• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජුන් තනපු S තොණ්ඩමාන් සහ රජුන් වට්ටන J තොණ්ඩමාන් I Sri Lanka Latest News

September 1, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ඇරඹෙන්නේ වතුකරයේ ප්‍රබලම දේශපාලන පරපුරක අවසානයද?

ඉන්දියාව අපූරු රටකි. එහි අලංකාරයන් බොහෝය. සිනමාව, නර්තනය, සංගීතය වැනි කුමන මාධ්‍යයෙන් බැලුවද ඒ සෑම එකකම ඉන්දීය අනන්‍යතාව දැකගත හැකිය. මේ අතරින් ඉන්දීය සිනමාව ලංකාවේ අපටද බොහෝ සමීපය. විශේෂයෙන් වීරයන් බහුල දකුණු ඉන්දීය සිනමාව ලංකාවේ වතු ආශ්‍රිතව දිවි ගෙවන ජනයාගේ ප්‍රමුඛ විනෝද මාධ්‍ය වෙයි.(Sri Lanka Latest News)

උසස් පොලිස් නිලධාරීන්, දේශපාලනඥයන් ගස් බැඳ පහරදෙන, තුවක්කු, පිස්තෝල හරඹ අතැඹුලක් සේ දත්, කරාටේ, ජූඩෝ, චීන අඩි, ගුස්ති යන සි‍යලු සටන් ක්‍රම මනා සේ ප්‍රගුණ කළ දකුණු ඉන්දීය මසාල සිනමාවේ වීරයන්ට විසිල් ගසා පුරුදු කඳුකරයේ සිනමා රසිකයන්ට තවදුරටත් රාම්චාන්, කමල් හසන්, රැජිනිකාන්ත් වැන්නෝ වීරයෝ නොවෙත්. දැන් ඔවුනට තමන්ගේ කියා වීරයෙක් සිටී. ගතින් කෙසඟ වුවද කඩවසම් බව අඩු නොවූ මේ වීරයා පොලිස් නිලධාරීන් පමණක් නොව වතු අධිකාරිවරුන්ට පවා පහරදී පලවා හරින තරමට බලපරාක්‍රමයන් සහිත රණ ශූරයෙකි. නළුකමට අමතරව පාට් ටයිම් කැබිනට් ඇමැතිකමක්ද දරන ඔහු නමින් ජීවන් තොණ්ඩමාන්ය.

මේ නළු තොණ්ඩමාන් ගැන කතා කරන්නට පෙර එම පරපුරේ අතීතය ගැන මඳක් සොයා බැලීම යහපත්ය. ඒ, අන් කිසිවක් නිසා නොව ඒ පරපුරට හිමිවිය යුතු යම් ගෞරවයක් වෙතොත් නොවලහා ලබාදීමටය. තොණ්ඩමාන් පරපුරේ සමාරම්භකයා වන වී.ඊ.කේ.ආර්. කරුපයියා තොණ්ඩමන් ඉපදුණේ ඉන්දියාවේ වංශවත් පරපුරකය. එහෙත් ඔහු ඉපදෙන විටත් ඔහුගේ පරපුර බංකොළොත් වෙමින් පැවැතියේය. එහෙයින් නව යොවුන් වියට එළඹෙන්නටත් පෙර කරුපයියා තොණ්ඩමන් ඉන්දියාවට වී වංශේ කබල්ගාමින් කාලේ කනු වෙනුවට අතේ දුරින් තිබූ පාරාදීසය, ‘බි්‍රතාන්‍ය ලංකාවට’ පැමිණ වාසනාව උරගා බලන්නට තීරණය කරන්නේය.

ලංකාවට පැමිණ වැවිලි ක්ෂේත්‍රයේ පහළම තැනින් රැකියාව පටන් ගන්නා කරුපයියා තොණ්ඩමාන් කෙටි කලකින් කම්කරුවන් පාලනය කරන කංකානි කෙනකුගේ තත්ත්වයට උසස් වන්නේය. දියුණු වීම එකම අරමුණ කරගත් ඔහු සුදු ජාතික වතු හිමියන්ගේ සිත් දිනාගන්නට සමත් වන්නේය. මේ උත්සාහය නිසාම රම්බොඩ වැවෙන්ඩන් තේ වත්තේ හිමිකරු බවට පත්වන්නට ඔහුට ගතවන්නේ කෙටි කලකි. එතැන් පටන් තොණ්ඩමන්ලාගේ කතාව වෙනස් වන්නේය.

