• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආයෙත් අම්ම කිසි දේකට එපා මට..! මැනල ද පුතේ කිරි දුන්නේ ඈ උඹට..! I Sri Lanka Latest News

August 7, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තැන වේයන්ගොඩ පොලිසිය. වෙලාව, දවස දන්නෙ නෑ. අම්මෙක්, තවත් මනුස්සයෙක්, ඒ මනුස්සයගෙ බිරිඳ සහ ඒ අම්මගෙ පුතා මේ රූපරාමු ඇතුළේ ඉන්නවා. පසුබිමෙන් ඇහෙනවා කටහඬක්. අපි විශ්වාස කරනවා ඒ කටහඬ හිමි පොලිසියේ ස්ථානාධිපතිතුමන්ට කියලා. මේ කතාව පටන් අරගන්න තැන ගැන අපට අදහසක් නෑ. නමුත් මේ කතාවේ එක තැනකින් අපි පටන් අරගන්නවා. ඒ අම්මා ඉන්නේ අතේ ලේන්සුවක් තියාගෙන. අපි හිතනවා මේ අම්මා ඉන්නේ කඳුළු පිසදමමින් කියලා.(Sri Lanka Latest News)

පුතා ඉන්නවා බොහොම ශක්තිමත්ව අම්මා ගාවම ඉඳගෙන. නිල් පාට ටීෂර්ට් එකක් ඇඳගෙන. බොහොම හැඩිදැඩි තරුණයෙක්. අතපය හතර හොඳට තියෙනවා. අවුරුදු 45ක් කියලා ඔහු කියනවා අපට ඇහුණා. ඔහුට අවුරුදු 45ක් කියන එක ඇතුළේ අපට තේරුණා මේ අම්මගේ වයස අවුරුදු 60ට වැඩියි කියලා. ඇය දිරාපත්වෙච්ච අම්මා කෙනෙක් නෙවෙයි. හැබැයි අම්මා වයස ඇති. පිටිපස්සේ ඉන්න දෙන්නා පවුලේ ඥාතීන් විය යුතුයි.

ඒ අයත් මේ කතාවට එහෙන් මෙහෙන් මැදිහත් වෙනවා. පොලිසියේ ස්ථානාධිපතිතුමන්ට තියෙන්නේ ගැඹුරු කටහඬක්. තේජාන්විත කටහඬක්. ඔහු හරි අපූරු මනුස්සයෙක් බව අපට මේ කතාව අහගෙන ඉඳිද්දී තේරෙනවා. අපි ඔහුව දැකලාවත් නෑ. වේයන්ගොඩ ඕ.අයි.සී. මහත්තයව. ඒ ඉන්නේ ඕ.අයි.සී. මහත්තයා නෙවෙයි නම්, ඒ හඬ අයිතිකාරයා වෙන කෙනක් නම් මේ ගෞරවය ඔබ භාරගන්න.

කතාව වෙන්නේ මෙහෙමයි. පුතා කියනවා ‘මම මොන හේතුවක් නිසාවත් මේ අම්මව භාරගන්නේ නෑ. මගේ ආයෙ ඉලව් මඟුල් නෑ. මට මේ අම්මා එපා. මොන හේතුවක් නිසාවත් මට මේ අම්මා එපා. මට මගේ දරුවො තුන්දෙනයි මගේ බිරිඳවයි අතහරින්නද කියන්නේ? මට දැන් අවුරුදු 45ක්. මට ඒගොල්ලො වටිනවා. මට මෙයත් එක්ක තවදුරටත් වැඩ කරන්න බෑ. මෙයා හැමදාම මට කරන්නේ ඔහොම දේවල් තමයි. මෙයාට කන්න දුන්නම මෙයා අහල පහළ ගෙවල්වලින් ගිහින් හොදි ඉල්ලගෙන එනවා. අම්මගෙ ගොඩක් අඩුපාඩු තියෙනවා….’

