• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාමුදුරුවරු දෙදාහක් සිවුරු තියලා ගෙදර යයි? හාමුදුරුවොද? දායකයොද? පාලකයොද? කවුද වැරදි I Sri Lanka Latest News

August 31, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

භික්ෂුන්වහන්සේලා දෙදහසකට වැඩි ප්‍රමාණයක් උපැවිදි වෙලා. චීවර දැරූ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් චීවර නොදරන්න තීරණය කරලා. සරලව ගත්තොත් හාමුදුරුවරු දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සිවුරු ඇරලා. මේක පහුගිය සති කිහිපය තුළ කතාබහට ලක්වුණු ප්‍රවෘත්තියක්. මේ විදියේ ප්‍රවෘත්තියක් රටක් ඇතුළේ කතාබහට ලක්වෙනකොට ඒ ගැන විවිධ තර්ක විතර්ක ඇතිවෙන්න පටන් ගන්නවා.(Sri Lanka Latest News)

අපිත් මේ ලෑස්ති වෙන්නේ ඒ ප්‍රවෘත්තිය ගැනම කතාකරන්න. ඇත්තටම හාමුදුරුවරු 1,892ක් සිවුරු ඇරලා යෑම කියන එක කොහොමද රටකට ප්‍රවෘත්තියක් වෙන්නේ. ඇත්තටම ඒක ප්‍රවෘත්තියක් තමයි. ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධ රටක් කියලා ලේබල් එකක් අපි අලවගෙන තියෙන නිසාත්, භික්ෂුන් වහන්සේලා හෝ වෙනත් කවුරුන් හෝ පුද්ගලයන් 1,800ක් කියන්නේ පොඩි ගණනක් නොවන නිසා. භික්ෂුන් වහන්සේලා සිවුරු ඇර යෑමට තීරණය කිරීම කියන එක රටේ බෞද්ධාගමට සහ රටේ අනාගතයට බලපෑ හැකි යම් කාරණාවක් යැයි විශ්වාස කළ හැකි නිසාත් ඒ ගැන අපි කතාකළ යුතුමයි.

මේකෙ පළමු කාරණාව තමයි භික්ෂුන්වහන්සේලා 1,892ක් සිවුරු හැර යෑම කියන මාතෘකාව ගැන අපි කතාකරන්න ඕනෙ කොහොමද කියන එක. ඒක හොඳයි කියලද? ඒක නරකයි කියලද? ඒ ගැන දුක්වෙමින්ද? ඒ ගැන වද වෙමින්ද? භික්ෂුන්වහන්සේලා 1,892ක් සිවුරු හැර යෑම එක අතකින් හොඳයි. ඇයි හොඳ? ඔබ දැක්කනේ පහුගිය මාස කිහිපය ඇතුළත රට ඇතුළේ සිදුවුණු සමහර සිදුවීම්. භික්ෂුන්වහන්සේලා ඇතැම් කාන්තාවන්, තරුණයන්ව තමන්ගේ කුටිවලට ගෙන්වාගෙන ඔවුන් සමග ලිංගිකව හැසිරෙන අවස්ථාවලදී ගමේ මිනිස්සු පැනලා පහර දීලා ගමේ මිනිස්සු අත්අඩංගුවට පත්වුණා.

ඒ වගේම ඔබ දැක්කනේ පහුගිය කාලේ භික්ෂුන්වහන්සේලා අතින් දරුවන් අපයෝජනයට ලක්වුණා. ඒ වගේම ඔබ දකින්න ඇතිනේ පහුගිය කාලේ භික්ෂුන්වහන්සේලා දරුවන් අපයෝජනයට ලක්කරන බවත්, එහෙමත් නැත්නම් සාමණේර හිමිවරුන් අපයෝජනයට ලක්කරන බවට ඇතිවෙච්ච චෝදනා. මේ චෝදනා සියල්ලක්ම ඇතිවෙන්නේ තමන් දරන චීවරයට සාධාරණය ඉටුකරන්න බැරි වීම මත. හැබෑවටම චීවරයට සාධාරණය ඉටුකරන්න බැරි නම් ඔවුන් කළ යුත්තේ චීවරය තබා තමන්ට ගැළපෙන ඇඳුමක් ඇඳගෙන නික්ම යෑම තමයි. මොකද එහෙම නොවුණොත් තමන්ගේ ලිංගික ආශාවන්, මත්ද්‍රව්‍ය පිළිබඳ ආශාවන්, වෙනත් උවමනාවන් ඉෂ්ට කරගන්න ඒ අය පෙලඹෙනවා.