කරුපයියා තොණ්ඩමාන් විවාහ වන්නේ සිත්තම්මායි සමගය. එම දෙපළගේ වැඩිමල් දරුවා ලෙස සෞම්‍යමූර්ති තොණ්ඩමාන් ඉපදෙන්නේ 1913 අගෝස්තු 30 වනිදා මදුරාසියේ පුද්දූර්හිදීය. ඔහු ලංකාවට පැමිණෙන්නේ 1924 වසරේදීය. ඒ වන විට යන්තම් 11 වැනි වියේ පසුවූ සෞම්‍යමූර්ති ගම්පොළ ශාන්ත ඇන්ඩෲස් පාසලට ඇතුළත් වන්නේය. සිය පියාගේ වුවමනාවට වතු පාලනය ඉගෙන ගත්තද තරුණ සෞම්‍යමූර්ති තුළ දුක්විඳින කම්කරුවන් පිළිබඳ යම් තරමක හැඟීමක් විය. පියාගේ විරෝධතාව නොතකා ලංකාවේ ඉන්දියානු කොංග්‍රසයට ඔහු එක්වන්නේ ඒ හේතුවෙනි. 1940 වසරේ ලංකාවට පැමිණි පළමු තොණ්ඩමාන්වරයා වන කරුපයියා තොණ්ඩමාන් මියයන්නේය. තරුණ සෞම්‍යමූර්ති වතු පාලනය සහ දේශපාලනය සම සමව කරගෙන යමින් දේශපාලනයට වැඩි බරක් තබන්නට විය.

1947 වසර ලංකාවට සුවිශේෂ එකක් වන්නේය. ඊට හේතුව බි්‍රතාන්‍ය ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය එම වසරේ පැවැත්වීමය. එම මැතිවරණයට නුවරඑළිය ආසනයට ලංකාවේ ඉන්දීය කොංග්‍රසය නියෝජනය කරමින් තරග වැදුණේ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ය. වැඩි ඡන්ද 6,135ක් ලබා නුවරඑළිය ආසනය ජයගන්නා ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේය. එහෙත් ඩී.ඇස්.ගේ ආණ්ඩුව 1948 වසරේ ගෙන ආ පුරවැසි පනත මගින් ලංකාවේ සිටි ඉන්දියානුවන්ට තිබූ ඡන්ද බලය අහෝසි වන්නේය. ඒ හේතුවෙන් 1952 මැතිවරණයට තරග කරන්නට සෞම්‍යමූර්ති තොණ්ඩමාන්හට නොහැකි වන්නේය.

1950 වසරේදී ලංකා ඉන්දියානු කොංග්‍රසය ලංකා කම්කරු කොංග්‍රසය බවට පත්වන අතර පසු කාලයක රජුන් තනන බලය හිමිවන්න්නේ එම වෘත්තීය සමිතියටය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1960 දී කඳුකරයේ රටක් නැති ජනයාගේ නියෝජිතයා ලෙස සෞම්‍යමුර්ති තොණ්ඩමාන් පාර්ලිමේන්තුවට කැඳවන්නේය. ඒ සෙනට් සභිකයෙක් ලෙසය. එහෙත් තොණ්ඩමාන්වරු දේශපාලනයේ තීරණාත්මක චරිතයක් බවට පත්වනුයේ 1977දී බලයට පත් ජේ.ආර්.ගේ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක් වීමෙන් පසුවය. එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රීලනිප සභාග ආණ්ඩුවල තීරණාත්මක අමාත්‍ය ධුර ගණනාවක් හෙබවූ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් 1999 සිය දිවිසැරිය නිමා කරන්නේය.

වියපත් වීමත් සමග සෞම්‍යමූර්ති තොණ්ඩමාන් සිය අනුප්‍රාප්තිකයා පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්නේය. ඔහු තම කිරුළ පැලඳවීමට සිය පුත්‍රයා වූ රාමනාදන් තොණ්ඩමාන් තෝරගනු ඇතැයි බොහෝ දෙනෙක් සිතුවේය. එහෙත් ඔහු ඒ තනතුරට තෝරාගන්නේ පුතා නොව මුණුබුරා වූ ආරුමුගම් තොණ්ඩමාන්ය. 1994 වන විට ඔහු එ.ජා.ප.යෙන් පාර්ලිමේන්තුවට පිවිස අවසන්ය. එහෙත් ආරුමුගම්ට සිය අනුප්‍රාප්තිකයා තෝරාගැනීමට තරම් ඉස්පාසුවක් නොලැබෙන්නේය. ඊට හේතුව කිසිවෙකු නොසිතූ මොහොතක ඔහු දිවිසැරිය නිමා කිරීමය. එහෙත් කම්කරු කොංග්‍රසයේ බල දේශපාලනය සඳහා තොණ්ඩමාන්වරයෙක් අවශ්‍යම විය. ඉතා සුළු දේශපාලන පරිචයක් සහිත ජීවන් තොණ්ඩමාන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ එකී දේශපාලන අවකාශය පිරවීමටය.

