• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්බස්තල කම්බස් කළ නූතන දේවදත්තලා I Sri Lanka Latest News

August 13, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“ඉංගිරිසින්ගේ (විදේශීය) වහල්භාවයෙන් මිදී ස්වාධීනව ජීවත්වීමේ අයිතිය අපට අවශ්‍ය යැයි කෑමොරදෙමින් කැරැලි ගසමින් අරගල කරමින් වසර සිය ගණනක් තිස්සේ ගෙනගිය සටනෙන් 1948දී ලබාගත්තා යැයි කියන ඩොනමෝර් සාමි කී “වල්බූරු” නිදහස භුක්ති විඳීමට වාසනාව ලබා ඉතිරි වී සිටි වීරයෝම ඉන් අවුරුදු දෙක තුනක් ගතවෙන විටම පාලනය පිළිබඳ අපේක්‍ෂා භංගත්වයට පත්ව “සිස්ටම් චේන්ජ්” එකක් (ආණ්ඩු වෙනසක්) ගැන නැවතත් නාහෙන් අඬන්නට පටන් ගත්හ.(Sri Lanka Latest News)

ඒ අනුව ගෙනගිය ක්‍රියාවලිය නිසා 1956 දී ධනවාදයේ මිනී පෙට්ටියට අවසාන ඇණ “පොජ්ජද” පතබා (ගසා) මුළු රටම උඩුයටිකුරු කරමින් ආසියාවේ රිදී සීනුව සිංහාසනාරූඪ කර ස්ථාපිත කළ ප්‍රගතිශීලී ආණ්ඩුව “හබල්බබල්වී” ඉන් දෑවුරුද්දක් තරම් කෙටි කාලයකදී සිය නිවෙසේදීම එතුමාගේ “චක්ගෝලයින්” විසින්ම වෙඩිතබනු ලැබ පරලොව යාමටත් වඩා අරුමය ඒ සිද්ධිය වන විට ළඟම සිටි එතුමාගේ බිරිය සාක්‍ෂියක් හෝ දීමට ඉදිරිපත් නොවීමය.

ඒ සිද්ධිය රටට අර නිදහස ලැබුණා යැයි කියන දිනයේ සිට හරියටම වසර 10කට පසුවය. ඉන් නොනැවතුණු සිස්ටම් චේන්ජ්කාරයෝ සිය අභිප්‍රාය මහජනයාට බලෙං “නස්න” කරමින් එතෙක් කිසිදා නොවූවිරූ අන්දමින් ඉවක් බවක් නැතිව අධිවේගීව ගෙනගිය ව්‍යාපාරය 1971දී නැවතුණේ රටේ ලක්‍ෂයකට ආසන්න තරුණ තරුණියන් පිරිසකට වීසා නැතිවම එලොව යාමේ භාග්‍ය පහසුවෙන්ම අත්කර දීමෙනි.

ඒ අර වල්බූරු එක ලැබී වසර 21කට පසුවය.

කඳ කපා ඉවත් කළත් මුල පැළවෙන වෘක්‍ෂයක් සේ යළි පැළවී අතු ඉති විහිදුණු යථෝක්ත වංශිකයන්ගේම දෙවැනි වර සිස්ටම් චේන්ජ් වැඩේ 1989 දීත් “උඩුකුරුඤ්ඤං” වූයේ කොල්ලන් කෙල්ලන් පමණක් නොව රටේ සාමාන්‍ය මහජනයාද රාජ්‍ය සේවකයන්ද දේශපාලනඥයන්ද ඇතුළුව ලක්‍ෂයකට පමණ ආසන්න පිරිසකට අරවගේම එලොව යාමේ බලපත්‍ර අතටම ලැබීමෙනි. ඒ සුද්දන් නොමිලේම දුන් අහවල් එකෙන් වසර 41කට පසුවය.

