වර්තමානයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලබන වැටුපින් විශාල කොටසක් බදු ලෙස අය කර ගන්නා බවත් ආචර්යවරයක-ුගේ වැටුපින් රුපියල් ලක්ෂයකට අධික මුදලක් මේ නිසා කැපී යන බවත් මේ නිසා මොවුන්ගේ ජීවන රටාවේ වෙනසක් ඇතිව තිබෙන නිසා රට අතැර යන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසිය.Sri Lanka Latest News
මේ නිසා විශ්වවිද්‍යාල පද්ධතියේ බරපතල ආචාර්ය හිඟයක් මතුව තිබෙන බවත් මේ සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කරන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය. මෙය බුද්ධි ගලනය සිදුවීමක් බවත් මේ වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ඉල්ලා සිටියේය.