අද වන විට ජීවන් තොණ්ඩමාන් රනිල් වික්‍රමසිංහ රජයේ අමාත්‍යවරයෙකි. තොණ්ඩමාන් පරපුරේ නම හැර වෙන කිසිම සුදුසුකමක් නැතිව අමාත්‍ය ධුරයකට පත් ජීවන් තොණ්ඩමාන්ට සිදුව ඇත්තේ ගෙලේ රත්‍රන් බැඳි කටුස්සාට සිදුවූ දෙයම බව දැන් දැන් සිදුවන දේවලින් පෙනීයයි. පසුගිය සතියේදී ජීවන් තොණ්ඩමාන් ලංකාවේ දේශපාලනයේ තොණ්ඩමාන්වරු තබාගෙන සිටි කීර්තිමත් නාමය බරපතළ ලෙස පලුදු කළේය.

ඒ රම්බොඩ නගරයේදී බගවන්තලාව පොලීසියේ නිලධාරීන් සමග ඇතිකරගත් ගැටුමක් හේතුවෙනි. පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයකුට අත්අඩංගුවේදී පහරදී ඇතැයි පැවැසෙන සිදුවීමකට ජීවන් තොණ්ඩමාන් ඍජුවම පොලිසිය සමග පැටලුණේය. අමාත්‍යවරයා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් බගවන්තලාව නගරයට ගොස් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ බැණ වැදුණේය. එය එක්තරා ආකාරයකින් පොලිසියට අභියෝග කිරීමක් විය.

බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකු කළමනාකාරවරයෙක් සහ ගනුදෙනුකරුවකු අතර ඇතිවූ බහින්බස් වීමක් පිළිබඳ බැංකුව සිදුකළ පැමිණිල්ලක් මත අදාළ තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. අනතුරුව එම තරුණයාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ඒ පොලිස් රාජකාරියේ ස්වභාවය.

කෙසේ වෙතත් අමාත්‍යවරයා පවසනුයේ පොලීසිය එම තරුණයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ පහරදීමක් සිදුකර ඇතිබවය. පොලීසියට සැකකරුවෙකුට පහර දීමට නොහැකි සේම ඇමැතිවරයෙකුටද නිලධාරීන්ට පහර දීමට නොහැක. අදාළ තරුණයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන්ට වහාම ස්ථානමාරු වීම් ලබාදෙන ලෙසට ද අමාත්‍යවරයා හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගමට බල කර ඇතිබවත් ඊට පිළිතුරු ලෙස පොලිස් අධිකාරිවරයා ළාබාල ඇමැතිවරයාට නීතිය පිළිබඳ සරළ පැහැදිලි කිරීමක් කර ඇතිබවත් වාර්තා වේ .

සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ දර්ශන පදනම් කර ගනිමින් මේ වන විටත් තමන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එම විමර්ශනය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. එම විමර්ශන අවසන් වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා ස්ථාන මාරු කිරීමට නොහැකි බවද පොලිස් අධිකාරිවරයා අමාත්‍යවරයාට පහදා දී තිබේ.

බගවන්තලාවේ සිදුවීමෙන් පාඩමක් ඉගෙන නොගත් ජීවන් තොණ්ඩමාන් ඇමැතිවරයා මාතලේ ප්‍රදේශයේදී තවත් ආරෝවක් හදාගන්නේය. ඒ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් රත්වත්ත වතු යායේ සහකාර වතු අධිකාරිවරයෙක් සමගය. එම සහකාර වතු අධිකාරිවරයා ඇල්කඩුව වත්තේ තාවකාලික නිවෙසක් කඩා ඉවත් කර ඇත. වතු කළමනාකරණය පැත්තෙන් කියවෙන්නේ එම නිවෙස අනවසර එකක් බවය. එහෙත් අනවසර වූ පළියට එවැන්නක් ඉවත් කිරීමට වතු අධිකාරිවරයකුට අයිතියක් නැති බව තොණ්ඩමාන් පාර්ශ්වයේ තර්කයයි.

