• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුළු ලංකාවම ගොදුරුවෙන්න යන බිහිසුණු පිළිකාවේ සුලමුල මෙන්න I Sri Lanka Latest News

August 31, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ අපි අමුත්තෙක් මුණගැහුණාම කතා කරන්න පටන්ගන්නේ ආයුබෝවන් කියලා. ඒ කියන්නේ ආයුෂ බොහෝ වේවා කියන එක. එහෙම කතාව පටන්ගත්තට අපේ ආයුෂ අඩුවෙන්න හේතුවෙන කාරණාවක් ගැන තමයි අපි අද ඔබත් එක්ක කතාකරන්න යන්නේ. පිළිකාව. මේ වචනය වර්තමානයේ සමාජය පුරාම වැඩි වශයෙන් කතාබහ කරන මාතෘකාවක් බවට පත්වෙලා. මේක අවාසනාවන්ත රෝගී තත්ත්වයක් කියලා ඔබ දන්නවා.(Sri Lanka Latest News)

සරලව කියනවා නම් පිළිකාව අද වෙනකොට ලෝකය පුරාම බොහොම සුලබ රෝගයක් වෙලා. මෑතකදී ශ්‍රී ලංකාවේ පිළිකාව සම්බන්ධයෙන් පර්යේෂණ කිහිපයක්ම සිදුවුණා. මේ පර්යේෂණයන්ට අනුව අපේ රටේ සෑම පස්දෙනකුගෙන් එක් අයකුටම පිළිකාවක් වැලඳීමේ අවදානම පවතිනවා කියන දේ ජාතික පිළිකා රෝහලේ අධ්‍යක්ෂවරිය පවා සඳහන් කළා. හැබැයි මේ සියල්ල මේ ආකාරයෙන් තියෙද්දී පිළිකාව ගැන වෙනස්ම විදියක සමහර මිථ්‍යා මතිමතාන්රවලට එළැඹෙන්න අපේ මිනිස්සු දෙපාරක් හිතන්නේ නෑ, ඕනෑම පුද්ගලයකුගේ ශරීරයේ පිළිකා සෛල එකක් හෝ පිහිටා තිබෙන බව සාමාන්‍ය කාරණයක්.

මේ එක් පිළිකා සෛලයක් තිබුණු පමණින් පුද්ගලයකුට පිළිකා තත්ත්වයක් උග්‍ර අතට පත්වෙන්න හැකියාවක් තියෙන බව විශ්වාස කරන්න බැහැ. ඒක එහෙම වෙන්නෙත් නෑ. නමුත් අද අප කියන්න යන්නේ පිළිකාව ගැන. මේ රෝගී තත්ත්වය ගැන අපේ සමාජයේ මේ වන විට මුල්බැසගෙන තියෙන බොහොමයක් දෙනා විශ්වාස කරන, නමුත් 100%ක් නිවැරැදි නොවන මිථ්‍යා මතිමතාන්තර කිහිපයක් ගැන.

සමාජය තුළ බහුතරයක් දෙනා තීරණය කරන පොදු දෙයක් තමයි ආහාර වර්ග ලබාගැනීමෙන් පිළිකා සෛල විනාශ කළ හැකියි කියන මතය. උදාහරණ විදියට මඤ්ඤොක්කා, කතුරුමුරුංගා, තක්කාලි වගේ දේවල් ආහාරයට එකතු කරගැනීමෙන් පිළිකා සෛල විනාශ වීම සිදුවෙනවා කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. සමාජ තුළ නිතර පැතිරෙන මේ වගේ කටකතා සම්පූර්ණ බොරු මතයන්.

ඇතැම් දේශීය වෛද්‍ය ක්‍රමවලදී පිළිකාවක් වැලඳුණු විට මඤ්ඤොක්කා, ෆැෂන් කොළ, කතුරුමුරුංගා ආදිය ආහාරයට ගැනීමට ඇතැම් වෛද්‍යවරුන් නියම කරනවා. නමුත් වෛද්‍ය විද්‍යානුකූලව බැලූ විට එවැනි ආහාර මගින් පිළිකා සෛල මැඬපැවැත්විය නොහැකි බව මේ වන විට තහවුරු වෙලා තියෙනවා. අපි ලබාගන්නා ආහාර මගින් සෛල විනාශ කරන්න බැහැ කියන මතය මහරගම පිළිකා රෝහල මගින් තවදුරටත් තහවුරු කරන අතර, පිළිකාවක් වැලඳී ඇති පුද්ගලයෙක් නම් මෙවැනි මිථ්‍යා මත අනුව වෛද්‍ය ක්‍රම අනුගමනය කළොත්, ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මුණගැසීම යෝජිත බවයි ඔවුන්ගේ මතය වෙන්නේ.