අම්මා පුතා දිහා හැරිලාවත් බලන්නෙ නෑ, අම්මා පුතාට උත්තර දෙන්නෙත් නෑ. අම්මා පුතා කියන දේට මැදිහත් වෙනවා මට ඇහුණේ තැන් කිහිපයකදී විතරයි. සරලව ගත්තම කතාව මේකයි. පුතා විසින් අම්මාව අතහරින්න තීරණය කරනවා. ඒ අම්මාව ආයෙ කවදාවත් මුණනොගැහෙන්න තමයි පුතා තීරණය කරන්නේ. ‘මං මළගෙදරටවත් එන්නෙ නෑ’ කියලා පුතා කියනවා. අම්මා නිහඬව ඉන්නවා. අර පිටස්තර පුද්ගලයන් දෙදෙනා කලබල වෙනවා.

ඔවුන් කියනවා මෙයාව අල්ලලා කූඩුවට දාන්න, මෙයාට දඬුවම් කරන්න කියලා. ඕ.අයි.සී. මහත්තයා කියලා අපි විශ්වාස කරන කටහඬින් පසුබිමෙන් අපට ඇහෙනවා, ‘මොනවා කළත්, මේ ඔයාගේ අම්මා. ඔයා අද අතපය හතර තියෙන වැඩිහිටියෙක් වෙලා තියෙන්නේ මේ අම්මා නිසා. අම්මා ඔයාට වධ දුන්නා නම්, ඔයාට කරදර කළා නම් ඔයා හැදෙන්නේ ඔහොම නෙවෙයි. ඔයාගෙ අතපය නැතුව. මූණ නැතුව ඇඟපත නැතුව. ඕවා ඇදවෙලා.

ඕවා ඇදවුණා නම්, අතක් පයක් නැති වුණා නම් ඔයාට වයිෆ්ව හම්බවෙන්නේ නෑ. ඔය බිරිඳ හම්බවුණේ ඔයා අතපය හතර තියෙන, නරක පෙනුමක් නැති හොඳ මනුස්සයෙක් හින්දා. ඒ බිරිඳ නොලැබුණා නම් ඔයාට ඔය දරුවො හම්බවෙන්නෙත් නෑ. ඒ හින්දා ඔය ඔක්කොම හම්බවුණේ මේ අම්මා හින්දා. අම්මා හරි හෝ වැරැදි, අම්මලා ඉන්නේ එක්කෙනයි….’ ඒත් මේ මනුස්සයා ඒක ගණන් ගන්නෙ නෑ. ඔහු කියනවා,

‘ඔව් මං දන්නවා. මං වැරැදී කියලත් මං දන්නවා…’ කියලා. පොලිස් නිලධාරියා කියනවා, ‘ඔයාට සොබාදහම හරි දඬුවම් කරයි’ කියලා. ඔහුත් කියනවා, ‘ඔව්, මට සොබාදහම හරි දඬුවම් කරයි. මං මේ බයිසිකලේ යද්දී මාව මැරිලා යයි. මට ඒක ප්‍රශ්නයක් නෑ…’ කියලා. ඔහු අම්මව අතහරිනවා. ඒත් පොලිසිය අම්මව අතහරින්නේ නෑ. අම්මා හිත හදාගෙන බලාගෙන ඉන්නවා. කරන්න පුළුවන් දෙයක් නැති තැන ඕ.අයි.සී. මහත්තයා කියනවා ‘මට කරන්න දෙයක් නෑ. මෙයාගේ කටඋත්තරයක් සටහන් කරගෙන යවන්න.’ කියලා. කවුදෝ නෑ කෙනකුගේ නමක් කියලා ‘අම්මව අපි එයාට භාරදෙනවා’ කියලා. කතාව එතැනින් ඉවර වෙනවා. අපි නිශ්ශබ්දව මේ දිහා බලාගෙන ඉන්නවා.

අපිට හිතෙනවා මේ දේ මෙන්න මෙහෙම වුණා නම්. අද අම්මට ඇවිදින්න බෑ. අම්මට ලොකු හයියක් නෑ. අම්මට දැන් වාරු නෑ. අම්මට දැන් බෙහෙත් හේත් අවශ්‍යයි. රැකවරණය අවශ්‍යයි. මේ සේරම හරි. හැබැයි මේ පුතාට දැන් හොඳට හයිය හත්තිය තියෙනවා. ඇවිදින්න පුළුවන්.