එහෙත් ලාබෙට ලැබුණු නිදහසෙන් වසර හැත්තෑ හතරකට පසුව 2022 අපේ කොල්ලන්ගේ සිස්ටම් චේන්ජ් අරගලය ඉණිමගේ ඉහළම පඩියට ඔන්න මෙන්න කියා තිබියදී ඇද වැටුණත් එමගින් ලද ප්‍රතිලාභය සියයට හැටක් වුවත් ගේම “රෙපෝරුවී” කාක්කලාගේ මයිනලාගේ “තුරුම්බුවෙන්“ මහ පුටුවට පැන්න අය නිසා“අල ඉල්ලූ එවුන්ට පමණක් නොව නොඉල්ලූ එවුන්ටත් අම්බානට කොස් කන්න සිදුවී තිබෙන්නේමය. (අලට වඩා කොස් හොඳයි යන්න ගැමි පිරුළකි)

යුගයෙන් යුගයට ඉස්මතුවූ සිස්ටම් චේන්ජ් එක 71 සහ 89 කුරුවල් වූයේ (මට හිතෙන හැටියට) මහජනයා නොඉල්ලූ දෙයක් නොකල්හි බලහත්කාරයෙන් නස්න කිරීමට යාම නිසාය. කොල්ලන් 2022 දී අඩපණ වූයේ නිශ්චිත අරමුණක් නැතිව ආවේගය පමණක් හිතේ දරාගත් නිසායැයි සිතමි.
එහෙත් වෙලාව, කලාව, නිලාව අකුරටම තිතටම තප්පරේටම නිවැරදිව ගණනය කර මේ රටේ වසර දහස් ගණනක් එක දිගට එකම මගක,එකම අන්දමකට අඛණ්ඩව, අචින්නව පැවැත ආ සිස්ටම් එක සමුපූර්ණයෙන්ම මුලිනුපුටා දමා ඉරහඳ පවත්නාතාක් හොල්ලන්න බැරි සිස්ටම් එකක් කළ මනුස්සයකු ගැන (මනං උස්සතීතී මනුස්සෝ) ඉතිහාසයේ සඳහන් වෙනවා පමණක් නොව ඔහු වෙනුවෙන් වර්තමානයේ පවා බොහෝ රටවල මහජනයා උත්සව ද පවත්වන්නාහ.

එතුමා රජ අණින් නියම කළ දිනට මෙරටට ආවේ නැත. රජ අණටත් පිටුපා තමන්ට අවශ්‍ය නියම වෙලාව එනතුරු හත් මාසයක් කල් මැරුවේය. ඔහු ඉතිහාසය වෙනස් කළ මහින්දය. මිහිඳුය. ඔය නමින් පාහර අසම්මජ්ජාතියේ උන් කීපදෙනකු කොහේ උන්නත් මේ තෙමේ නම් තම රජකම පවා අතහැර ලෝකානුකම්පාවෙන් දිවි කැපකළ මිහිඳු මහ රහතන් වහන්සේය.

එතුමාට ධූත මෙහෙවරක් (Mission) සඳහා ලංකාවට එන්නට පිය රජතුමා (අශෝක) අවසර දී දින නියම කර දුන්නේය. එහෙත් එසේ ඒමට ඒ කාලය නොවන බව උන්වහන්සේ තීන්දු කළහ.

මේ රට (සිරි ලංකාව) ඒ කාලයේත් පාලනය කළේ පාරෙ යනවා තබා හත්අට දෙනකුගේ වාරුවෙන් මිස නැගිටින්නටවත් පණ නැති නාකි හමෙකි. නම මුටසීවය. මේ රටේ ඇතැමුන් බලා සිටින්නා සේ මිහිඳු හිමියෝද ලොක්කා වලකජ්ජං ගහනකං හත්මසක් බලා උන්හ. ඔහු මියගිය පසු රජ පැමිණි පුතා පියතිස්ස (දෙවියන්ටත් ප්‍රිය කෙනෙක්ලු) වැඩ භාරගත් පසු අදට අවුරුදු 2060කට පෙර හෙවත් බුද්ධ වර්ෂ 237 පොසොන් පුන් පොහෝ දිනයේ එතුමා ඍද්ධියෙන් (අහසින්) වර්තමානයේ අම්බස්තල නම් දාගැබ පිහිටි ස්ථානයට වැඩියේලු.

ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතුන් වහන්සේලා සහ ෂඩ්අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේ මෙන්ම අනාගාමී වූ භණ්ඩුක රාජකුමාරයා ද කැටුව උන්වහන්සේ වැඩිය බව ශ්‍රී ශීලවංශ සීලරතනාභිධාන ස්වාමින්වහන්සේ විසින් බු.ව.2511 දී සංගෘහිත කරනලද “සාසන ඉතිහාසයේ”සඳහනි.

ෂඩ්අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේ වනාහි මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණිය වූ “සංඝමිත්තා” කුමරියගේ (ගිහිකල) පුත්‍රයාය. අනාගාමී භණ්ඩුක රාජකුමාරයා මිහිඳු මහරහතන් වහන්සේ ගේ මවගේ නැගණියගේ පුතාය. මිහිඳු මහ රහතන් වහන්සේගේ ආචාර්යවරයාණෝ තිස්ස මහරහතන් වහන්සේය. තිස්ස මහරහතන් වහන්සේ මොග්ගලී යන අයගේ පුතාය.
මේ ඓතිහාසික මෙහෙවරට පැමිණි මිහින්තලයේ අම්බස්තලය වනාහි ශ්‍රී ලංකාවේ සිස්ටම් චේන්ජ් එක ආරම්භ කළ වේදිකාවයි.

මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස පැමිණි පුන් පෝ දින අනාගාමී භණ්ඩුක රාජකුමාරයා පැවිදි කර පසුව උපසම්පදාවට පත්කළ සේක. ඒ, ලංකාවේ ප්‍රථම ප්‍රවෘජ්‍යාව සහ උපසම්පදා කර්මය හඳුන්වා දුන් අවස්ථාවයි. අද ජත්‍යන්තරය පවා සලිත කරනු ලබන්නේ එදා එසේ ඇරඹි ගෞරවනීය මහා සංඝ සමාජයයි.

දෙවැනි දින රජතුමා ඒ මහා සංඝරත්නයට ආවාස පිණිස මහමෙවුනාව සඟසතු කොට පිදුවේය. ඒ අවස්ථාවේ රජු විසින් පුදන ලද සමන්පිච්ච මල් අටමිට ගත් උන්වහන්සේ ඒ මල් උයනේ විසිරවූ සේක. ඒ මල් වැටුණු ස්ථානවල මතු මත්තේ අටමස්ථානය ඉදිවන්නේ යැයි අනාවැකියක් ද ප්‍රකාශ කළ සේක. වර්තමානයේ අටමස්ථානය වශයෙන් වන්දනීය පූජනීය වන්නේ එදා එසේ නිර්මාණය කළ කර්මාන්තයයි.

ශාසන ඉතිහාසයේ සඳහන් අන්දමට උන්වහන්සේ විසින් එසේ නිශ්චිත කරන ලද ස්ථාන මෙසේය.

මාලක සීමාව පිහිටන තැන, මහා සංඝයාට පැන් පහසු කෙරෙන “ඡත්තසාරා පොකුණ පිහිටන තැන ආදී වශයෙන් ශ්‍ර්‍රී මාබෝධීන් වහන්සේ, ලෝවාමහාපාය, සාංඝික දේ බෙදනු ලබන සංඝලාභභාජක ස්ථානය, සිවුදිගින් ලැබෙන දානය මහ සඟනට වලඳවන චතුස් සාලාව, රුවන්මැලි මහාසෑය සහ තිස්ස ආරාමය හෙවත් තිස්සාරාමය (තිස්සාරාමය යනු වර්තමාන ඉසුරුමුණිය බව මතයකි. ඇතැම් ස්ථාන විවාදාපන්නව ඇත්තේ එහෙයිනි.)

ඒ, ලංකාවේ මිහින්තලේ ආරාධනා පර්වත මස්ථකයේදී උන්වහන්සේ දේවානම් පියතිස්ස රජුන් ප්‍රමුඛ මහජනතාව ත්‍රිවිධ රත්නයේ පිහිටුවා සංවර්ධනය ආරම්භ කළ අන්දමයි.

