• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංරක්ෂණය කරන්න තැනක් නෑ! දෙනවා කියපු තැන හම්බවෙලත් නෑ! නැදුන්ගමුවේ රාජා අවුරුද්දයි මාස හතරක් තිස්සේ අධිශීතකරණයේ! I Sri Lanka Latest News

August 4, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සංරක්ෂණය කරන්න තැනක් නෑ! දෙනවා කියපු තැන හම්බවෙලත් නෑ! නැදුන්ගමුවේ රාජා අවුරුද්දයි මාස හතරක් තිස්සේ අධිශීතකරණයේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංරක්ෂණය කිරීම සඳහා සුදුසු ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නැදුන්ගමුවේ විජයරාජා හස්තියාගේ චර්මය වසරකුත් මාස හතරක් තිස්සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධිශිතකරණයක තැන්පත් කර තැබීමට සිදුව ඇත.Sri Lanka Latest News

මෙම හස්තියා ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මස 7 වැනිදා ය. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය​යේ කරඬුව වැඩම කරවීමට දායක වූ මෙම හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීමට තීරණය කිරීමෙන් පසු හස්තියාගේ දේහයෙන් චර්මය ඉවත් කර ඇත්තේ 2022 මාර්තු මස 16 වැනිදා ය.

සංරක්ෂණ කටයුතු වෙනුවෙන් දළදා මාලිගාවෙන් රුපියල් තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක පමණ මුදලක් සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුව රුපියල් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් ද මේ වන විට වැය කර ඇත. ඊට අමතරව දෙපාර්තමේන්තු වියදම් සඳහා තවත් රුපියල් දොළොස් ලක්ෂයකට ආසන්න මුදලක් දළදා මාලිගාවෙන් ලබා දී තිබේ.

ඇතාගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා සුදුසුම ස්ථානය ලෙස තෝරාගෙන තිබී ඇත්තේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් ලක්සල ආයතනයට බදු පදනම මත ලබා දී තිබෙන ගොඩනැගිල්ලකි. ඒ අනුව එම ගොඩනැගිල්ලේ භාණ්ඩ ඉවත් කර ගැනීමට මීට වසරකට පමණ පෙර දැනුම් දී තිබෙන නමුත් මේ දක්වා එම ගොඩනැගිල්ල කෞතුකාගාර දෙපාර්තමේන්තුවට භාර දී නැත.

මෙම ගොඩනැගිල්ල ලැබෙනු ඇති බවට තවදුරටත් අපේක්ෂාවක් නොමැති බවත් දෙපාර්තමේන්තුවට අයත් ස්වාභාවික විද්‍යා ගොඩනැගිල්ලේ ස්ථානයක හස්තියා සංරක්ෂණය කිරීමට තීරණය කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනූජා සමරසිංහ පැවසුවාය. සංරක්ෂණ කටයුතු සඳහා මාස හයකට වැඩි කාලයක් ගතවනු ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

මෙම හස්තියාගේ සංරක්ෂණ කටයුතු කල් ගත වීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලයෙන් ද පරීක්ෂණයක් පවත්වා තිබෙන අතර එම පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ මෙම ප්‍රමාදය නිසා හස්ති චර්මයේ ගුණාත්මකභාවය කෙරෙහි ද අවදානමක් පවතින බව ය. එවැනි අවදානමක් මෙතෙක් ඇති වී නැතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

නැදුන්ගමුවේ හස්තියා ජීවිතක්ෂයට පත් වන විට වයස අවුරුදු 69කි. -අරුණ

SendShareShare
Previous Post

දේශපාලකයන්ගෙන් 50%ක් දූෂිතයි! 35%ක් මෙලෝ රහක් නෑ! දැක්මක් නෑ..! කැක්කුමක් නෑ…! 15%ක් විතර තමයි බුද්ධිමත් දේශපාලකයෝ ඉන්නේ! ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා නම් ගම් එක්ක විශේෂ හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වතුර බිල වැඩි කිරීමෙන් හෝටල්වල කෑමබීමවල මිලත් ආපහු වැඩි කරයි! ‌කන්න එන අයට වැසිකිළි පහසුකම් දීමත් නවත්වයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.