ඊළඟ මතය තමයි පිළිකාවක් නම් අනිවාර්යයෙන්ම වේදනාකාරී වියයුතු බව පැවැසීම. සමාජයේ බහුතරයක් දෙනා පිළිගන්න තවත් මතයක් තමයි මෙන්න මේ වේදනාකාරී බවේ කතාව. ඒ වගේම වෛද්‍යවරුන්ගේ අනාවරණවලට අනුව ශරීරයේ හටගන්නා සමහර කුඩා ගැටිති පිළිකාමය තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි.

හැබැයි මේ ගැටිති මුල් අදියරේදී කිසිදු වේදනාවක් නැති නිසා බොහෝ අය මෙය නොසලකා හරිනවා. හේතුව, බහුතරයක් දෙනා විශ්වාස කරනවා පිළිකාවක් නම් අනිවාර්යයෙන්ම අපේ ශරීරයට වේදනාවක් දැනෙන දෙයක් වෙන්න ඕනෙ කියලා. උදාහරණයක් විදියට පියයරු පිළිකාව, ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති පිළිකා අතරින් ප්‍රධානතම රෝගී තත්ත්වයක්. පියයුරක හටගන්නා කුඩා ගැටිත්තක් විශාල වශයෙන් වර්ධනය වෙලා පියයරු පිළිකා ඇතිවීම සිදුවෙනවා. හැබැයි මුල් අදියරේදී මේ කුඩා ගැටිති කිසිදු වේදනාවක් දනවන්නේ නැහැ.

බහුතරයක් දෙනා පිළිකාව කියන්නේ වේදනාව සහිත රෝගයක් කියලා හිතන නිසාම වේදනාවක් නොමැති මෙවැනි කුඩා ගැටිතිවලින් තමන්ට අවදානමක් නෑ කියලයි ඔවුන් හිතන්නේ. ඒ නිසාම සමාජය නිර්මාණය කරගෙන ඉන්න මෙවැනි මිථ්‍යා මතවලින් බැහැර වෙලා, බොහෝ පිළිකා මුල් අවධියේදී වේදනාවෙන් තොරයි කියන විද්‍යාත්මක අනාවරණයට සිතට ගත යුතු බව සිහිපත් කළ යුතුමයි. එවිට වේදනාවක් මතුවන තුරු බලා නොසිට ප්‍රතිකාර ක්‍රමවලට යොමුවීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

ඊළඟට අපේ අය තදින්ම විශ්වාස කරන තවත් දෙයක් තමයි පිළිකාවකදී විකිරණ ප්‍රතිකාර ලබපු රෝගියකුගෙන් තවත් අයකුට විකිරණ කිරණ ඇතුළත් වන බව. පිළිකාව සඳහා ප්‍රතිකාර ලබාගන්නා බොහෝ දෙනා අපහසුතාවට පත්වෙන තවත් අවස්ථාවක් තමයි මේක. ඒ තමයි පිළිකා රෝගීන් විකිරණ ප්‍රතිකාර සඳහා මුහුණ දීම නිසා ඒ ආකාරයෙන් විකිරණවලට මුහුණ දෙන පුද්ගලයන්ගේ ඇඳුම් පැලඳුම්වලින් අදාළ පුද්ගලයාගේ ශරීරයෙන් අවට ඉන්න අයට විකිරණ කිරණ නිකුත් වීම සිදුවෙනවා කියන මිථ්‍යා මතයක් සමාජය තුළ ගොඩනැගී තිබීම.

ඇත්තටම මේ කියන කාරණාවේ කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ කියලා තමයි පිළිකාව සම්බන්ධ විශේෂ වෛද්‍යවරු සඳහන් කරන්නේ. සරලවම කියනවා නම් මේ විකිරණ ප්‍රතිකාර ක්‍රමය, එක්ස් රේ කිරණ පරීක්ෂාවක් හා සමානයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගත යුතු නැහැ. හැබැයි තවත් අවස්ථාවකදී විකිරණ යම් ද්‍රවාණයකට ඇතුළත් කරලා එය ශරීරගත කිරීම ප්‍රතිකර්මයක් ලෙස සිදුකරනවා.