ඉන්පසු බුදු දහම රටේ ස්ථාපනය වීදැයි රජුන් විමැසූ කල නැතැයි යන පිළිතුර ලැබීමෙන් පසු රජු මාහිමියන්ගේ අනුශාසනා පරිදි ගෘහ නිර්මාණ කර්මාන්තයට (චෛත්‍ය, ගොඩනැගිලි, උද්‍යාන ආදී) බටුයේය. අනතුරුව සිද්ධස්ථාන ඉදිකිරීම දිවයින පුරා ව්‍යාප්ත විය.

ඉන් පළමුවැන්න තිස්සකීර්ති කුමාරයා විසින් කරවන ලද කුණ්ඨක චේතිය හෙවත් කොටවෙහෙරය.

චෛත්‍යයක් යනු කුමක්දෝ හෝයි නොදත් මෙරට උළුවඩු ගල්වඩු පෙදරේරු වෘත්තිකයන්ට කඳුගැටයක මුදුන සැස (රහිමින්) ඉදිකරන ලෙද අනුශාසනා කළෙන් එසේ ඉදිකෙරුණු චෛත්‍යයේ නිධන් කිරීමට ඉන්දියාවේ සාංචි ස්ථූපයේ ආකෘතිය රනින් කරවා ඒ තුළ සර්වඥ ධාතූන් තැන්පත් කළ රන් කරඬුවක් සමග වටිනා වර්ගයේ ඛනිජවලින් නිර්මිත පරිවාර කරඬු රැසක්ද ඍද්ධියෙන්ම වඩම්මවන ලදින් මිහිඳු මහරහතන් වහන්සේ විසින්ම ඒ ධාතූන් වහන්සේලා චෛත්‍ය ධාතු ගර්භයේ මහා පුණ්‍යෝත්සවයෙන් තැන්පත් කරන ලද සේක.

රඹුක්කන දැළිවළ නම් ගම් පියසේ එසේ වසර දෙදහස් තුන්සියයකට තරම් ඉහතදී තැන්පත් කළ සාංචි ස්ථූපයේ ආකෘතිය සහිත ඒ සධාතුක රන් කරඬුව පසුගියදා අපේ කාලකණ්ණි පාහරයන් විසින් සොරකම්කරන ලද්දේය.

මෙසේ ඇරඹි පුනරුදයෙන් අපට ලේඛන කලාවද හිමිවිය. බුත්සරණ, අමාවතුර වැනි ග්‍රන්ථ අපට හිමිවූයේ එහෙයිනි. එපමණක් නොව වැව් අමුණු කර්මාන්ත ආදිය පමණක් නොව අප ලද සංස්කෘතික දායාදයන්ද බෙහෙවි.

අදත් නමට පමණක් හෝ සීමා වූ ඇතැම් බුද්ධදාසලා, ධර්මදාසලා පමණක් නොව සංඝදාසලාද සිටින්නෝය. එසේ ඔවුන් ඒ නම් ගොත්වලින් බැබළෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩවදාරා ස්ථාපනය කළ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය මානව ගෝත්‍රිකයාගේ ලේ, මස්, ඇට, ඇටමිදුළුවල තවමත් නිධන්ගතව ඇති නිසා බව නොදන්නෝ බත් කන හරක් පමණි.

මේ සියල්ල ඇරඹුණේ මිහින්තලේ අම්බස්තලයෙනි. උන්වහන්සේ මෙරටේ ස්ථාපනය කළ මේ අන්දමේ ආර්ථික, සංස්කෘතික සහ සමාජමය වෙනස බුදුගුණ අලංකාරයේ සඳහන් අන්දමට දහසක් කටවල් ඇති “අනන්තකෙළ” නා රජුට විනා මේ පුහුදුන් (පෘථග්ජන අපට නම් කිසිසේත්ම විස්තර කළ නොහැක්කේමය.

