනතුරු ඇඟවීම් ලැබීමටත් පෙර එම රටවල් විනාශ වී යෑම සිදුවනු ඇති.

Wishma Lokaya යූටියුබ් නාලිකාවෙනි.

SendShareShare
Previous Post

නාමල් පාර්ලිමේන්තුවේදී කිව්වා වගේ චැනල් ෆෝ නාළිකාව ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාරයේ වීඩියෝව අයින් කරගෙනද? I Sri Lanka Latest News

Next Post

පෙරහැරේ පෙළහර ලෝකෙට පෙන්නපු වීරයන්ගේ කතාන්දරය I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.