කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (අගෝ. 8) පෙරවරුවේ හටගත් ගින්න හේතුවෙන් ඇති වූ දුමාරය ආඝ්‍රහණය වූ ඒ අවට පාසල් දෙකක දරුවන් 68 දෙනෙකු රාගම රෝහල වෙත ඇතුළත් කර තිබේ.I Sri Lanka Latest News
රාගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, ශ්වසනාබාධ ඇති වීම හේතුවෙන් එම සිසුන් මෙලෙස රෝහල්ගත කර ඇති බව ය.
කඳාන සාන්ත සෙබස්තියන් විදුහල සහ එහි බාලිකා විදුහලේ සිසු සිසුවියන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර ඇත.
ගින්න හට ගන්නා අවස්ථාවේ අදාළ ගබඩාවේ ගණකාධිකාරිවරයා ගොඩනැගිල්ල තුළ සිට ඇති අතර ඔහු ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත් විය.
ඔහු ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසීය.
ගින්න ඇති වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
කඳාන, දැවතොටුපළ පාර ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක අද උදෑසන 7.30ට පමණ මෙම ගින්න හටගෙන තිබිණි.
වැලිසර නාවික හමුදා නිලධාරීන්, මීගමුව සහ ගම්පහ ගිනිනිවීමේ ඒකකවල නිලධාරීන් ගින්න මැඩ පැවැත්වීම සඳහා පැය 2කට අධික කාලයක් දැඩි පරිශ්‍රමයක් යොදා තිබේ.