එමගින් මේ අදාළ විකිරණය ශරීරය පුරා ගමන් කරලා පිළිකා සෛල වෙත ගිහිල්ලා විකිරණය විසුරුවා හැරීම සිද්ධ කරනව. මේ ප්‍රතිකාර ක්‍රමය තුළින් ශරීරයේ ඇති පිළිකා සෛල සියල්ල විනාශ කිරීම සිද්ධ වෙනවා කියලා තමයි අනාවරණ වෙලා තියෙන්නේ. හැබැයි මේ අවස්ථාවේ විකිරණ අන්තර්ගත මෙවැනි ද්‍රාවණයක් පිළිකා රෝගියකුට ශරීරගත කිරීමෙන් අනතුරුව ඔහුගේ ශරීරයේ දින දෙකක් තුනක් විකිරණ ද්‍රව්‍ය රැඳී තියෙනවා.

ඒ නිසා එවැනි අවස්ථාවලදී කිසිදු පිටස්තර පුද්ගලයකුට ඔහුට ළඟින් ඇසුරු කිරීම සුදුසු නැති බව වෛද්‍යවරු සඳහන් කරනවා. ඒක වෙනමම කතාවක්. එවැනි ප්‍රතිකර්ම ක්‍රමවලදී හැර සාමාන්‍ය විකිරණ ප්‍රතිකාර ක්‍රමයක් තුළදී කිසිම අවස්ථාවක වෙනත් පුද්ගලයකුගේ ශරීරයට මේ විකිරණ ශරීරගත වීමක් සිදුවෙන්නේ නෑ කියන දේ තමයි අපි ඔබට මතක් කළ යුත්තේ.

මීළඟ කාරණාව තමයි පිළිකාවට ගොදුරු වුණු ගර්භණී කාන්තාවන්ට ලබාදෙන ප්‍රතිකාර දරු ගැබට හානිකරයි කියන මතය. ලෝකය පුරාම පිළිකාව වැලඳුණු ගර්භණී කාන්තාවන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ වගේම ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා ඉතා සාර්ථකව තමන්ගේ දරු ප්‍රසූතිය සිදුකරන්න. හැබැයි සමාජය තුළ ගොඩනැගිලා තියෙන විවිධ මතිමතාන්තර නිසාම මෙවැනි තත්ත්වයක සිටින ගර්භණී මවුවරුන් නිරන්තරයෙන් මානසික ආතතියට පත්වෙනවා.

හේතුව තමයි සමාජය තුළ මතයක් නිර්මාණය වෙලා තියෙනවා ගර්භණී කාන්තාවන් ලබාගන්නා පිළිකා ප්‍රතිකාරයන් නිසා දරු ගැබට හානි වෙන්න පුළුවන් කියන දේ. හැබැයි විකිරණ ප්‍රතිකාර ලබාදීම තුළින් කලලයට යම් හානියක් සිදුවිය හැකි බවත් වෛද්‍යවරුන් කියනවා. ඒ නිසාම දරු ප්‍රසූතිය අවසන් වන තුරුම පිළිකා රෝගය වැලඳී ඇති ගර්භණී මවකට විකිරණ ප්‍රතිකාර සිදුකරන්නේ නැහැ.

ඒ වගේම ගර්භණී මවකට සති 14ක් පමණ ගතවන තැන කිමෝ තෙරපි ප්‍රතිකාරය සිදුකරන්නෙත් නෑ. හේතුව, ඒ තුළින්ද කලලයේ වර්ධනයට බාධා ඇතිවිය හැකි නිසා. නමුත් ගර්භණී කාලයේ අවසන් සති කිහිපය තුළ කිමෝ තෙරපි ප්‍රතිකාරය ලබාදෙන්න වෛද්‍යවරු ක්‍රියා කරනවා. හේතුව ඒ තුළින් කළලයට කිසිදු හානියක් සිදු නොවන නිසා. ඒ වගේම යම් අවස්ථාවක ගර්භණී කාන්තාවකට පිළිකාවක් නිසා සැත්කමකට භාජනය වීමට සිදුවුණත් එමගිනුත් දරු ගැබට කිසිදු හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණය අද වන විට විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා.