උක්ත සිදුවීමට අදාළව සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන වීඩියෝවකින් දැක්වෙන්නේ අමාත්‍යවරයා අදාළ වතු කළමනාකරුවා හට පහර දීමට උත්සාහ දරන ආකාරයකි. එය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක. වතු ඉඩම් යනු පුද්ගලික ඉඩම් නොවනා සේම ඒවායේ පෞද්ගලික නිවාස ඉදිකිරීමද නීති විරෝධී බව වතු අධිකාරිවරයාගේ පාර්ශ්වය පවසයි. එමෙන්ම වත්තක නේවාසිකව සිටිය හැක්කේ එහි සේවකයන්ට පමණි.

නෑ සබඳතා මත බාහිර පුද්ගලයන්ට වතුවල පදිංචිව සිටිය නොහැක. රජයේ හෝ පෞද්ගලික ඉඩමක පදිංචිව සිටි කෙනකුට බුක්තිය සම්බන්ධව ඇති හිමිකම වත්තක ඉඩමකට හෝ නිවෙසකට ඇති වන්නේ නැත. වතු අධිකාරිවරයාගේ බංගලාව පමණක් නොව වතු ලයින් කාමරද රාජකාරියක් වෙනුවෙන් ලබාදෙන නිල නිවාසයන් පමණි. පියා හෝ මව වත්තේ සේවය කරයි නම් දරුවන්ට එවැනි නිවෙසක පදිංචි වීමේ ඉඩ ඇත. එහෙත් අනු පවුල් සඳහා එකී අයිතිය ලැබෙන්නේ එකී සාමාජිකයෙක් වත්තේ සේවය කරයි නම් පමණි. මේවා වතු සම්බන්ධ ඉතා සරල කරුණුය. වතු ක්ෂේත්‍රය පිළිබඳ මෙතරම් දන්නා වෘත්තීය සමිති නායකයෙක් මේ කරුණු නොදැන සිටීම බරපතළ ගැටලුවකි.

කලකට පෙර වතු පෞද්ගලික අංශය සතුව පැවැති සමයේ වතු ඉඩම් සම්බන්ධ නීති අකුරටම ක්‍රියාත්මක විය. එහෙත් උපයන ආදායමෙන් 40%ක් පමණ බදු ගෙවා රටට විනිමය ගෙන ආ ප්‍රධාන මාධ්‍යය වූ වතු ටික ජනසතුකර 1970 බලයට පත් මැතිනියගේ තුන්හවුල් ආණ්ඩුවට නින්ද ගියේ නැත.

මිරිස්ගලේ සිට අමුඩ ලේන්සුව දක්වා පෞද්ගලික දේපළ ජනසතු කර රට ගොඩගන්නට උත්සාහ ගත් ඇගේ ආණ්ඩුවේ දුෂ්ට ප්‍රතිපත්ති නිසා ආණ්ඩුවට හෝ බැංකුවලට බරක් නොවී පවත්වාගෙන ගිය වතුවලින් බහුතරයක් මහා භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවන තැනට පත්විය. එහෙත් පසු කාලයක හෝ මෙම වතු ඒවායේ හිමිකරුවන්ට පවරා දීමට උත්සාහ ගත් අවස්ථාවන්හිදී ඒවා ජනතා දේපළ බවට උද්ඝෝෂණ මතුවන්නට වීම නිසා වතු පෞද්ගලීකරණය වූයේ බාගෙටය. එය එළදෙනගේ නම්බුකාර පංගුව බෙදා ගත්තා වැනි ගනුදෙනුවක් විය.

මැතිනියගේ ආණ්ඩුව වතු ඉඩම් කොල්ලකෑමෙන් පසු වැවිලි ක්ෂේත්‍රය ගියේ විනාශයටය. වසර විස්ස විසිපහ වතුවල සේවය කර සිටි සේවකයෝ පැය කිහිපයක් තුළ අනියම් සේවකයන් බවට පත්කරන ලදී. ඒ සමගම ප්‍රතිවාදී දේශපාලන මත දැරූවන්ගෙන් එළව එළවා පළිගන්නට විය . වත්තේ බලය පළාතේ මන්ත්‍රී සතු විය. ඔහුගේ හෙන්චයියලා සිය බල පරාක්‍රමය වතු ඇතුළේ පතුරුවන්නට විය.

