මෙම වසරේ අප්‍රේල් මස සිට ජූනි මස දක්වා වූ දෙවැනි කාර්තුව තුළ එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත වාර්තා පෙන්වා දෙයි. (Sri Lanka Latest News)
එම කාලය තුළදී එච්.අයි.වී ආසාදිතයන් 181 දෙනෙකු වාර්තා වී ඇති බවත් එය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 39 ක පමණ වැඩි වීමක් බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.
පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී එච්.අයි.වී ආසාදිතයන් 130 දෙනෙකු වාර්තා වී තිබේ.
මෙම වසරේ දෙවැනි කාර්තුවේ වාර්තා වූ එච්.අයි.වී ආසාදිතයන් 181 දෙනා අතර අවුරුදු 15 – 24 අතර පිරිමි 26 දෙනෙකු සහ ගැහැණු 3 දෙනෙකු සිටින බවද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
එසේම දෙවැනි කාර්තුව තුළදී ඒඩ්ස් මරණ 13 ක් වාර්තා වන බවත් මෙම වසර තුළදි මරණ 28 ක් වාර්තා වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් වාර්තාවේ දැක්වේ.
එසේම ලෝකයේ මේ වන විට එච්.අයි.වී ආසාදිතයන් මිලියන 39 ක් සිටින අතර, සෑම අවුරුද්දකම අලුතින් ආසාදිතයන් මිලියන 1.3 ක් වාර්තා වේ. එමෙන්ම පසුගිය වසරේදී ඒඩ්ස් සම්බන්ධ රෝග හේතුවෙන් හය ලක්ෂ තිස් දහසක් පමණ මියගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
lankadeepa