මීළඟ කාරණය තමයි කෘත්‍රිම ආහාර නිසා පිළිකාව වැලඳෙනවා කියන කාරණය. බොහෝ දෙනෙක් තමන්ගේ දෛනික ආහාර වේලට එවැනි ආහාර වර්ග එකතු කරගන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ නිසාම නිතර භාවිත කරන පැණි බීම, කෘත්‍රිම ආහාර වර්ග මගින් පිළිකා ඇතිවෙන්න හැකියාවක් තියෙන බවට මතයක් සමාජය තුළ පවතිනවා. හැබැයි කාබනේට් අඩංගු පැණි බීම සහ විවිධ රසකාරක අඩංගු කෘත්‍රිම ආහාර ලබාගැනීමෙන් ඍජුවම පිළිකාවක් ඇතිවෙන්නේ නැහැ කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තහවුරු කරලා තියෙන්නේ.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ පිළිකා පර්යේෂණ ආයතන විසින් බාබකිව් කරන ලද කෑම වර්ග, සොසේජස්, හැම්, බේකන් වැනි ආහාර නිතිපතා ලබාගැනීම නිසා පිළිකාවක් ඇතිවීමේ අවදානමක් තියෙන බවත් සිහිපත් කරනවා. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමුකළ යුතුමයි. නමුත් කෘත්‍රිම ආහාර පරිභෝජනය කරන සෑම පුද්ගලයකුටම පිළිකා වැලඳීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විශාල වශයෙන් බලපානවා කියන දේ අප මතක තබාගත යුතුයි.

අපි ඔබට පැහැදිලි කරන අවසාන කාරණය තමයි පියයුරු පිළිකාව නිසා දරු සම්පත් අහිමි වේවි කියන මතය. පියයුරු පිළිකාව වැලඳුණු බොහෝ කාන්තාවන්ව කිමෝ තෙරපි ප්‍රතිකාරයන්ට යොමුකරනවා. ඒ අවස්ථාවේදී කිමෝ තෙරපි ප්‍රතිකාර නිසා හෝමෝනවල වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. එවැනි කාන්තාවන්ට මාසික ඔසප්වීම නිසි ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. කිමෝ තෙරපි ප්‍රතිකාරය සිදුකරලා කාලයක් ගත වුණාට පස්සේ ඔවුන් දරු සම්පතක් ලබාගැනීම වෙනුවෙන් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. නමුත් වසර 3ක් 4ක් ඔසප් වීම සිදු නොවුණු විට ඔවුන්ට දරු සම්පත් ලබාගැනීමේ අවස්ථාව නොමැති විය හැකි බවත් වෛද්‍ය විද්‍යාව සඳහන් කරනවා.

නමුත් ඇතැම් කාන්තාවන් කිමෝ තෙරපි සිදුකරලා වසර කිහිපයකින් දරු සම්පත් හිමිකර ගැනීමත් සිද්ධ වෙලා තියෙනවා කියන කාරණය අපි මතක තබාගත යුතුමයි. මිථ්‍යා විශ්වාස මත පදනම් වෙලා කවදාවත් තමන්ට පිළිකාවක් වැලඳිලා තියෙනවා කියන දේ තීරණය කරන්න එපා. ඒ වගේම තමයි ඔබට ඔබේ ශරීරයේ වෙනදාට වඩා වෙනස්කම් දැනෙනවා නම්, යම් කිසි අපහසුතාවක් දැනෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයකු මුණගැහිලා ප්‍රතිකාර ලබාගත යුතුයි. තීරණවලට එළැඹෙන්න හිදිසි වෙන්න එපා. එවිට මිථ්‍යාවන් පසුපස හඹා නොගොස් සාර්ථක ප්‍රතිකාර ඔස්සේ තවත් බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට අවස්ථාව හිමිවේවි.

Naifm යූටියුබ් නාලිකාවෙන් උපුටාගත්තකි

SendShareShare
Previous Post

ඔක්කොම රටින් යන අතරෙ දේශපාලකයො ඉන්නේ කොහොමද I Sri Lanka Latest News

Next Post

පොළොන්නරුවෙ ජනතාවට පානීය ජලය දෙන්න මහවැලි හඟ හරස් කරයි! Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.