වතු අධිකාරිවරුන්ට ඉහළින් වැවිලි කර්මාන්ත ඇමැතිද දේශපාලනඥයෝද වැජබෙන්නට වූහ. අවසානයේ මෙරට සිටි අත්දැකීම් බහුල වැවිලිකරුවෝ රට හැර යන ලදී. කෙන්යාව සිය වැවිලි ආර්ථිකය ගොඩනගා ගන්නට ලාංකේය වැවිලිකරුවෝ ඉතසිතින් පිළිගත්හ. වෛද්‍යවරු රට හැර යෑම ගැන කතා කරන වර්තමාන දේශපාලන ඔස්තාර්ලා අතීතයේ සිදුවූ ‘වැවිලි ක්ෂේත්‍රයේ බුද්ධිගලනය’ ගැන දන්නේ නැත.

1975 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත පෙරට දමා වතු ආණ්ඩුවට පවරා ගැනීමෙන් පසු ඒවායේ තිබූ වටිනා දේපළ එළිපිට දේශපාලුවෝ කොල්ලකන්නට වූහ. ඇතැම් පළාත්වල තේ රබර් කම්හල් යකඩවලට විකුණා දමන තරමට වැඩේ දුරදිග යන ලදී. මෙහි කූටප්‍රාප්ති අවස්ථාවක් ලෙස කලකට පෙර දැරණියගල නූරි වත්තේ ඛේදවාචකය දැක්විය හැක්කේය.

එදා කණක හේරත්ගේ දේශපාලන බලය අතට ගත් අතකොටා නම් ප්‍රාදේශීය දේශපාලනඥයා එහි වතු අධිකාරිවරයා අමු අමුවේ මරාදැම්මේය. මේ රට සතු මාහැඟි සම්පතක් වූ වැවිලි කර්මාන්තය විනාශ කළ ආකාරයට හොඳම නිදසුනකි. අද වන විටත් වතුවලට අරක්ගෙන සිටින දේශපාලන බලය සහිත පිල්ලි වතුවල සාරය හූරා කමින් සිටී. වතු ඉඩම් බලෙන් අල්ලාගෙන වතුවල පදිංචි වී සිටින මොවුන් වතුවල සේවය කරන්නෝ නොවෙත්. එහෙයින් මොවුනට නවාතැන් දීමට වතු සමාගම් බැඳී නැත.

නීතිය පසෙකට දමා මානුෂික කෝණයකින් සලකා බලන්නේ නම් එකවර ගෙයක් කඩාදැමීම වරදකි. එහෙත් උක්ත කරුණ ගැන ජනාධිපතිට ලිපියක් ලියමින් වැවිලිකරුවන්ගේ සංගමය පවසනුයේ සන්නද්ධ ආරක්ෂකයන් සමගින් වතු ඇතුළට පැමිණ මේ ආකාරයෙන් බලහත්කාරකම් කරන්නට ඇමැතිවරුන්ට අයිතියක් නැති බවය. එමෙන්ම මෙම නිවෙස ඉවත්කිරීමට පෙර සහකාර වතු අධිකාරිවරයා පොලිසියට විධිමත් පැමිණිල්ලක් කර ඇති බවත්, මෙම පුද්ගලයා සහ වතු අධිකාරිවරයා පොලිසියට ගෙන්වා කළ කරුණු විමසීමේදී එම නිවෙස ඉවත් කරගැනීමට එම පුද්ගලයා එකඟ වී සිට, පසුව එම පොරොන්දුව මඟහැර ඇති බවත් වැවිලිකරුවෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමුකළ ලිපියේ සඳහන් වෙයි.

ලංකාවේ තොණ්ඩමාන් පරපුරේ පළමු පරම්පරාව කරුපයියා තොණ්ඩමාන් වුවද දේශපාලනය තුළ තොණ්ඩමාන් සලකුණ ඇරඹෙනුයේ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් ගෙනි. ඔහු වගාකළ කීර්තිය දෙවැනි පරපුර ලෙස ගැනෙන ආරුමුගම් තොණ්ඩමාන් විසින් හොඳින් නඩත්තු කළේය. එහෙත් මේ කියන ජීවන් තොණ්ඩමාන් අයත් වන්නේ දේශපාලනයේ නියුතු තොණ්ඩමාන්වරුන්ගෙන් තුන්වැති පරපුරටය.

