• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

වෙන්දේසියේදී විකිණේ! මැක්‍රොන් සහ කිෂිඩා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

August 5, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
වෙන්දේසියේදී විකිණේ! මැක්‍රොන් සහ කිෂිඩා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ජනාධිපතිවරු ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් විගස ඇඟිලි ගැන ගැන ඉන්නේ එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය අමතන්න නිව්යෝර්ක් යන්නටය. ඒ නිව්යෝර්ක් සංචාරය යන්නේ හරියට දිව්‍ය ලෝකේ යනවා වගේය. ඒත් ජනාධිපති වෙලා එක් වරක්වත් එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය අමතන්න නිව්යෝර්ක් නොගිය ජනාධිපති රණසිංහ ප්‍රේමදාසය. ඔහු නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ආරාධනාවක් මත 1987 ලංකාවේ අගමැති ලෙස එහි ගියේ ජාත්‍යන්තර නිවාස වර්ෂය ප්‍රකාශයට පත් කරන්නටය. ඒක ප්‍රේමදාසගේ යෝජනාවකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය එය පිළිගෙන නිවාස වර්ෂය ප්‍රකාශයට පත්කරන්න ප්‍රේමදාසට ආරාධනා කළේය.Sri Lanka Latest News

ඒ ඇරෙන්න ජනාධිපති වූ පසු වසර 04ක් ඔහුට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සම්මේලනය අමතන්න රටේ රාජ්‍ය නායකයා ලෙස යෑමට පුළුවන්කම තිබිණි. ඒත් ඔහු ගියේ නැත. ඔහු ජනාධිපති කාලයේ විදේශ සංචාර සඳහා ගියේ බංග්ලාදේශයේ සාර්ක් සමුළුවට සහ ඉන්දියාවේ බුද්ධගයාවෙ ගම්උදාවක් විවෘත කරන්න වැනි සංචාර දෙක තුනක් පමණි.

හැබැයි ලංකාවේ අද ඩොලර් එන ප්‍රධාන විදේශ විනිමය මාර්ගය වන ඇඟලුම් කර්මාන්ත සඳහා කෝටා ලබාගත්තේ නිව්යෝර්ක් හෝ ලන්ඩන් හෝ පැරිස් ගිහින් නොව ලංකාවේ සිට ඒ සඳහා දක්ෂතම නිලධාරීන් ඒ රටවලට යවලාය. ලංකාවට සෙලියුලර් දුරකතන හඳුන්වා දුන්නේ අන්තර්ජාල සබඳතා සඳහා අවශ්‍ය මූලික අඩිතාලම දැම්මේ කොළඹ-දකුණ අධිවේගී මාර්ගය හදන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් අනුමත කර ගත්තේ කිසිදු විදේශ රටකට පය නොතබා ලංකාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට නිලධාරීන් මෙහෙයවලාය.

‘විදේශ රටකට යන්න වැයවෙන කාලය වියදම් කරන සල්ලි නාස්ති කරනවාට වඩා ඒ ගැන දන්න පළපුරුදු නිලධාරීන් යවලා ටක්කෙට වැඩේ කරගන්න එක තමයි ප්‍රේමදාස මහත්තයාගේ දක්ෂකම…’

මේ, ප්‍රේමදාස ආණ්ඩුවේ හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් කී කතාවකි.

‘රාජ්‍ය නායකයෝ හම්බවෙලා අතට අත දීලා පින්තූර අරගෙන ඒවා මිනිස්සුන්ට විකුණන දේශපාලනයක් ඔහු කළේ නෑ….’

ඒ රාජ්‍ය නිලධාරියා තවදුරටත් කීවේය. ඔහු වත්මන් ජනාධිපති රනිල්ට හින්ට් එකක් ගැහුවාද දන්නේ නැත. හැබැයි රනිල් ජනාධිපති වී ගිය සංචාර දිහා බලන විට ඒ සියලු සංචාර ලෝකයම රනිල් එක්ක ඉන්නවා කියා විකුණන සංචාරය.

හොඳම නිදසුන ජපාන සංචාරයන්ය. ඔහු ජපානයේ හිටපු අගමැතිගේ අවමඟුලකට සහභාගි වෙන්න ජපානයට ගියේය. එහි ගොස් ජපාන අගමැති සහ අධිරාජ්‍යයා හමුවිය. පසුව මෑතකදී ජපානයේ මාධ්‍ය ආයතනයක් සංවිධාන කළ සම්මන්ත්‍රණයකට ගියේය. එහිදීත් ඔහු ජපාන අගමැති හමුවිය. මේ ඊයේ පෙරේදා ජපාන විදේශ ඇමැති ලංකාවට ආවේ වසර ගණනාවකට පසුව බවත් එම සංචාරයෙන් පෙන්නුම් කරන්නේ ජපානය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමට ගෝඨාගේ ආණ්ඩුව ගත් තීරණය නිසා ඇති කරගත් නොහොඳ නෝක්කාඩුව රනිල් ජපානයට ගොස් වෙනස් කර ආයෝජන සඳහා විදේශ ආධාර සඳහා රනිල් යළි ජපානය එකඟ කරගෙන ඇති බවත් ලංකාවේ මාධ්‍යවල ලොකුවට පළ විය.

