• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේවීරගෙන් පස්සෙ ජනාධිපතිවරණයට ඉල්ලූ ජවිපෙ අපේක්ෂකයා ෆේස්බුක් එකේ සටහනක් තියලා රස්සාවක් ඉල්ලයි I Sri Lanka Latest News

August 13, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සකර්බර්ග් ෆේස්බුක් සමාජ මාධ්‍ය අඩවිය නිර්මාණය කළ පුද්ගලයාය. එමෙන්ම ඔහු සමාජ මාධ්‍ය වේදිකා ගණනාවක් නිර්මාණය කර ඇති අයෙකි. එහෙත් ලංකාවේ මිනිසුන් ෆේස්බුක් පාවිච්චි කරන ආකාරය සකර්බර්ග්ට පවා සිතාගැනීමට අසීරු බව විටෙක සිතේ. කාන්සියට මහන්සියට මෙන්ම වෛරය සහ ආදරය පතුරන්නටද ෆේස්බුක් භාවිත කරන ලංකාවේ ඇත්තෝ මඩගැසීමට, කඩේ යාමට මෙන්ම මිලදී ගැනීම සහ විකිණීම යන දෙකටද ෆේස්බුක් පාවිච්චි කරන බව රහසක් නොවේ.(Sri Lanka Latest News)

තවත් අය විවිධාකාරයේ සිය පුද්ගලික අවශ්‍යතා සපුරා ගන්නටද ෆේස්බුක් භාවිත කරයි. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ බොහෝ මතක සටහන් සහිත චරිතයක් වන නන්දන ගුණතිලකද එවැනි වැඩකට සිය සමාජ මාධ්‍ය පිටුව භාවිත කර තිබිණි. ඒ, බඩ වියත රැකගැනීම සඳහා රැකියාවක් සොයාගැනීමටය.

‘ඉතා හදිසියි. කෘෂි, සත්ව පාලන, ධීවර ක්ෂේත්‍රයක රැකියාවක් අවශ්‍යයි. වසර 5ක කාලයකට. වයස 61යි…’ නන්දනගේ ෆේස්බුක් පිටුවේ පසුගිය ඉරිදා සඳහන්ව තිබුණේ මෙවැන්නකි.

ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසි නන්දන ගුණතිලක, පුනර්ජීවනයේ නගරය හෙවත් පානදුරය කේන්ද්‍ර කර සිය දේශපාලන බලළකොටුව ඉදිකර ගත්තේය. ඔහු එම පක්ෂය නියෝජනය කරමින් වසර දහයකට ආසන්න කාලයක් මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය. එහෙත් නන්දන ගුණතිලක පාර්ලිමේන්තු එන්නට පෙර රටේ දේශපාලන චරිතයක් බවට පත්වන්නේය. ඒ, 1999 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ලෙසය.

1971 අසාර්ථක කැරැල්ල නිසා බන්ධනාගාරගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර ප්‍රමුඛ නායකයන් 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන රජය විසින් අපරාධ යුක්ති කොමිසම අහෝසි කිරීම නිසා නිදහස ලැබුවේය. ඉන් අනතුරුව යළි දේශපාලනයට පිවිසි එම පක්ෂය 1982 පැවැති ජනපතිවරණයට තරග වැදුණු බව ප්‍රකට කරුණකි.

ඉන් අනතුරුව 87 – 89 භීෂණ සමයේ නිමාවත් සමග යළි දේශපාලනයට පිවිසෙන ඔවුන් 1994 ජනාධිපතිවරණයට තරග කරන්නේය. එදා ඒලෙස තරග කරන ජවිපෙ අපේක්ෂකයා වනුයේ නිහාල් ගලප්පත්තිය. ආරිය බුලේගොඩගේ මල් බඳුනෙන් තරග කර පාර්ලිමේන්තුවට තෙරී සිටි ඔහු ජනාධිපතිවරණයේදී බරපතළ පරාජයකට මුහුණ දෙන්නේය. එවර ජනපතිවරණයට මුහුණ දෙන ඔහු චන්ද්‍රිකා කුමාරණතුංග සහ ශ්‍රීමා දිසානායක යන දෙදෙනාට පමණක් නොව, හඩ්සන් සමරසිංහ, ඒ.ජේ. රණසිංහ, හරිස්චන්ද්‍ර විජේතුංග වැනි දේශපාලනඥයන්ටද පරාජය වන්නේය. එම ජනපතිවරණයේදී ඔහු ලබනුයේ ඡන්ද ප්‍රමාණය 22,749කි. එය ප්‍රතිශතයක් ලෙස පවසන්නේ නම් 0.30%කි.

