හඳුනාගත් ඇස්වැසුම ප්‍රතිලාභීන් මිලියන 02 අතරින් ප්‍රතිලාභීන් මිලියන 1.5ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති අතර පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් තැන්පත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.Sri Lanka Latest News
‘අස්වැසුම’ පිළිබඳ සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සතියේ දිනවල පෙ. ව 9.00 සිට ප. ව 4.00 දක්වා සිදු කළ හැකි බවත් ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා දීමනා දැනටමත් ගෙවා ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.