නිරන්තරයෙන් දිවා රෑ සනරාමර (දෙවියන් සහ මිනිසුන්ගේ) වැඳුමට පිදුමට පාත්‍රවූ අනුබුදු (බුදුන්ට පමණක් දෙවැනි) මිහිඳු මහරහතන් වහන්සේගේ පාද ස්පර්ශය ලද, උන්වහන්සේ දෙසූ සම්බුද්ධ සද්ධර්මය වාතලයේ නිබඳවම පැතිරපවත්නා වූ නික්ලිශ්ඨ, නිර්මල, අම්බස්තලය “කම්බස්” කරන නූතන දේවදත්තයෝ ද සිටියි යැයි ශාසනමාමකව කනගාටුවෙන් වුවද පවසම්හ.

සවනක් රසින් (නීල, පීත, ලෝහිත, ඕදාත, මංජෙස්ට සහ ප්‍රභාස්වර) ගගනෝදර ඒකාලෝක වෙන කරුණා මුදිතා උපේක්ඛා පුණ්‍ය ඕඝයෙන් මිහිකත සැනහෙන, උරගුන් දරණේ සාවුන් සැතපෙන, දිවියන්ගේ කන් මියුලන්ගේ (මුවනගේ) අංදලුවෙන් කසාලන, අන්ධයන්ට පෙනීමත්, ගොළුවන්ට කථනයත්, බිහිරන්ට ඇසීමත් දායාද කෙරෙන අමාමෑණී බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපට ලැබුණු තෙමඟුල සිදුවූ දා ඒ ශුද්ධ භූමියට එළිය නොදී (විදුලිය විසන්ධි කර) අඳුරේ තබන්නට තරම් නරුම, කුරිරු, පාපිශ්ඨ හිතක් පහළ වන්නේ නම් ඒ දේවදත්තයන්ට මිස හරිහමං අප්පෙකුගෙන් හරිහමං විදිහට ජාතක වූ එකෙකුට නම් නොවන බව මෙතැන් පටන් සිහියේ තබාගත යුතුය. මොහොතක් මොහොතක් පාසා සිහිකළ යුතුය. මේ ගැන තම දුවා දරුවන්ටත්, මින්මතු මත්තේ උපදින දුවාදරුවන්ටත්, ඒ දරුවන්ගේ දරුවන්ටත්, ඒ දරුවන්ගේ, දරුවන්ගේ, දරුවන්ටත් බුත්සරණේ සඳහන් පරිදි හිස සත්කඩකට පැළීයන මහපොළොව නූසුලන මේ මහා පාපකර්මය පහදා කිව යුතුය.

දඹානේ ආදිවාසී වැද්දෝ පවා වෙසක් පොසොන් පුන් පොහෝ දිනයන්හිදී තමන්ගේ (අපේ) කපුවලැ ඇත්තා (බුදුන්) පුදන්නට මීපැණි සහ දරමිටි රැගෙන හැරමිටි ගසමින් හෝ පෝලිමේ එන්නෝය. ඒ ඔවුන්ගේ චිත්ත සන්තානයේ කපුවලැ ඇත්තා කෙරෙහි පවත්නා ගෞරවනීය භක්තිය නිසාය.

වැද්දන් එසේ වුවත් බුදුන්ගේ නමින් පෙනී සිට බුද්ධ ධර්මය ආරක්‍ෂා කරන බවට දිවුරා පොරොන්දුව සසුන් ගතව බුදුන් වහන්සේගේ ශ්‍රාවක ඝණයා (උපාසක උපාසිකා) විසින් හිස මත තබා දෝතින් රැගෙන එන ලද්දා වූ දානමාන ඛාජ්‍ය, භෝජ්‍ය, ලෙයිය, පෙයිය ආදිය පෑල අල්ලන මල්ලට දෙපෑලක් පුරවන්නාසේ කොටාබා චීන සූකරයන් සේ මහත්වූ ස්ථුලවූ ඇතැම් කලවැද්දන්ට නම් ජාති ජාතිත් මුහුදේ රළ නැගන්නා සේ පඩිසන් දෙන මේ මහා පාපකර්මය අරුණෝදය නැගෙන්නාහාම සක්‍රදේවේන්දයාගේ ජයතුරා සක්ගෙඩිය පිඹින්නා සේ පළාතම දෙපලු කර ගන්ධස්සාර කර මේරම්භවාතය පරයා අරින වාතයක් තරම් වත් වටිනාකමක් නැත්තේමය.