රනිල් ඔහුගේ පළමු ජපාන සංචාරය ගියේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ජපානයේ සමුළුවක් කැඳවන බවට ප්‍රකාශයක් කරලාය. රනිල් ජපානයට ගොස් ඇවිත් පාර්ලිමේන්තුව අමතා ජපානය එවැනි සමුළුවක් පවත්වන්න සූදානම් බව කියද්දී එවැනි සමුළුවක් පවත්වන්න ජපානය එකඟතාව පළකළේ නැතැයි ජපාන විදේශ ඇමැති කීවේය.

රනිල් සිය දෙවැනි ජපාන සංචාරය ගොස් ඇවිත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පටන් ගන්න දැන් ජපානය සූදානම් කියා අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ලෙස එම ව්‍යාපෘතිය අනුමත කරන නිවුස් මාධ්‍යවලට දුන්නේය. නමුත් මෙරට ජපාන තානාපති කාර්යාලය කීවේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් කිසිදු ව්‍යාපෘතියක් සඳහා ජපානය අත නොගසන බවය.

ජපාන විදේශ ඇමැති ලංකාවට ආ පසු ආණ්ඩුව කීවේ ජපානය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ තවත් ව්‍යාපෘති ගණනාවක් පටන්ගන්න කැමැත්ත පළකළ බවය. ඒත් ජපානයේ මාධ්‍ය සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් යුකිතෝ ඔකාගෝ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ කීවාය.

‘ශ්‍රී ලංකාවේ නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු විශේෂ ව්‍යාපෘති ගැන කිසිදු සාකච්ඡාවක් කළේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සලකා බැලීම සඳහා ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කළා. ඒත් ජපානයට මේ වෙලාවේ වැදගත් වෙන්නේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉක්මනට අවසන් කිරීමයි. ණය බරින් පීඩිත රටකට තවත් ණය ලබාදෙන්න බැහැ….’
මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ රනිල්ගේ ජපාන සංචාර දෙකම වැඩකට ඇති සංචාර නොවන බවය. අනෙක ඇය නොකියා කියන්නේ තව ණය ගන්න කලින් අරන් තියෙන ණය බේරුමක් කරගනිල්ලා කියන එකය. ඇය තවදුරටත් කියන්නේ තව ණය ගැනීම ලංකාවට හිතකර නොවන බවය.

ඊළඟට රනිල්ගේ ආණ්ඩුව ලොකුවට කීවේ ගුවන් තොටුපළට යන පාර වසා මහ රෑ ජාමේ ඇමෙරිකාවේ සුපිරි නියෝජිත පිරිසක් ලංකාවට ඇවිත් රනිල් හමුවී ගිය බවය. නොකියා කීවේ සී.අයි.ඒ. ලොක්කා ආ බවය. සී.අයි.ඒ. තියා මොන ලොක්කා ආවත් තවම ඇමෙරිකානු ජනාධිපති බයිඩන් රනිල්ට සුබ පතලා නැත. ඒ වගේම සී.අයි.ඒ. ලොක්කා ආවා කියා කයිවාරු ගහ ගහ සිටියදී ඇමෙරිකානු සෙනට් මණ්ඩලය නිවේදනය කළේ ලංකාවේ පළාත් පාලන ඡන්දය වහාම පැවැත්විය යුතු බවය. ඒක රනිල්ට ගහපු කනේ පහරක් වැනිය.

දැන් අලුත්ම කයිවාරුව ප්‍රංශ ජනාධිපති මැක්රෝන්ගේ ලංකා සංචාරයය. පැපුවා නිව්ගිනි ඇතුළු රටවල් කිහිපයකට යන අතරතුර ට්‍රාන්සිට් එකකට තෙල් ගහ ගන්න ආපු ප්‍රංශ ජනාධිපති හමුවීමට රනිල් ගුවන් තොටුපළට ගියේය. මීට පෙර දකුණු අප්‍රිකානු ජනාධිපතිද ඔහුගේ ගුවන් යානයට තෙල් ගහගෙන ට්‍රාන්සිට් එකකට ලංකාවට ඇවිත් ගුවන් තොටුපළේ වී.අයි.පී. පර්යන්තයේ සිටියේය. එදින ඔහුගේ උපන් දිනය බව දැන රනිල් කේක් ගෙඩියක් අරන් ගුවන් තොටුපළට ගියේය. හැබැයි ප්‍රංශ ජනාධිපතිවත් දකුණු අප්‍රිකානු ජනාධිපතිවත් ගුවන් තොටුපළෙන් එළියට ආවේ නැත.