ඉන් අනතුරුව නැවතත් ජනාධිපතිවරණයක් පැවැත්වෙනුයේ 1999 දීය. එවර ජ.වි.පෙ. නියෝජනය කරනුයේ මේ කියන නන්දන ගුණතිලකය. ඒ වන විට දේශපාලන පිටියේ එතරම් ප්‍රසිද්ධියක් නොතිබුණු නන්දන ගුණතිලක පාක්ෂිකයන් අතර හොඳ හිත වර්ධනය කර ගනිමින් සිටියේය. එහෙත් එම අවස්ථාව වන විටත් ජ.වි.පෙ.ය තුළ එක්තරා ආකාරයක අභ්‍යන්තර ගැටුමක් වර්ධනය වෙමින් තිබිණි. ඒ සන්නද්ධ විප්ලවයකින් තොරව බලය ලබාගැනීමට නොහැකි බවට එම පක්ෂයේ කොටසක් තුළ වර්ධනය වෙමින් පැවැති හැඟීමය.

එය නන්දනගේ ජනපතිවරණ සටනට යම් මට්ටමක බලපෑමක් ගෙන ආවද ඔහු සෙසු පාක්ෂිකයන්ගේ සහායෙන් ජනාධිපතිවරණයට මුහුණ දුන්නේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධුරයටද, රනිල් වික්‍රමසිංහ දෙවැනි තැනටද පත්වූ එම ජනපතිවරණයේ තුන්වැනියා වූයේ නන්දන ගුණතිලකය. එදා ඔහු ලද ඡන්ද ප්‍රමාණය 3,44,173කි. එදා නන්දන ගුණතිලක ලද ඡන්ද ප්‍රමාණය 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර ලද ඡන්ද ප්‍රමාණය වන 2,73,428 ඉක්මවා යෑමකි.

එමෙන්ම 1999 ජනපතිවරණයේදී නන්දන ගුණතිලක ලද ඡන්ද ප්‍රතිශතය 4.08%කි. එය 2019 ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය ලෙසින් වඩාත් පුළුල් සන්ධානයකින් ඉදිරිපත්වූ ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක ලද 3.16%ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යාමකි.

චන්ද්‍රිකා සහ රනිල්ට පමණක් දෙවැනියා වෙමින් 1999 ජනපතිවරණය නිමකරන නන්දන ගුණතිලක 2000 මහ මැතිවරණයෙන් දියවන්නාව තරණය කර පාර්ලිමේන්තුවට පිවිසෙන්නේය. එවර ජ.වි.පෙ. ජාතික ලයිස්තුවද සහිතව ආසන 10ක් දිනාගන්නා අතර කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කරන නන්දන මනාප ඡන්ද 5,628ක් ලබා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේය. 2000 පාර්ලිමේන්තුව 2001 විසුරුවා හැරීම නිසා ඔහුගේ පළමු පාර්ලිමේන්තු පත්වීම වලංගු වූයේ වසරකට මඳක් වැඩි කලකට පමණි.

යළිත් 2001 මැතිවරණයට මුහුණ දෙන ඔහු ඉන් මනාප ඡන්ද 8,312ක් ලබා නැවත පාර්ලිමේන්තුවට තේරෙන්නේය. ඉන් අනතුරුව එළැඹෙන 2005 මහ මැතිවරණයට ජ.වි.පෙ. ඉදිරිපත් වනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගතවය. එවරද කළුතරින් තරග කරන නන්දන ගුණතිලක මනාප ඡන්ද 1,35,745ක් ලබා පාර්ලිමේන්තුවට පත්වන්නේය.

එහෙත් මෙම අවස්ථාව වන විට ජ.වි.පෙ. අභ්‍යන්තර ගැටුම් කරළියට පැමිණෙමින් තිබිණි.