සාමාන්‍යයෙන් භික්ෂුන්වහන්සේ නමකට චීවරයක් ඇඳගත් පසු අවශ්‍ය කරන සිවුපසය ලබාදීම තමයි ශ්‍රී ලාංකිකයාගේ සිරිත. ඒ කියන්නේ කෑමබීම, ඉඳුම් හිටුම්, ඇඳුම් ආයිත්තම්, ඖෂධ ලබාදිය යුතුයි. එහෙම ලබාදෙන්නේ භික්ෂුන්වහන්සේ නමක් සාමාන්‍ය ජන ජීවිතයෙන්, එහෙම නැත්නම් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේ ලැබිය යුතු වරප්‍රසාද සියල්ල අතහැරලා දාලා ශ්‍රී ලාංකික බෞද්ධ සමාජයේ බැතිමතුන් වෙනුවෙන් ජීවත් වීම නිසා.

එතකොට ඔවුන් අතහරිනු ලබන වරප්‍රසාද වෙනුවට අපි විසින් වන්දියක් ගෙවිය යුතුයි. ඒක හරිම සාධාරණ සහ යුක්තිසහගත කාරණාවක්. මේ විදියට අපි එහෙම වන්දියක් ගෙවනවා නම් භික්ෂුන්වහන්සේලාත් ඒ චීවරයට අවංක විය යුතුයි. චීවරයක් දරන්නකුට සිදුකළ යුතු සහ සිදු නොකළ යුතු ඇවතුම් පැවතුම්, සිරිත් විරිත් සියල්ලම නියම කරලා තියෙනවා. ඒ නිසා තමන්ට චීවරයක් දරන්නකු ලෙස නියම කරන ලද ඇවතුම් පැවතුම්වල ජීවත් වෙන්න බැරි නම් ඔවුන් කළ යුත්තේ සිවුරු හැර යෑම තමයි.

නමුත් භික්ෂුන්වහන්සේ නමකට සිවුරු හැර යෑමට සිද්ධ වෙන්නේ කාගෙන් හරි සිද්ධ වෙන අකටයුත්තක් නිසා නම්, අසාධාරණයක් නිසා නම්, කරදරයක් හිරිහැරයක් නිසා නම් ඒ ගැන සොයා බැලිය යුතුයි. සමහර වෙලාවට මේ කරදරේ තියෙන්නේ පන්සල ඇතුළෙම වෙන්න පුළුවන්. නැත්නම් ගිහි ගෙදරක වෙන්න පුළුවන්. ආර්ථික දුෂ්කරතාව හෝ වෙනත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නම් උන්වහන්සේලාට උදව් කරන්න බෞද්ධ සමාජයට විතරක් නෙවෙයි රටක් විදියට දේශපාලන වශයෙන් මුළු රටටම වගකීමක් සහ යුතුකමක් තියෙනවා.

ඊළඟ කාරණාව තමයි භික්ෂුන්වහන්සේ නමක් චීවරයක් දරා සිටීම කියන මාතෘකාව ගැන අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නෑ. මේ චීවරයක් දරා සිටීම දුෂ්කරද නැද්ද කියන එක ගැන ඔබ කී වතාවක් හිතලා තියෙනවද? අපි මෙහෙම හිතුවොත් ඔබට ඔබේ සියලු ඇඳුම් ආයිත්තම් ඉවත් කරලා නියම කරන ලද ඇඳුමක් ඇඳගෙන ඉන්න සිද්ධ වෙනවා. ඔබේ මිතුරන්, ඔබ දන්නා හඳුනන අය, ඔබේ සම වයසේ අය විවිධ විලාසිතා කරමින් යනවා.

