• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකානු තානාපති කාර්යාලයේදී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමිකයකු වූ අමෙරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ ගුණ සමරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 5, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
අමෙරිකානු තානාපති කාර්යාලයේදී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමිකයකු වූ අමෙරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ ගුණ සමරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමරිකානු ජාතික දිවංගත කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා බෞද්ධ දර්ශනයේ ප්‍රබෝධය තුළින් ශ්‍රී ලාංකීය ප්‍රජාවට කළ සේවය මෙන්ම එය ලොව පුරා ව්‍යාප්ත කිරීම සදහා ලබාදුන් සහායෝගය සිහිපත් කරමින් වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2023 අගෝස්තු 02 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේ දී උත්සවයක් පවත්වන ලදී.Sri Lanka Latest News

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

තානාපති සමරසිංහ මහතා සිය පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට විවිධ අයුරින් සෙත සැලසීම, පොදු ජනතාවගේ සාමාන්‍ය අධ්‍යාපනය නගාසිටුවීම ඇතුලු දිවංගත කර්නල් ඕල්කට්තුමාගේ දූරදර්ශී හා උදාර දැක්ම සහ උත්සාහයත්, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී බුද්ධාගම දර්ශනයක් ලෙස ප්‍රචාරය කිරීමට ලබාදුන් දායකත්වයත් ප්‍රශංසාවට ලක් කළේය.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පකිස්ථානයේ නියෝජ්‍ය සහකාර ලේකම් Elizabeth Horst මහත්මියද ධවල මන්දිරයේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ මෙම අවස්ථාවට සහභාගී විය.

බංගලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා විසින් පටිගත කරන ලද වීඩියෝ පටයක් හරහා ප්‍රධාන දේශනය පැවැත්වූ අතර, බෞද්ධ ඉරිදා පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන, තරුණ බෞද්ධ සංගමය (YMBA) වැනි තරුණ සංවිධාන ආරම්භ කිරීම, බෞද්ධ ධජය නිර්මාණයට සහාය වීම සහ කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය ඇතුළු සමාජ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින් එවකට යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාවට නව ජීවයක් ලබා දුන් කර්නල් ඕල්කට්තුමාගේ අමිල මෙහෙවර අවධාරණය කළේය.

අනතුරුව විද්වත් කථිකාවක් පැවැත් වූ අතර, එය කැලිෆෝනියාවේ තපෝවනයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සභාපති, කැලිෆෝනියාවේ බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ කැලිෆෝනියාවේ “An Lac Mission” හි උප සභාපති සහ ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තපෝවනයේ පූජ්‍ය සුතධාර හිමියන් විසින් මෙහෙයවන ලදී. වොෂින්ටන් ඩී.සී. බෞද්ධ විහාර සංගමයේ සභාපති සහ ප්‍රධාන සංඝනායක, උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්යවරයෙකු මෙන්ම මහරගම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ පූජ්‍ය මහරගම ධම්මසිරි හිමියන්, මේරිලන්ඩ් බෞද්ධ විහාරයේ සභාපති සහ ප්‍රධාන සංඝනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සහ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේ බෞද්ධ නාහිමි පූජ්‍ය කටුගස්තොට උපරතන හිමියන්, දිවංගත කර්නල් ඕල්කට් මැතිතුමාගේ ඥාතියෙකු වන Silicon Valley හි පරිගණක විද්‍යා පර්යේෂකයෙකු සහ ඉංජිනේරුවකු ලෙස මෑතකදී විශ්‍රාම ගිය ඩග්ලස් ඕල්කට් මහතා සහ ඉලිනොයි හි පිහිටි ඇමරිකාවේ පරමවිඥානාර්ථ සංගමයේ සභාපති ආචාර්ය ඩග්ලස් කීන් මහතා මේ සදහා සහභාගී විය. කර්නල් ඕල්කට් තුමා සත්‍යය සොයා යන ගමන ආරම්භ කළ ආකාරයත්, ඔහු දිවයිනේ ගත කළ කාලය තුළ ශ්‍රී ලාංකීය ප්‍රජාව විශේෂයෙන්ම තරුණ පරම්පරාව දැනුවත් කිරීම සහ උද්‍යෝගීමත් කළ ආකාරයත් ඒ සදහා ඔහු විසින් ගත් කාලෝචිත මුලපිරීම් පිළිබඳවත් ව්ද්වත් මණ්ඩලය අවධානය යොමු කළහ. අන්තර් ක්‍රියාකාරී සැසිය අතරතුර ප්‍රේක්ෂකයින් විසින් ප්‍රශ්න ඉදිරිපත් කළ අතර, දිවංගත කර්නල් ඕල්කට්තුමාගේ ජීවිතය හා ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කළහ.

තානාපති කාර්යාලයේ මෙම කටයුත්ත අගය කිරීමක් වශයෙන්, ඇමරිකාවේ පරමවිඥානාර්ථ සංගමයේ සභාපතිවරයා විසින් කර්නල් ඕල්කට්තුමාගේ ඡායාරූපයක් තානාපති සමරසිංහ මහතා වෙත පිළිගැන්වීය.

මහා සංඝරත්නය නියෝජනය කරමින් කැනඩාවේ ප්‍රධාන සංඝනායක – මල්වතු පාර්ශවය සහ වොෂින්ටන් බලප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානවල නේවාසික භික්ෂූන් වහන්සේලා වැඩමකර සිටින ලදී. රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම තරුණ නියෝජනය ඇතුළත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එක්සත් ජනපද ජාතිකයන්ගෙන් සමන්විත ප්‍රජා සංගම් මෙන්ම, කර්නල් ඕල්කට්තුමා විසින් පිහිටුවන ලද පාසල්වල බාලක බාලිකා ආදි ශිෂ්‍යයන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම අවස්ථාව සියැසින් දැකබලා ගැනීම සඳහා උනන්දුවක් දක්වන පිරිස් වෙනුවෙන් මෙම වැඩසටහන සජීවීව විකාශනය කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2023 අගෝස්තු 04

SendShareShare
Previous Post

වෙන්දේසියේදී විකිණේ! මැක්‍රොන් සහ කිෂිඩා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

ඉස්කෝල ළමයින්ට දෙන වතුරවලටත් සීමා! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.