සාමාන්‍ය ව්‍යවහාරයේ ඕනෑම පවුලක තුන්වැනි පරපුරට අයත් වන්නේ නාස්තිකාර පුතුනටය. එදා බි්‍රතාන්‍ය කිරීටය පවා සොලවන්නට සමත්වූ කීර්තිමත් වලව්කාර පරම්පරාවල් අද දියවී වාෂ්ප වී ගොසිණි. බෝතලේ වලව්වේ සේනානායකලාට සිදුවූයේ එයය. ඩී.ඇස්. සේනානායක මුල්ම පරපුර ලෙස කීර්තිය වගා කළේය. ඩඩ්ලි එය පවත්වාගෙන ගියේය. එහෙත් තුන්වැනි පරම්පරාවට අයත් වසන්ත සේනානායකලා, සේනානායකලාගේ දේශපාලන කීර්තිය නන්නත්තාර කර දැම්මේය. කීර්තිමත් හොරගොල්ලේ බණ්ඩාරනායක පරපුරද එසේමය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ මැතිනිය ගොඩනැගූ කීර්තිය චන්ද්‍රිකා සහ අනුර පවත්වාගෙන ගිය නමුත් එම පරපුර තුන්වැනියෙක් නැතිවම විනාශ වී යන ලදී. ඩී.ඒ. සහ ඩී.එම්. රාජපක්ෂ ගොඩනැගූ දේශපාලන ප්‍රතිරූපය මහින්ද, බැසිල් සහ චමල් වැන්නෝ පවත්වාගෙන යන ලදී. එහෙත් රාජපක්ෂලාගේ තුන්වැනි පරපුර වන නාමල්, ශෂේන්ද්‍ර වැන්නෝ එකී ප්‍රතිරූපය දියාරු කරමින් සිටිති. දේශපාලනයට පමණක් නොව ව්‍යාපාර ක්ෂේත්‍රයටද මෙම ප්‍රවණතාව අදාළය. ක්‍රීඩාවටද ඉන් බේරීමට නොහැක. ෆ්‍රෑන්ක් වෝරල්, ගාෆීල්ඩ් සෝබර්ස්, රෝහාන් කන්හායි වැනි නායකයෝ ගොඩනැංවූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් අධිරාජ්‍යය ක්ලයිව් ලොයිඩ්, විවියන් රිචර්ඩ්ස් වැන්නෝ වඩාත් හොඳින් පවත්වාගෙන යන ලදී. එහෙත් බ්‍රයන් ලාරා සහ ඔහුගෙන් පසු පරපුර එම අධිරාජ්‍යය මෙතරම් දුරට බිඳදැමුවේද කිවහොත් 2023 ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලැබීමට පවා කොදෙව් පිල අසමත්ව ඇත්තේය.

මේ දිය දහමෙන් ජීවන් තොණ්ඩමාන් පරපුරට බේරෙන්නට නොහැක. අද ජීවන් අයත් වන්නේ තුන්වැනි පරම්පරාවටය. සිය මුත්තනුවන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් ගොඩනැගූ ‘වතු කම්කරු’ අධිරාජ්‍යය ආරුමුගම් තොණ්ඩමාන් පවත්වාගෙන ගියද ජීවන් එය විනාශ කරමින් සිටී. දේශපාලනය ගැන අල්ප දැනුමක් සහ නොදම්බි්‍රයා විශ්වවිද්‍යාලයේ නීතිවේදය පිළිබඳ උපාධියක් පමණක් ඇතිව දේශපාලනයට පිවිසි ඔහු කම්කරුවන්ගේ දහදිය සුවඳ මෙන්ම තේ කහටේ රසද දන්නේ නැත. එබැවින් ජීවන් තොණ්ඩමාන්ගේ දේශපාලන අනාගතය ගැන අපට ඇත්තේ බරපතළ සැකයකි. තවත් පරපුරකට තිළිණ කරන්නට බැරි නම් තම ජීවිත කාලයේ හෝ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් ගොඩනැංවූ අධිරාජ්‍ය රැකගන්නැයි අපි ඔහුට අභියෝග කරන්නෙමු.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අනේ අපිටත් ජේලර් කෙනෙක් හිටියා නම් I Sri Lanka Latest News

Next Post

ලෝක විනාශය ගැන බුදුන් දෙසූ අනාවැකි සියල්ල ඇස්පනාපිට ඔප්පු වෙයි I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.