අපි දන්නවා ශ්‍රී ලංකාවේ ඉන්න කිසිම භික්ෂුන්වහන්සේ නමක් කිසිම මාර්ග ඵලයකට පැමිණිලා නෑ කියන එක. එක්කෙනෙක් දෙන්නෙක් විවිධාකාරයෙන් තැන් තැන්වල පැමිණුනා පැමිණුනා කිව්වා මිසක, ඒ අය ඉවත් කරලා ගත්තත්, බොහෝ විට භික්ෂුන්වහන්සේලාගෙන් 99%ක්ම කිසිම මාර්ග ඵලයකට පැමිණිලා නෑ. ඒක භික්ෂුන්වහන්සේලාට කරන චෝදනාවක් නෙවෙයි. ඒක තමයි සාමාන්‍ය විදිය. මෙන්න මේ පෘථග්ජන භික්ෂුන්වහන්සේලාට ආශාවන් වුවමනාවන් ඇතිවීම අතිශය සාධාරණයි.

මොකද මේ ආශාවන් ඇතිවෙන්නේ තමන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය මත ඉඳුරන්ගේ අවශ්‍යතා වුවමනා මත. මේ හෝමෝන ක්‍රියාකාරීත්වය මේ කිසිම භික්ෂුන්වහන්සේ නමකගේ නතර වෙලා නෑ. මේ හෝමෝන ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි සිද්ධ වෙන භික්ෂුන්වහන්සේ නමකට තමන්ගේ ජීවිතයේ ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය යටපත් කරගෙන ඒ දේවල් සිදු නොවෙන්නේ සේ හැඟීම් පාලනය කරගෙන ඉන්නවා කියන එක කළ හැක්කක් නෙවෙයි. ඒක ආශ්චර්යයක්. එවැන්නක් කරන්නැයි ඔවුන්ට බලකිරීම පවා හරිම අසාධාරණයි. නමුත් එය කළ යුතුයි භික්ෂුන්වහන්සේ නමක්.

භික්ෂුන්වහන්සේ නමකට අපි හිතන්නේ සිවුරක් ඇඳගෙන ඉඳීම පවා ආශ්චර්යයක් කියලා. අමාරු දෙයක් කියලා. ගමක නැත්නම් යම් කිසි සමාජ කොට්ඨාසයක අවශ්‍යතා ඉටුකරමින්, ධර්මය දේශනා කරමින්, සියලු කටයුතු තමන්ගේ ආගමට අනුව සිදුකරමින්, සියලු කැපකිරීම් කරන භික්ෂුන්වහන්සේ නමකට චීවරයක් දරා සිටීම කියලා කියන්නේ අමාරු දෙයක්. අපේ වගේ රටක ඒක තවත් අමාරුයි. හැඟීම් ඉඳුරන් පාලනය කරගෙන සාමාන්‍ය බෞද්ධයා වෙනුවෙන් පන්සල වෙනුවෙන් ආගම වෙනුවෙන් කැපකිරීම් කරන භික්ෂුන්වහන්සේ නමක් ගැන අපි කී වතාවක් හිතලා තියෙනවද? ඒ අයට කොච්චර ප්‍රශ්න තියෙනවා ඇද්ද? ඒ අයගෙත් ආර්ථික අපහසුතා ඇති. ඒ අයගෙත් ආශාවන් වුවමනාවන් ඇති.

