සමාජය තුළ පවතින සංකීර්ණ තත්ත්වය හේතුවෙන් මානසික රෝග ව්‍යාප්තිය ඉහළ යාමක් පෙනෙන්නට ඇති බව කොළඹ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය චතුරි සුරවීර මහත්මිය පවසනවා.Sri Lanka Latest News
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය පෙන්වා දී තිබෙන්නේ මෙරට ජනගහනයෙන් 10% ත් 15% ත් අතර පිරිසකට කුමන හෝ ආකාරයකට මානසික රෝගී තත්ත්වයක් පවතින බවයි.
ඉන් බොහොමයක් බරපතළ නොවන සුව කළ හැකි මට්ටමේ පවතින විශාදය වැනි රෝගී තත්ත්වයන් බවත් නිසි ප්‍රතිකාර නොලැබුණහොත් එම රෝගී තත්ත්වයන් ද පුද්ගලයාගේ ජීවිතය ඔහු ජීවත් වන සමාජයට අහිතකර අයුරින් බලපෑ හැකි බව ද ඇය මෙහිදී පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම මෙවැනි මානසික තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා දෙන බව පවසමින් නියමිත සුදුසුකම් සපුරා නොමැති මනෝ උපදේශකයින් විසින් ලබාදෙන ඇතැම් ප්‍රතිකාර ක්‍රම හේතුවෙන් මානසික රෝගී තත්ත්වය ඇතැම් අවස්ථාවලදී නරක අතට හැරීමට හේතු වන බව ද ඇය එහි සඳහන් කර තිබෙනවා.