කෑම බීම හොයාගන්න පුළුවන්. එකමත් එක දවසක මේ පුතා ඇවිදින්න බැරි කාලේ, දත් ටික නැති කාලේ, කතාකරන්න බැරි කාලේ, අම්මාගෙන් කිරි ටිකක් ඉල්ලගෙන, අම්මා ගාවට යනකොට අම්මා ප්‍රතික්ෂේප කළා නම්, ‘මට මේ පුතා එපා. මං මැරුණත් කිරි දෙන්නෑ’ කියලා මොකක් වෙයිද? මේ අම්මගෙ කුසට ඔහු ආ දවසේ අම්මා ප්‍රතික්ෂේප කළා නම් ඔහුව, ඔහුට මොකක් වෙයිද? ඉපදිලා ටික දවසකින් ඔහු ලෙඩ වුණාම අම්මා ඔහු ප්‍රතික්ෂේප කළා නම්, ඔහුට මොකක් වෙයිද? බඩගිනි හැදිලා අඬද්දී, කෑගහද්දී අම්මා ඔහුව ප්‍රතික්ෂේප කළා නම්, අල්ලගෙන ඇවිදින කාලේ වැටෙන්න යන හැම වෙලාවකම අල්ලගන්නෙ නැතුව අම්මා ඔහුව ප්‍රතික්ෂේප කළා නම්, කරදරයකදී, වේදනාවකදී, හුදෙකලා වෙච්ච දරුවව අම්මා තනි කළානම්, අතහැරියා නම්, මට ඔයා එපා කියලා තීරණය කළා නම් මොකක් වෙයිද? අපි දන්නේ නෑ.

ඒක දන්නේ ඔහු. ඔහුටත් කතාවක් ඇති. අම්මා සම්බන්ධව ප්‍රශ්න ඇති. වයසට යද්දී අම්මලා එහෙම තමයි. පුංචි කාලේ දරුවෙක් එකම දේ කීපාරක් අහනවද? ඒ වෙලාවට ඔයාට තරහා ගියොත්, ඒ වෙලාවට ඔයාට දුක හිතුණොත්, ඒ වෙලාවට ඔයාට එයාට බණින්න හිතුණොත් ඒ දරුවට ඒක තේරෙන්නේ නෑ.

පුංචි කාලේ අපි හැසිරෙන විදියට අපි සාමාන්‍යයෙන් කියනවා පොඩි ළමයි වගේ කියලා. සාධාරණයිනේ. ළමයා පොඩියි. ඒ නිසා ඔහු පොඩි ළමයෙක් වගේ හැසිරෙනවා. හැබැයි අපි වැඩිහිටියන්ගෙ කතාවෙදිත් කියනවා ඒගොල්ලො පොඩි ළමයි වගේ වෙනවා කියලා. එතකොට වැඩිහිටියා පොඩි ළමයෙක් වගේ වෙච්ච දවසට පොඩි ළමයා පොඩි ළමයෙක් වෙච්ච කාලේ අපි කරපු ආදරේම දෙන්න ඕනේ. අම්මලාට තාත්තලාට මේ විදියේ දේවල් කරන එක ගැන නෙවෙයි අපි කතා කරන්නේ.