ඒ අයටත් මිනිස්සුන්ගෙන් ඉල්ලන්න බැරි දේවල් ඇති. අපි භික්ෂුන්වහන්සේ නමක් රෑට කෑම කනවද කියන තැන ඉඳලා හෙවිල්ලෙන් ඉන්නවා. හැබැයි අපි හාමුදුරුවන්ට රෑට බඩගිනි වෙනවද කියන එක හොයන්න පටන් අරගෙන තියෙනවද? හාමුදුරුවෝ කී දෙනෙකුට රෑට කෑම නොකා බැරි අසනීප තියෙනවද කියලා හොයලා තියෙනවද? හාමුදුරුවෝ කී දෙනකුට මස් මාළු නොකෑම නිසා ඇතිවන ශාරීරික ප්‍රශ්න ඇතිවෙලා තියෙනවද කියලා ඔබ හොයලා බලලා තියෙනවද? හැබැයි ඔබ හොයනවා හාමුදුරුවෝ මස් කනවද කියන එක. හාමුදුරුවෝ කී දෙනෙකුට ගිහි ගෙදර ප්‍රශ්න ඇද්ද? හාමුදුරුවෝ කී දෙනකුට ගෙවල් දොරවල්වල අම්මලාගේ තාත්තලාගේ ප්‍රශ්න විසඳන්න සිදුවෙලා ඇද්ද? හැබැයි ඔබ හොයනවා පන්සලේ දානෙට මානෙට ලැබෙන දේවල් ගෙදර යවනවද නැද්ද කියන එක ගැන.

ගෙදර යවනවා නම් ඔබ ඒ භික්ෂුන්වහන්සේට චෝදනා කරනවා. හැබැයි ඔබ හිතන්නේ නෑ නේද දන් වේල දකින මොහොතේදී අම්මගේ බඩගින්න මතක් වෙන භික්ෂුන්වහන්සේලා. සහෝදර සහෝදරියෝ බඩගින්නේ ඇති නේද කියලා හිතන භික්ෂුන්වහන්සේලා ගැන. සාමණේර කාලෙම පුංචි කාලෙම පන්සලට ගෙනැල්ලා ඇරලුවට පස්සේ අම්මා මතක් වෙනකොට, තාත්තා මතක් වෙනකොට, නංගි මල්ලි මතක් වෙනකොට මේ පොඩි එවුන් අඬනවා කියලා ඔබට හිතිලා නෑ නේද? ඔබට ඒක හිතුණු දවසට ඔබට තේරේවි සිවුරු ඇරීම කොච්චර සාධාරණයිද කියලා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ එතැන නෙවෙයි. භික්ෂුන්වහන්සේලා අහිමි වීම හරහා පන්සලකට එක භික්ෂුන්වහන්සේ නමක්වත් නැති වෙනවා.

අද අපි දන්නවා මේ විහාරස්ථාන කියලා කියන්නේ විශාල දේපළ කන්දරාවක් තියෙන, විශාල ආර්ථික ශක්තියක් තියෙන, විශාල සම්පත් ප්‍රමාණයක් තියෙන ස්ථාන කියලා. සමහර විට මේ දේපළ සම්පත් ගැන හිතාගෙනම මහණ වෙන අයට මේවා අයිති වෙනවා භික්ෂුන්වහන්සේලා මෙහෙම සිවුරු හැර යෑම නිසා. ඒ වගේම දානෙකට මානෙකට වඩම්මවාගන්න හාමුදුරු නමක් නැතිවෙච්ච දාට ඔබට තේරෙනවා භික්ෂුන්වහන්සේලා කියන්නේ කොච්චර වටිනා පිරිසක්ද කියලා.

ඉස්සර ගම නිර්මාණය වුණේ අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන ලද භික්ෂුන්වහන්සේලාගේ උපදෙස් මත. හේනේ කුඹුරේ වැඩකරපු අපේ ගැමියා හැන්දෑවට ඇඟපත හෝදාගෙන කුඹුකේ ළිඳට ගිහිල්ලා කෙළින්ම ගියේ පන්සලට. පන්සලේ කුදුමහත් කටයුතුවලට එකතු වෙලා හාමුදුරුවොත් එක්ක හැන්දෑවේ ටිකක් කතාබස් කරමින් ඉඳලා තමයි අපේ සීයලා තාත්තලා ගෙවල්වලට ආවේ. එතකොට උන්දැලාගේ ප්‍රශ්න පන්සලේ හාමුදුරුවරුත් එක්ක කතා කළා.

