සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙසට ආණ්ඩුවේ ප්‍රබලයෙක් දැනුම් දී ඇති බවට විශාල රාවයක් මේ වනවිට ආණ්ඩුව ඇතුළේ යමින් තිබේ.Sri Lanka Latest News
පසුගිය කාලය පුරාම එල්ල වී ඇති විවිධ චෝදනා හේතුවෙන් මෙම දැනුම් දීම සිදුකොට ඇති බව එම ආරංචිමාර්ග සදහන් කරයි.
කෙසේවෙතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් රඹුක්වැල්ල මහතා ප්‍රතිචාර දක්වා නොමැති බවක්ද දැනගන්නට තිබේ.
මේ පිළිබද අද දිනයේ වෙබ් අඩවි කිහිපයකම නමක් ගමක් නොමැතිව විවිධ පුවත් පළකොට ඇති බවක්ද දැකගන්නට පුලුවන.
මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කරගැනීමට අප ආණ්ඩුවේ ඉහළ තැන් කිහිපයකටම කතා කළ නමුදු ඒ කිසිදු තැනකින් අදාළ පුවත තහවුරු කළේ නැත.