මොකද මේවා හරිම සාමාන්‍යයි. මනුස්සකම කියන එක ගැනයි අපි කතා කරන්න අවශ්‍ය. මේ අම්මා කොච්චර අඬන්න ඇද්ද? මේ අම්මට කොච්චර රිදෙන්න ඇද්ද කියන එක නෙවෙයි. මේ දරුවා, මේ වැඩිහිටියා මේ අම්මාගේ පුතා බයිසිකලේ නැගලා ගෙදර යද්දී සතුටින් යන්න ඇද්ද? ගෙදරට ගිහින් තමන්ගේ දරු තුන්දෙනත් එක්ක සතුටින් ඉන්නවා ඇද්ද? හීනෙන්වත් අම්මව පේන්න නැතුව ඇද්ද? පුංචි කාලෙ තමන්ව ඔඩොක්කුවේ තියාගෙන අම්මා ඔළුව අතගාපු හැටි මතක් වෙනවා ඇද්ද? ඉස්කෝලෙ යවනකොට කවලා පොවලා ඔළුව අතගාලා ඇඳුම් අන්දලා ඉස්කෝලෙ යවපු හැටි මතක් වෙන්න ඇති. මතක් වෙන්නෙ නැත්නම් උන් මැරිලා ඉපදෙන්න ඕනෙ. සරලම කාරණාව මෙච්චරයි. අම්මලා ඉන්නේ එක්කෙනෙක්. අවශ්‍ය නම් බිරින්දෑවරු කිහිප දෙනෙක් අපට ගන්න පුළුවන්. හැබැයි අම්මලා ගන්න බෑ සල්ලිවලට.

අම්මට ආයෙ දරුවො ලැබෙන්නේ නෑ. බිරිඳට අවශ්‍ය නම් දැන් ස්වාමිපුරුෂයෙක් හොයාගන්න පුළුවන්. අම්මාගේ ආදරේ ගණන් හදලා බැලුවොත් අවුරුදු ගානක් දුරයි. හැබැයි බිරිඳගේ ආදරේ එච්චර දුර නෑ. බිරිඳවයි අම්මවයි තරාදියකට දාලා මනින්න එපා. ඒක මෝඩකමක්.

කේක්ද රස, පාන්ද රස කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර දෙන්න බෑ. ඒකට හේතුව කේක් එක විදියක්. පාන් එක විදියක්. පිදුරුතලාගල කන්දද ලොකු, මහවැලි ගඟද ලොකු කියලා ප්‍රශ්නයක් ඔයාගෙන් ඇහුවොත් ඒකට උත්තර දෙන්න යන්න එපා. පිදුරුතලාගල කන්ද එක විදියක්.

මහවැලි ගඟ තව විදියක්. අපි තේරුම් අරගන්න ඕනේ මේක දෙකක් බව. මේ දෙක එකක් බව හිතන්න ගියොත්, සංසන්දනය කරන්න ගියොත් තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ නිසා ප්‍රශ්න ඇතිකරගන්නෙ නැතුව ජීවත් වෙන්න මිනිස්සුන්ට උගන්වන මෙන්න මේ ඕ.අයි.සී. මහත්තයට අපි අපේ ගෞරවය පුද කරනවා. වෙන කරන්න දෙයක්වත්, කියන්න දෙයක්වත් නෑ මේ කතාව දිහා බලාගෙන හිටියට පස්සේ. අද ඒ අම්මත් කොහේ හරි ඇති.

ඒ පුතත් කොහේ හරි ඇති. අපි අන්තිමට ප්‍රාර්ථනා කරනවා දෙන්නටම සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න පුළුවන් වේවා කියලා. හැබැයි අන්තිමට කියන්න තියෙන්නේ මේ අම්මා තව අවුරුදු 50ක් ජීවත් වෙන්නේ නෑ වගේම ඒ පුතා තව අවුරුදු 100ක් ජීවත් වෙන්නෙත් නෑ. මේ අවුරුදු 25ක 30ක කාලෙකට අනිත් මිනිස්සුන්ට දුක් ගින්දර දීලා, වේදනාවල් දීලා කොහේ යන්නද අපි මේ හදන්නේ?

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මංගල දැන්වීමකින් දැනහඳුනාගෙන අවුරුදු 67ක අයකුගේ ලක්ෂ 69කට විදලා! පත්තරවල මංගල දැන්වීම්වලට උත්තර යවන්නේ බලාගෙන! I Sri Lanka Latest News

Next Post

11 ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාත් ලිප්ටන් අරගල බිමට! I Sri Lanka Latest News

MORE NEWS

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

Load More
අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට බිම්මට්ටමින් පක්ෂය ප්‍රතිසංවිධාන කරමින් සජබය ආණ්ඩු බලය අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළ දියත් කොට ඇති බව මන්ත්‍රී අජිත් පී. පෙරේරා...

Read more
සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.