හාමුදුරුවෝ බණ පොත් කියවලා තියෙනවා. බුද්ධ චරිතය ගැන දන්නවා. ඉතිහාසය ගැන අතීතය ගැන හොඳ දැනුමක් තියෙනවා. හාමුදුරුවෝ ඉතිහාසයෙන් බණ පොත්වලින්, ජාතක කතාවලින් අපේ ගැමියට උපදෙස් දුන්නා, ජීවිතේ හදාගන්න හැටි, පවුල් ආරවුල් විසඳගන්න හැටි ගැන. පොතකවත් නොලියා විවාහ වෙච්ච, විවාහ සහතික නැති, නීතියේ බැඳීම් නැති කසාද ජීවිත ගතකරපු අපේ ගැමියන් තමන්ගේ පවුල රැකගෙන ජීවිතේ පවත්වාගෙන යන එක පවා කියලා දුන්නේ පන්සලේ හාමුදුරුවෝ. ඒක නිසා පන්සල කියලා කියන්නේ මිනිස්සුන්ට නැතුවම බැරි තැනක්.

භික්ෂුන්වහන්සේලා කියන්නේ මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය කෙනෙක්. ඒත් පහුකාලීනව මේ දේවල් වෙනස් වෙලා පන්සල වෙනස් වෙලා ගම වෙනස් වෙලා පන්සලයි ගමයි අතර පරතරයක් හැදිලා අද වෙද්දී සියල්ල අතහැරීමට මහණ වෙච්ච හාමුදුරුවෝ සියල්ල බදාගෙන. සියල්ල නැති ගැමියගේ සියල්ල නැති දායකයාගේ සියල්ල ලබාගන්න හාමුදුරුවෝ පුරුදු වෙලා. මේවා කිව්වම භික්ෂුන්වහන්සේලා අමනාප වෙයි. අපි දන්නවා අදත් බුදුරජාණන්වහන්සේ කියපු මඟ යන, බෝධිසත්ව ගුණෝපේත භික්ෂුන්වහන්සේලා අපේ රටේ ඉන්නවා.

අපි කාගෙවත් නමක් ගමක් නොකියන්නේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ හරි නමක් අතපසු වුණොත් ඒ භික්ෂුන්වන්සේලාට විශාල අසාධාරණයක් සිදුවෙන හින්දයි. අපේ ගමේ පන්සල්වල ලියුම්කරුට උදාහරණ තියෙනවා. ඒ නිසා ඒවා නෑ කියලා කියන්න කිසි කෙනකුට බෑ. භික්ෂුන්වහන්සේලා සියල්ලෝම දුසිල්වතුන් නොවේ. භික්ෂුන්වහන්සේලා සියල්ලෝම සිල් නොරකිනවා නොවේ. නමුත් යම් තැනකදී භික්ෂුත්වය අභියෝගයට ලක්වෙලා ඉවරයි.

ඒක නිසා භික්ෂුන්වහන්සේලා සිවුරු හැර යෑම හරිද, වැරැදිද, යුතුද, අයුතුද කියන එක ඔබ තීරණය කරන්න. නමුත් 1892ක් භික්ෂුන්වහන්සේලා සිවුරු හැරගොස් ඇති බව පමණක් ඔබ දැනගන්න. ඒ නිසා ඔබේ පන්සලේ හාමුදුරුවන්ව රැකගන්න එක ඔබේ වගකීමක් සහ යුතුකමක් බව මතක තියාගන්න. ඔබටත් මටත් භික්ෂුන්වහන්සේලා අත්‍යාවශ්‍ය බව ඉනික්බිතිව සිහිතබා ගන්න. මේ ලිපිය කියවූවාට පසු යම් කිසිවකුට සිත් රිදවීමක් වෙනවා නම් එයට කරුණාකර සමාවෙන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කුඩු ජාවාරමට එරෙහි වූ තරහට පන්සලේ හාමුදුරුවන්ට පෝය දවසේ මැර කණ්ඩායමක් පහරදීලා! Sri Lanka Latest News

Next Post

රාජපක්ෂ පවුලේ ඥාති මස්සිනා අනාවැකි කියයි I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.