ජනාධිපතිවරයාට එරෙහිව අද දින පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැදවිය යුතු බවද කියා සිටියේය.Sri Lanka Latest News
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු නැති වූ නමුත් ජනාධිපතිවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අධිකරණයට යාමට ජනතාවට තිබූ අවස්ථාව නැති කළ බවකි.
එමෙන්ම මුදල් කමිටු සභාපති තේරීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා එම කමිටුවේ අසුන්ගෙන සභාපතිවරයා තේරීමට පියවර ගත් බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මීට අමතරව ඊයේ දිනයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ න්‍යාය පත්‍රයට බලපෑම් කළ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මේ හරහා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවත්,ජනාධිපතිවරයා වහාම වරප්‍රසාද කමිටුව හමුවට කැදවීමට පියවර ගත යුතු බවත් නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.