”සිවුපසය නොඅඩුව පතන ලබන බුද්ධං සරණං මුල්ලට දමා රාජපක්‍ෂ සරණං ගච්ඡාමි සමාදන් වන අපේ ඇතැම් ගණිංනාන්සේලාට රට කරවන තමන්ගේ එවුන් මිහින්තලේ ශුද්ධ භූමියේ ලයිට් (විදුලිය) කැපුවා තියා උත්සව පවත්වා තැන තැන පැහැරුවත් වගේ වගක් නැත. ආනන්දය, අනාගතයේදී ආහාරපාන හා අනෙකුත් සුඛවිහරණ භුක්ති විඳීමට පමණක් මේ සාසනය තුළ භික්‍ෂුන් බිහිවන්නේය. බුදුන්වහන්සේ එසේ වදාළහ. මේ, ඒ යුගයේ ආරම්භයයි.

බුරුල්ලේ අම්මට සිරිලා, උස්මුරුත් (අං) තට්ටුවේ පේතානන්දලා, ගල්බඩ පොත්තේ සාරලා ප්‍රසූත වන්නේ මේ නිසාය.

ඝණ්ටාරයේ මැද කෑල්ල සේ ප්‍රමාණිත අහවල් දේ පේන නොපෙනෙන තරමට අඳනේ අංශක විසිතුන හමාරක් උඩට ඔසවා පියා සසුන රකින්නට දිමිඝෝටලා ගෙනායුතු බවට මොරදුන් ගල්ලෙනේ ඉත්තෑනන්දලා, පිංපො ගොමුවේ බාලකලාට පමණක් නොව නා ලොවින් ගෙනා නයි නැටවූ කැලණියේ නයිකූටාඬිලාට මේ සාසන විලෝපය නොදක්නේ නෙත් අන්ධවී දෝ හෝයි කිවමැනැවි. මිහින්තලා පුදබිමේ පමණක් නොව තවත් විහාරස්ථාන ගණනාවක විදුලිය විසන්ධි කර ඇති බව මාධ්‍යවලින් පැවසිණි. මේ දවස්වලත් ඇදගෙන නාගන්නා මලයාගේ මඟුලේ දවස් තුනේ ලක්‍ෂ විසිහයේ බිල හමස් පෙට්ටියෙන් මතුවුණේ අවුරුදු දෙකකට පසුවය.

ඒ බිලක් නොලැබුණු නිසා ගෙව්වේ නැතිලු. හෝටලේකින් හොඳට කා යන විට අල්ලාගතහොත් බිලක් නොදුන් නිසා ගෙව්වෙ නෑ කීවොත් නිකං අරීද?

අර විදේශීය ඉන්ධන සමාගමක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ හිටි මලයකුගේ නමක් අනාවරණ වූ විට ඒ මම නොවේ යැයි පාර්ලිමේන්තුවේ දී පවසා “අමරාවික්ඛේප” (ආඳෙකු සේ ලිස්සා යන) න්‍යායෙන් රටට “සුංමදනා” බව පෙන්නන්නට ෂේප් වූ අන්දමට මේකෙනුත් දිරාමාර් වුණා නම් නාකද (නරකද) මලේ….?

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

RMV එකේ ලොක්කෙක් අල්ලගෙන මයිකලුයි-ආරියපාලයි හොර වාහන 430ක් ‌රෙජිස්ටර් කරන්න ගහපු ගේමේ මුල-මැද-අග හොයාගනී! වළාන දූෂණ මර්දන ඒකකය හොරු අල්ලපු හැටි මෙන්න! Sri Lanka Latest News

Next Post

දේශපාලකයන්ට වැඳවැටෙන්නෙ නැතුව, ගමට යන පාර තමන්ම හදාගත්ත හෙම්මාතගම මිනිස්සු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.