මුහුණු පොතේ පළකර තිබූ දැන්වීමක් අනුව ඇපල් වර්ගයේ ජංගම දුරකථනක් මිලදී ගැනීමට පැමිණ එය පරීක්ෂාකර බැලීමට යයි කියා ඉල්ලාගෙන එය රැගෙන පළාගියේ යෑයි කියන 25 හැවිරිදි තරුණියක් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. (Sri Lanka Latest News)
අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි විදෙස්ගත වන අය දැනුවත් කිරීමේ දේශන පැවැත්වීමේ නිරතව සිටින තරුණියක් යැයි පොලීසිය පවසයි.
තරුණයා සන්තකයේ තිබී ඉල්ලාගෙන පලාගිය බව කියන රුපියල් එක් ලක්ෂ විසි දහසක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
පැමිණිලිකාර තරුණයා ඔහුගේ ජංගම දුරකථනය විකිණීම සඳහා මුහුණු පොතේ දැන්වීමක් පළකර ඇත.
මුහුණු පොතේ පළකර තිබූ එම දැන්වීම දුටු සැකකාර තරුණිය එය මිලදීගැනීමට කැමැත්ත ප්‍රකාශ කර කලින් කතාකරගත් පරිදි එය මිලදී ගැනීමට ගම්පහ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික දුරකථන සමාගමක ශාඛාවක් ඉදිරිපිටට පෙරේදා (03)පැමිණ ඇතැයි පොලිසිය කියයි.
දුරකථනය පරීක්ෂාකර බැලීමට යැයි කියා තරුණයාගෙන් ඉල්ලා ගෙන තරුණිය පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
lankadeepa