ජ.වි.පෙ.ට පාර්ලිමේන්තු ක්‍රමයෙන් බලය ලබාගත නොහැකි බව විශ්වාස කළ පිරිසක් පක්ෂය තුළ විය. සන්නද්ධ අරගලයකින් තොරව බලය ලබාගත නොහැකි බව ඔවුහු විශ්වාස කළෝය. එළියට ආවේ එම ගැටලුව වුවද තවත් අභ්‍යන්තර ගැටුම් රාශියක් පක්ෂය තුළ ක්‍රියාත්මක විය. වරක් කෑගල්ලෙන් පාර්ලිමේන්තුවට පත්වූ ජ.වි.පෙ. මන්ත්‍රීවරයෙක් නන්දන ගුණතිලකට පාර්ලිමේන්තුව තුළදී පහර දීමට පවා ඉදිරිපත් වූ බව වාර්තා විය.

සියලු ගැටුම් මැද ජ.වි.පෙ. දෙකඩ විය. නන්දන ගුණතිලක කෙටි කලක් විමල්ගේ ජාතික නිදහස් පෙරමුණේ සිට පසුව ශ්‍රීලනිපයට එක් විය. මේ සියලු දේ පිටුපස ජ.වි.පෙ. අභ්‍යන්තර ගැටුම මෙන්ම විරුද්ධ පක්ෂ කැබලි කර බලය පවත්වාගෙන යෑමේ මහින්ද රාජපක්ෂගේ කුප්‍රකට දේශපාලන න්‍යායද වූ බව රහසක් නොවේ. ශ්‍රීලනිපය දියකර එජාපය සදාකල් බලයේ තියාගන්නට ජේ.ආර්. ක්‍රියාවට නැංවූ තක්කඩි උපක්‍රමය පසුව චන්ද්‍රිකා විසින් ක්‍රියාවට නැංවූ අතර එය වඩාත් හොඳින් කළේ මහින්ද බව පැවසීම සාධාරණය.

ඒ ආකාරයෙන් ප්‍රතාපවත්ව නිම කළ හැකිව තිබූ සිය දේශපාලන දිවිය අම්බලම් සොයා අයාලේ යන ගමනක් බවට පත් කරගත් නන්දන ගුණතිලකගේ ඊළඟ නවාතැන වූයේ එක්සත් ජාතික පක්ෂයයි. එම පක්ෂය නියෝජනය කරමින් පානදුර මහනගර සභාවේ නගරාධිපති ධුරයට පත්වන නන්දන ගුණතිලක ලංකාවෙ කිසිම නගරයක දක්නට නැති නි‍ර්මාණයක් පානදුරට ලබාදුන්නේය. ඒ, විදුලි සෝපාන සහ ස්වයංක්‍රීය පියගැටපෙළක්, ගුවන් පාලමක් සහිත පදික මාරුවක් ගාලු පාර හරහා ඉදිකිරීමෙනි.

නිසි නඩත්තුවක් නැති නිසා කෙටි කලකින් එහි විදුලි සෝපානය සහ පියගැට පෙළ අක්‍රීයව ගියද විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් එවැනි දෙයක් ඉදිකිරීම අගය කළ යුතුය.

කෙසේ වෙතත් නන්දන ගුණතිලකගේ දේශපාලන ජීවිතය එහි අවසාන අදියරට පැමිණෙමින් තිබේ යැයි අපට සිතෙන්නේ ඔහු ෆේස්බුක් මගින් රැකියා සෙවීම නිසාය.

පක්ෂ මාරුවේ ප්‍රතිඵලයක් ලෙස ඔහු සිය දේශපාලන ජීවිතය විනාශ කරගත් බව ජ.වි.පෙ. හිතවාදීහු විග්‍රහ කරති. එහෙත් නන්දන ගුණතිලකගේ දීර්ඝ දේශපාලනයෙන් අපට පසක් කරගැනීමට ඇති සත්‍යය වනුයේ දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැතැයි ජේ.ආර්. ජයවර්ධන වරක් කළ ප්‍රකාශය බව තවත් අය පවසති. තීරණය ඔබට බාරය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සමනලේ වතුර දීලා දවස් 5ක් වුණත් තවම ගොවිබිම්වලට වතුර ලැබිලා නෑ! වගා හානිය දරුණුයි! ඇමැති අමරවීරම කියයි! I Sri Lanka Latest News

Next Post

රටේ ආර්ථික ප්‍රශ්න නිසා මානසික වෛද්‍යවරුන් හමුවට එන රෝගීන් දෙගුණයකින් වැඩි වෙලා! සායනවලට එන රෝගීනුත් දෙගුණයක් වෙලා! Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.