මෙලෙස රාජ්‍ය නායකයෝ ඕනෑ තරම් තෙල් ගහගන්න ට්‍රාන්සිට් සඳහා විවිධ රටවල ගුවන් තොටුපළවල වී.අයි.පී. පර්යන්තවල ගමන් මහන්සිය නිවා ගනියි. එවිට ඒ රටවල රාජ්‍ය නායකයන් වැඩනතර කරලා ඔවුන් පිළිගන්න ගුවන් තොටුපළවල් ගානේ යන්නේ නැත.

රනිල් මේ කරන්නේ ඔහු ලෝකය පිළිගන්නා නායකයෙක් ලෙස පෙන්වීමය. ප්‍රංශ ජනාධිපති මේ වන විට ප්‍රංශයේ හිටපු අප්‍රසාදයට පත් ජනාධිපති ලෙස එරට මාධ්‍ය කියයි. මේ ළඟදී පවත්වපු ජනමත සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ එරට ජනතාවගෙන් 70%ක් ඔහුව ප්‍රතික්ෂේප කරන බවය. ‘ද ගාඩියන්’ පුවත්පත කියන්නේ ඔහු ජනාධිපති මන්දිරයේ හැංගිලා සිටින බවත්, ප්‍රසිද්ධ උත්සවවලට යන්න බය බවත්ය. හේතුව ඔහු ගිය ප්‍රසිද්ධ උත්සව දෙක තුනකම ඔහුට මිනිස්සු හූ කියා ඇත.

‘ඔහු යන තැනක හූ හඬක් නොඇසුණොත් පුදුමයි…’

මේ කියන්නේ ගාඩියන් පුවත්පතය. ප්‍රංශ ජනාධිපති මේ නිසා රට ඇතුළේ යන්නේ නැතිව ලෝකෙ වටේ ගිහින් ඔහුගේ ජාත්‍යන්තර ප්‍රතිරූපය හදාගන්න උත්සාහ කරන බව එරට මාධ්‍ය කියයි. ඔහු ලොව බංකොලොත් වූ රටවල් ප්‍රංශයට ගෙනැවිත් ඒ රටවල ණය ප්‍රතිව්‍යුහගත කරන්න මැදිහත් වීමට ප්‍රංශයේ ලොකු ආර්ථික සමුළුවක් සංවිධාන කළේත් ඔහු ලෝකයේ ලොකු පොරක් කියලා පෙන්වන්නටය. ඔහු ඒ සමුළුවට ලෝකයේ සියලු රාජ්‍ය නායකයන්ට ආරාධනා කළත් ආවේ කිහිප දෙනෙකි. ලංකාවත් බංකොලොත් රටක් නිසා ලංකාවටත් ආරාධනාවක් ලැබිණි. රනිල් ප්‍රංශයට ගියේ එහෙමය. අන්තිමේ සමුළුවට ගියේ බංකොලොත් රටවල රාජ්‍ය නායකයන් පමණි.

එහෙම බලන කොට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා ඇයගේ නිල කාලය තුළ තෙවරක් ප්‍රංශයට ගොස් ඇත්තේ ප්‍රංශ ජනාධිපතිගේ ආරාධනාව මතය. එවක ප්‍රංශ ජනාධිපති ජැක් චිරාක් ඇයට ඉහළම පිළිගැනීමක් ලබාදී ඇය ප්‍රංශයේ මිතුරියක් බව ලොවට පෙන්නුවේය. ඇය ප්‍රංශයට ගොස් ජනාධිපති හමුවූයේ අනෙකුත් රටවල රාජ්‍ය නායකයන් සමග සම්මන්ත්‍රණවලට ගිහින් නොව, ඇය ලද ආරාධනාවක් මතය. එහිදී දෙරට අතර ගිවිසුම්ද අස්සන් තැබීය. ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කරනු ලැබීය. ඇය 2000 දෙසැම්බර් ගියාය. 2001 මාර්තු ගියාය. ඊළඟට 2005 ඔක්තෝබර් ගියාය.
ඒවා ඓතිහාසික සංචාරයය. තෙල් ගහගන්න ගුවන් තොටුපළට එන විට ඒ සංචාරය ඓතිහාසික සංචාරයක් නොව, ඒ රාජපක්ෂලා ආගම ජාතිය විකුණලා දේශපාලනය කළා වගේ ඒකට කියන්නේ ලෝක නායකයන් විකුණන් කෑමේ දේශපාලනය කියාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මාතා.. මහතාද.. දැන් තියෙන ලොකුම ප්‍රශ්නය? මීට වඩා රට විනාශ වෙන දේවල් ඕන තරම් කරනවා! මේ රට බංකොලොත් කරපු හොරු අරන් ගිහින් ඉස්සෙල්ලාම හිරේ දාන්න ඕන! රට බංකොලොත් කරපු සෙට් එකම තමයි ඔය මාතා මහතා අල්ලගෙන ගහන්නේ! උමාරා වෙනුවෙන් දයාසිරි පෙරට! VIDEO I Sri Lanka Latest News

Next Post

අමෙරිකානු තානාපති කාර්යාලයේදී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමිකයකු වූ අමෙරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ ගුණ සමරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

Load More
සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වර්ණනා කරමින් ගීතයක් නිර්මාණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.